එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාල සංවර්ධක සහ ක්‍රියාකරු වන Etihad Rail, ඉතාලියේ සුඛෝපභෝගී සත්කාරක සමාගමක් වන Arsenale සමඟ “එමරාති සංස්කෘතියට සහ උරුමයට උපහාර දක්වන සුඛෝපභෝගී දුම්රිය අත්දැකීමක්” ලබා දීමට ගිවිසුමක් අත්සන් කර ඇත.

සුඛෝපභෝගී දුම්රිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්​සේ ඕමානයේ දේශසීමාව දෙසටත්, මෙසෙයිරා හරහා ලිවා කාන්තාරය සහ එහි සුප්‍රසිද්ධ ක්ෂේම භූමිය හරහාත් ගමන් කරනු ඇත. සෞදි අරාබියේ The Dream of the Desert ව්‍යාපෘතියේ මෑත නිවේදනයෙන් පසුව මෙය Arsenale හි දෙවන ජාත්‍යන්තර සුඛෝපභෝගී දුම්රිය ව්‍යාපෘතිය වනු ඇත.

අබුඩාබි හි පැවති දෙදින මැදපෙරදිග දුම්රිය ප්‍රදර්ශනය සහ සමුළුවට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතාලි තානාපති ලොරෙන්සෝ ෆනාරා මහතා ඉදිරියේ මෙම ගිවිසුම අත්සන් කරන ලද අතර එහිදී එතිහාඩ් රේල් ගිවිසුම් හතකට අත්සන් තැබූ අතර එ​ය භාණ්ඩ ප්‍රවාහන හා මගී සේවා සංවර්ධනයට හේතු වේ.

Etihad Rail හි ප්‍රධාන විධායක නිලධාරී Shadi Malak පැවසුවේ: “Arsenale සමඟ අපගේ සහයෝගීතාවය ජාතික දුම්රිය ජාලය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික හා සමාජීය වර්ධනයක් ඇති කිරීමට Etihad Rail හි කැපවීම පිළිබඳ සාක්ෂියකි.”

“සුඛෝපභෝගී දුම්රිය අත්දැකීමක් ස්ථාපිත කිරීමෙන්, අපි කලාපයට අද්විතීය ලෝක මට්ටමේ දීමනාවක් හඳුන්වා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට දායක වෙමු. තවද, රටේ විවිධ උරුමයන් සහ අලංකාරය සංචාරකයන්ට ප්‍රදර්ශනය කිරීමට අපට හැකි වනු ඇත” ඔහු තවදුරටත් පැවසීය.

මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් Arsenale පැවසුවේ, “සම්පූර්ණයෙන්ම අභිරුචිකරණය කරන ලද දුම්රියක් සහිත සුඛෝපභෝගී කෲස් සේවාවක් ඇති ලෝකයේ පළමු රටවල් අතරට UAE එක්වනු ඇත.”

මෙම දුම්රිය සුඛෝපභෝගී මැදිරි 15 කින් සමන්විත වන අතර එය සුප්‍රසිද්ධ අබුඩාබි සහ ඩුබායි යන නගර, ෆුජයිරාහි ස්වභාවික ගමනාන්තය, ඕමාන් මායිමේ ඇති දර්ශණී​ය කඳු සහ ලිවා කාන්තාරය, එහි Mezeiraa දුම්රිය ස්ථානය අසල ලෝක ප්‍රසිද්ධ ක්ෂේම භූමිය ආවරණය කරයි.

ඉතාලියේ පුග්ලියා සහ සිසිලිහි පිහිටි විශේෂිත කර්මාන්තශාලා වල මැදිරි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කෙරේ. සුවිශේෂී දැනුම සහ සැලසුම්, නිෂ්පාදනය, ශිල්පීයත්වය, ගමන්වාරය අතරතුර ලබාදෙ​න ගුණාත්මක සේවාව ඉතාලි ආභාෂය අනුව ​වේ, Arsenale සඳහන් කළේය.

Arsenale SpA හි ප්‍රධාන විධායක නිලධාරී Paolo Barletta පැවසුවේ: “අබුඩාබි සහ ඩුබායි යන සුප්‍රසිද්ධ ගමනාන්තයන්ගෙන් පිටත ආකර්ෂණීය භූමි ප්‍රදේශයක් සොයා ගැනීම ප්‍රවර්ධනය කරන අද්විතීය ව්‍යාපෘතියක් සඳහා Etihad Rail සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.”

“දුම්රිය යනු සංචාරක ව්‍යාපාරයේ වර්තමානය සහ අනාගතය වන අතර, Arsenale ට අවශ්‍ය වන්නේ මෙම නව ආකර්ෂණීය සහ තිරසාර ගමනාගමන ක්‍රමය හඳුන්වා දෙමින් එය ලොව සුන්දරම ස්ථානවල​ට ලබා දීමටයි. මෙම හවුල්කාරිත්වය පෙන්නුම් කරන්නේ ආශාවට සීමාවක් නොමැති බවයි. මනඃකල්පිතයෙන් ඔබ්බට යාමට ඇති ආශාව නැවැත්විය හැකි බාධක නොමැත.”

මේ අතර, Etihad Rail විසින් Middle East Rail ප්‍රදර්ශණ​යේ 17 වැනි වාරයේදී DHL Global Forwarding සමඟ හවුල් ව්‍යාපාර සමාගමක් පිහිටුවීම ඇතුළුව තවත් ගිවිසුම් හයක් අත්සන් කරන ලදී.

  • ඒකාබද්ධ සැපයුම් සැපයුම්කරු MICCO සමඟ ගිවිසුමක්
  • මොරොක්කෝවේ ජාතික දුම්රිය ක්‍රියාකරු ONCF සමඟ අවබෝධතා ගිවිසුමක්
  • ගෝලීය තාක්ෂණික සමාගමක් වන Uber සමඟ අවබෝධතා ගිවිසුමක්
  • ඩ්‍රෝන් භාණ්ඩ ප්‍රවාහන විශේෂඥ SkyGo සමඟ අවබෝධතා ගිවිසුමක්
  • Fujairah ස්වභාවික සම්පත් නිස්සාරණය කිරීම සඳහා විශේෂිත වූ පතල් කැණීම් පහසුකම් අධීක්ෂණය කිරීම, පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන Fujairah Natural Resources Corporation (FNRC) සමඟ ගිවිසුමක්.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භ කරන ලද ජාතික දුම්රිය ජාලය, දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ප්‍රධාන වරායන් හතරක් සමඟ නේවාසික, කාර්මික සහ වාණිජ මධ්‍යස්ථාන ඒකාබද්​ධ කරමින් සියලුම එමිරේට්ස් ප්‍රදේශ සම්බන්ධ කරයි.

Share.

Comments are closed.