Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»වංචනික ක්‍රමවලට රට ගිය අය රජයේ වියදමින් ආයේ ලංකාවට ගෙන්වන්නේ නෑ
Foreign Employment

වංචනික ක්‍රමවලට රට ගිය අය රජයේ වියදමින් ආයේ ලංකාවට ගෙන්වන්නේ නෑ

Stanly KularathnaBy Stanly KularathnaMay 25, 2023No Comments6 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ රැකියා සඳහා පිටත්කර යවන ලයිස්තුවකට නම ඇතුළත් කරන බව පවසමින් මුදල් ලබාගැනීම දැන් ස්මාර්ට් හොරකමක් බවට පත්ව ඇති බැවින් එවැනි හොර තක්කඩින්ට හසු නොවන ලෙස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අදාළ මාධ්‍ය හමුව පසුගියදා පැවති අතර, දැනට කොරියාව, ඊශ්‍රායලය හා යුරෝපීය රටවලට රැකියා සඳහා යවන බව පවසමින් සිදුවන වංචනික කටයුතු සම්බන්ධයෙන්ද නීතිවිරෝධිව විදේශ ගතවී කරදරයට පත්ව ඇති පිරිස් සම්බන්ධවද කරුණු දැක්වීය. සමාජය කොතරම් දැනුවත් කළත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව විදේශ රැකියා ජාවාරම්වලට මිනිසුන් හසුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා, “රැකියා බලාපොරොත්තුවෙන් වැරදි ක්‍රමවලට විදේශ රටවලට ගිය අය තමයි අමාරුවේ වැටුණට පස්සේ තානාපති කාර්යාල ඉස්සරහට ඇවිත් විවේචනය කරන්නේ. කොයිතරම් එපා කිව්වත් සංචාරක වීසා අරගෙන රැකියාවලට යනවා. එහෙම ගිහින් අමාරුවේ වැටිලා ආණ්ඩුවේ මුදල් වලින් ආයේ එනවා. අපි ඒක නතර කළා. වංචනික ක්‍රමවලට රට ගිය අය රජයේ වියදමින් ආයේ නොගෙන්වන්න අපි තීරණය කළා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තියෙන්නේ නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ රැකියා සඳහා යන අය ආරක්ෂා කරන්න. රැකියා සොයා දෙන්න. සුභසාධනය සපයන්න. රැකියා කරලා එන අය නැවත ලංකාවට ආවට පස්සේ සමාජගත කරන්න. මිනිස් වෙළඳාම කියන විෂය විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතට ගැනෙන්නේ නෑ.

මිනිස්සුන්ගේ නොදැනුවත්කම පාවිච්චිකරලා පිටරටවලට ගෙනෙහින් අනාථ කරලා දාන එක අද ඊයේ ඉඳන් තිබුණ දෙයක් නෙවෙයි. ඒත් අපිට මිනිස් වෙළඳාම අවම කළ රටක් විදිහට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් වාර්තාවේ ඉහළට එන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒක සාධනීය තත්වයක්. රජයක් විදිහට අපි ගත් තීන්දු තීරණ ඒකට හේතුවෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි විදේශ රටවලට රැකියාවට යවනවා කියලා සල්ලි එකතු කරන එක. මහජන නියෝජිතයින්ගේ ලිස්ට් එකට දානවා කියලා ලක්ෂ දෙක තුන එකතු කරන බවට අපට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.

ඒ වාර්තාවන හැම තැනටම අපි උපාය දූතයින් යොදවලා අත්අඩංගුවට ගැනීම් කරලා තිබෙනවා. එහෙම අත්අඩංගුවට ගත්තම පැමිණිලි දාපු අය නියම සාක්ෂි නොදී ඉන්නකොට ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තිබෙනවා. මහනුවර, මතුගම, ගාල්ල, මොණරාගල, පුත්තලම වගේ ප්‍රදේශවල විවිධ අය නම් කරලා සමහර වෙලාවට රටේ ඉහළම පුටුවල නම් කියලා ඒ අයට ඇති සම්බන්ධතා කියලා අපි මේක කරලා දෙන්නම් මේ ලැයිස්තුවට දාලා දෙන්නම් කියලා සල්ලි එකතු කරනවා.

මේක දැන් ස්මාර්ට් හොරකමක් බවට පත්වෙලා. මේ හොර තක්කඩි අලුත් ක්‍රම හොයාගෙන තිබෙනවා. මේකට ණයක් හම්බවෙනවා, මූලික මුදල විතරයි ගෙවන්න ඕ​නේ කියලා, ඒකෙනුත් කොටසයි අයකරන්නේ, ඒ මුදල දැන් දෙන්න, හෙට ගිහින් බියුරෝ එකේ තැන්පත් කරන්න ඕනි කියලා පණ පිහිටුවලා කියනවා. නයෙක් ධාතු කරඩුවක් කටේ අරන් ආවය කිව්වම පිළිගන්න මිනිස්සුනේ ඒ වගේ දේවල් මිනිස්සු පිළිගන්නවා.

මේවට අහුවෙන්න එපා කියලා මම දැන් කටේ කෙළ හිදෙනකම් කියලා ඇති. කිසිම පුද්ගලයෙකුට මුදල් දෙන්න එපා කියලා. එහෙම රටේ විදේශ රැකියා සඳහා කටයුතු කරන්න අවසරය තියෙන්නේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට විතරයි. ඒ ආයතනවලටත් මුදල් ගන්න පුළුවන් වෙන්නේ නියමිත රැකියා ඇණවුමක් තියෙනවා නම් විතරයි. ඒත් රැකියාවට ගෙවිය යුතු මුදල පමණයි. එහෙම නැතුව එක එක්කෙනාගේ යාළුවො කියන අය එක එක අයට සම්බන්ධයි කියන අය අරයගේ සහෝදරයා මෙයාගේ සහෝදරයා අරයගේ පුතා එක එක අයගේ ලේකම් කියලා සල්ලි එකතු කරන ජාවාරමක් තිබෙනවා.

මේ අය සම්බන්ධයෙන් ගන්න පුළුවන් සියළු ක්‍රියාමාර්ග අපි ගන්නවා. හැබැයි මේ අය ගැන පැමිණිලි , සාක්ෂි අපිට අවශ්‍යයි. ලිඳ ළග සංගමය වගේ සමාජ මාධ්‍ය වෙනුවට අසත්‍ය නොවන නිවැරදි තොරතුරු වාර්තාකරණය අපට අවශ්‍යයි. රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් අපි ඉල්ලනවා මේ තොරතුරු නිවැරදිව වාර් තා කරන්න කියලා. නැත්නම් අපේ රටේ මිනිස්සු ගේ දොර කණකර උගස් තියලා අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ තවත් අමාරුවේ වැටිලා ජීවිතේ නැති භංගස්ථාන කරගන්නවා. විදේශ රැකියා නියෝජිතායතනයට හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට විදේශ රැකියා සඳහා බඳවාගන්න බෑ. මුදල් අය කරන්න බෑ. විදේශ රැකියා ආයතනයකින් පිට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට මුදල් දුන්නොත් අපි මොකද කරන්නේ. හොදම දේ මේවගේ දේවල්වලට අහුනොවී ඉන්න එක.

තවත් ලොකු ප්‍රචාරයක් යනවා. හැම මන්ත්‍රිටම ලිස්ට් එකක් තිබෙනවා. රැකියාවලට දාන්න කියලා. ඇතැම් මන්ත්‍රිලගේ ගෙවල්වලට මිනිස්සු යනවා. හැමතැනම මෙහෙම ප්‍රචාරයක් යනවා. මේක බරපතල තත්ත්වයක්. මේවා හිතාමතා කරන වැඩ. කිසිඳු ආකාරයකින් අපි විදේශ සේවා නියුක්ති කාර් යාංශය රැකියා මන්ත්‍රිවරුන්ට බෙදාදීමක් සිදුකරන්නේ නෑ. එහෙම කරපු ඉතිහාසයක් තිබුණා. කොරියාවේ යවනකොට මන්ත්‍රිවරුන්ගේ ලිස්ට්වලට තමයි ඉස්සර ගියේ. 2009-2010 ඉඳන් කොරියාවට යන කිසිකෙනෙක් ලැයිස්තුවෙන් යන්න බෑ. කොරියාවේ තියා කොහේවත් ලැයිස්තුවෙන් යන්න බෑ. කොරියාවට යන්න පුළුවන් භාෂා පරීක්ෂණයට ඉදිරිපත් වෙලා නිවැරදි ක්‍රමවේදයට විතරයි.

හැබැයි කියන්නේ ලැයිස්තුවට දාගන්න පුලුවන් කියලා. දේශපාලනඥයින් ඇවිත් කියනවා මෙහෙම දෙයක්වත් කරලා දෙන්න බැරිද කියලා. එහෙම කරන්න බෑ. නමුත් වංචාකාරයින්ට පුළුවන් ලිස්ට්වලට දාලා දෙනවා කියලා සල්ලි ගන්න. හැබැයි දාලා දෙන්න බෑ. ඒ නිසා මේ වගේ වංචාවලට අහුවෙන්න එපා කියලා මම කියනවා.

ඊශ්‍රායලයේ යවන්නම් කියලා කාර්යාංශයේ ඉහළ නිළධාරීන්ගේ නම් කියලා, මගේ ලේකම්වරුන්ගේ නම් කියලා මුදල් වංචාකරනවා. එහෙම කිසිම ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියාවට යවන්න බෑ. ඊශ්‍රායලට කාන්තාවන්ට විතරයි යවන්න පුළුවන්. ඒක අපේ තීරණයක් නෙවෙයි. ඊශ්‍රායල් අධිකරණයේ කාරණයක් නිසා ඇති වුණු තත්ත්වයක් නිසයි කාන්තාවන් විතරක් ඒ රටට ගන්නේ. ඒකට නිශ්චිත ක්‍රමවේදයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය ක්‍රියාත්මක කරනවා. එහෙම නැතුව වෙන කාටවත් ඊශ්‍රායලයේ රැකියාවලට යවන්න බෑ.

ඒ වගේම කොරියාවේ වෙල්ඩින් රැකියා ගැන කියලා සල්ලි එකතු කරනවා. FCAW සහතිකයක් තියෙන අයට විතරයි වෙල්ඩින් රැකියාවට කොරියාවට යන්න හැකියාව ලැබෙන්නේ. ඒකටත් බලයලත් රැකියා නියෝජිතයින් පත්කරලා තියෙනවා. එහෙම නැතුව කිසිඳු බාහිර පුද්ගලයෙකුට, දෙශපාලඥයෙකුට, ඔවුන්ගේ ලේකම් කෙනෙකුට, ඥාතීන්ට සම්බන්ධකමක් කිව්වා කියලා මුදල් දෙන්න එපා. අපිට වගකියන්න පුළුවන් වෙන්නේ විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ලියාපදිංචිය ලබපු ආයතන සම්බන්ධයෙන් විතරයි. ඊට අමතරව දැන් කොරියාවේ වෙන රටවල වතුවීසා, කෘෂිකාර් මික වීසා, සෘතුමය වීසා දෙනවා, දොඩම් කඩන්න, ස්ට්‍රෝබෙරි කඩන්න තියෙනවා, ෆාම්වල වැඩ තියෙනවා කියලා මුදල් එකතු කිරීමේ ජාවාරමක් පටන් අරන් තියෙනවා. මුදල් වංචාකරන අය පණ පිහිටුවලා කියන දේවල ඇහුවම සමහර වෙලාවට අපිත් අහුවෙනවා. විදේශ සේවා නියුකිත් කාර් යාංශය මේ වන විට වතුවීසා, කෘෂිකාර් මික වීසා, සෘතුමය වීසා වලින් රැකියා සඳහා විදේශ ගතකරන්න කිසිඳු රැකියා ඇණවුමකට අනුමැතියක් ලබාගෙන නෑ. මීට පෙර ඊශ්‍රායලයේ අපි කණ්ඩායමක් යැව්වා. ඒ අය නැවත ආවේ නෑ.

කොරියාවෙත් ජපානයෙත් එවැනි වීසා ලබාගන්න අපි සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවා. නමුත් එම රැකියා ඇණවුමක් අපි අනුමත කරන්නේ නෑ. අවශ්‍ය නීතිමය කටයුතු අවසන් කළ වහාම ඒ සම්බන්ධව අපි දැනුවත් කරන්න කටයුතු කරනවා. ඒ ඇරෙන්න ලැයිස්තුගත කිරීමක්, පුද්ගලයින් එකතු කිරීමක්, පාස්පෝට් එකතු කිරීමත් කරන්නේ නෑ. ඒ නිසා වංචනිකයින්ට මුදල් පාස්පෝට් දීලා අමාරුවේ වැටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙරටට විදේශ ශ්‍රමිකයින් ගෙනෙන විදේශ විනිමය ප්‍රේෂණ දිරිමත් කිරීම සඳහා රජය ගනු ලැබු තීරණ සාර්ථක වෙමින් ඇති බවද ප්‍රකාශ කළේය. ඒ අනුව පූර් ණ විද්‍යුත් වාහන 85කට පමණ බලපත්‍ර ප්‍රේෂණ එවූ ශ්‍රමිකයින් විසින් ලබාගෙන ඇති බවත්, ඉන් වාහන 35-40ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් එහිදී ප්‍රකාශ කළේය. විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. විදෙස්ගත ශ්‍රමිකයින් 2023 වසරේ පළමු මාස 4ක කාලය තුළ ඇමරිකන් ඩොලර් බිලියන 2ක ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර ඇති බවත්, 2023 මැයි 22 දින වන විට ශ්‍රි ලාංකිකයින් 113,798 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවී ඇති බවත්, එය විදේශ රැකියා ක්ෂේත්‍රයේ සාධනීය තත්ත්වයක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෂෙයික් මොහොමඩ් COP28 සඳහා සූදානම් වෙමින් නව ව්‍යාපෘති 78ක් ප්‍රකාශයට පත් කරයි
Next Article ඩුබායි ටැක්සි, නවෝත්පාදන සේවා බෙදා හැරීම සඳහා BIZZ ජාත්‍යන්තර සම්මානය දිනා ගනී
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.