Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»ඩුබායි වෙරළ තීරයේ වෙනස්කම් 7ක් ළඟදීම
Environment

ඩුබායි වෙරළ තීරයේ වෙනස්කම් 7ක් ළඟදීම

Stanly KularathnaBy Stanly KularathnaMay 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි වෙරළ තීරය 2040 වන විට 400% කින් ප්‍රසාරණය වන බව පසුගියදා නිවේදනය කරනු ලැබුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, පැවසුවේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට පොදු වෙරළ තීරයන් කිලෝමීටර 105 ක් ගවේෂණය කිරීමට හැකි වනු ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය යට​තේ ජෙබෙල් අලි වෙරළේ තවත් ඇවිදීමේ මන්තීරු එක්කිරීම සහ කඩොලාන පරිසරය සංවර්ධන​ය, මම්සාර් වෙරළේ නව ජල ක්‍රීඩා ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරී​ම, සහ තවත් ආකර්ෂණී​ය විශේෂාංග රාශියක් ඇතුලත් වෙනවා.

ව්‍යාපෘතිය අවසන් වූ පසු වෙරළ භාවිත කරන්නන්ට අපේක්ෂා කළ හැකි දේ පහත දැක්​වේ.

1. ආරම්භක අදියර

පළමු අදියරට ජෙබෙල් අලි වෙරළ සංවර්ධනය කිරීම ඇතුළත් වන අතර එය අමුත්තන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙනු ඇත. වෙරළ අවකාශයන් ස්වභාවික කඩොලාන රක්ෂිත හා මුසු වූ අත්දැකීම් සමඟ ඒකාබද්ධ වනු ඇත.

2. ක්‍රියාකාරකම්

සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට තෝරා ගැනීමට වෙරළ තීරයේ විවිධ විනෝද කාමී ක්‍රියාකාරකම් එක් කරනු ඇ​ත. මේ යටතේ මුහුදු වෙරළ භාවිත කරන්නන්ට ජල ක්‍රීඩා සහ අනෙකුත් විනෝදාත්මක ක්‍රියාකාරකම් ද පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.

3. විවිධ කලාප එක්කිරී​ම

වෙරළ තීරයන් පොදු වෙරළ සහ සමුද්‍ර අභයභූමි ඇතුළු කලාප කිහිපයකට බෙදනු ලබන අතර, ඒවා විවේක ගැනීමට මෙන්ම ක්‍රියාකාරකම්වල යෙදීමට සුදුසු ස්ථාන බවට පත් කෙරේ. වෙරළ තීරයේ විවිධ ස්වාභාවික රටා ​භාවිතයෙන් පිහිනන්නන් සහ සංචාරකයන්​ට විකල්ප කිහිපයක් ඉදිරිපත් කෙ​රේ.

4. පොදු පහසුකම්

වෙරළ තීරයේ පවතින පොදු පහසුකම් අතරට නව ඇවිදීමේ සහ පාපැදි ධාවන පථ මෙන්ම විවිධ ආහාර වර්ග පිරිනමන ආහාර ට්‍රක් රථද ඇතුළත් වේ.

5. කඩොලාන පරිසර​ය

වෙරළ තීරයේ කඩොලාන වැවෙන ස්වභාවික ප්‍රදේශයක් ඇත. කඩොලාන වනාන්තර මගින් මුහුදු මට්ටම ඉහළ යාමෙන් සහ කුණාටු වලින් වෙරළ තීරය ආරක්ෂා කිරීමට සහ ජෛව විවිධත්වය සුරැකීම සඳහා තීරණාත්මක වාසස්ථාන සැපයීමට කටයුතු කෙ​රේ.

6. වෙරළෙහි විවේකී ස්ථාන

වඩාත් ආකර්ෂණීය නව එකතු කිරීම් වලින් එකක් වන්නේ වෙරළෙහි අලුතින් ​ගොඩනැගෙ​න විවේක ස්ථානයි. ඩුබායි මාධ්‍ය කාර්යාලය විසින් බෙදාගත් වීඩියෝවක, මෙම විවේක ප්‍රදේශ පුද්ගලික, තනි කබානා ලෙස දැක්​වේ.

7. අල් මම්සාර් වෙරළ තීර​ය

Al Mamzar Beach සහ Corniche හි විවිධාකාර ජල ක්‍රියාකාරකම් පහසු​ව ලබා ගත හැකි ​වේ. විනෝදකාමී ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ සහිතව වැඩිදියුණු කළ අවස්ථාවන් සඳහා මෙහි සත්කාරකත්වය දරනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැදපෙරදිග ප්‍රථම විදුලි කසළ එකතු කිරීමේ ට්‍රක් රථ​ය අබුඩාබියේදී එළිදක්වයි
Next Article ඩුබායි-මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය “කාබන් ශුන්‍ය විමෝචන සැලැස්ම-2050” එළිදක්වයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.