Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායි-මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය “කාබන් ශුන්‍ය විමෝචන සැලැස්ම-2050” එළිදක්වයි
RTA

ඩුබායි-මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය “කාබන් ශුන්‍ය විමෝචන සැලැස්ම-2050” එළිදක්වයි

Stanly KularathnaBy Stanly KularathnaMay 29, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා පොදු ප්‍රවා​හනය සඳහා “කාබන් ශුන්‍ය විමෝචන සැලැස්ම –  2050” උපාය මාර්ගය ක්‍රියාත්මක කල අතර ​එමගින්, අපද්‍රව්‍ය කළමනාකරණය සහ ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත පහසුකම් හරහා කාබන් වි​මෝචන​ය අවම කිරීම බලාපොරොත්තු ​වේ.

මෙහිදී සියලුම කුලී රථ කාබන් වි​මෝචන​ය අවම කිරීම සාක්ෂාත් කර ගැනීම අධිකාරියේ අරමුණයි. මෙම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම තුලින්

ලිමොසීන් සහ පොදු බස් රථ වෙතින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම, ශුන්‍යයට ආසන්න බලශක්ති පරිභෝජනයක් සහිත ගොඩනැගිලි සැලසුම් කිරීම, පුනර් ජනනීය ප්‍රභවයන්ගෙන් බලශක්තිය ලබා ගැනීම සහ නාගරික අපද්‍රව්‍ය, කාබන් ශුන්‍ය අපද්‍රව්‍ය ලෙ​ස ගොඩකිරීම් වෙත යැවීමට කටයුතු සිදුකෙරෙනවා.

කුලී රථ සහ බස් රථ

මෙම මුලපිරීමේ කොටසක් ලෙස, 2030 වන විට පොදු ප්‍රවාහන බස්රථවලින් 10% ක් පමණ විද්‍යුත් සහ හයිඩ්‍රජන් බවට පරිවර්තනය කිරීමට නියමිත අතර, එය 2035 දී 20% ක්, 2040 දී 40% ක්, 2045 දී 80% ක් සහ අවසානයේදී 2050 වන විට 100% කි.

2030 වන විට කුලී රථ සහ ලිමොසීන් 30% ක් විදුලි හා හයිඩ්‍රජන් වාහන බවට පත් කෙරෙන අතර, එය 2035 වන විට 50% දක්වා සහ 2040 වන විට 100% දක්වා වැඩි කෙරේ.

ඒ හා සමානව, ඩුබායි ටැක්සි කෝපරේෂන් හි පාසල් බස්රථවලින් 10% ක් 2030 වන විට විද්‍යුත් සහ හයිඩ්‍රජන් ද, 2035 දී 30% ක්, 2040 දී 50% ක්, 2045 දී 80% ක් සහ 2050 වන විට 100% ක් වනු ඇත.

2030 වන විට නාගරික අපද්‍රව්‍ය සියයට 100% ක් නැවත භාවිත කර ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සැලැස්මක් ද අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ඇති අතර එමඟින් නාගරික අපද්‍රව්‍ය කසළ ගොඩකිරීම් සඳහා ශුන්‍ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම මෙන්ම 2050 වන විට එහි ගොඩනැගිලි සහ පහසුකම්වල ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය භාවිතය 40% දක්වා වැඩි කරයි.

2014 සිට 2022 දක්වා RTA හි බලශක්ති සහ හරිත ආර්ථික මුලපිරීම් දළ වශයෙන් ගිගාවොට්-පැය 360 කින් විදුලිය ඉතිරි කර ගැනීමට සහ ගැලුම් මිලියන 300 ක ජල ඉතිරියක් මෙන්ම පෙට්‍රල් ලීටර් මිලියන 88 ක් සහ ඩීසල් ලීටර් මිලියන 10 ක් පමණ ඉතිරි කිරීමට දායක වී තිබේ. මෙය කාබන්ටොන් 416,000ක සමාන විමෝචනයක් වැලැක්වීමට සමාන වන අතර, ආසන්න වශයෙන් ඩිරාම් මිලියන 420 ක ඉතිරියක් ලබා දෙයි.

“නව උපායමාර්ගය වසර පහක් පුරා ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට දායක වන පුද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වයට අමතරව විවිධ RTA අංශ සහ නියෝජිතායතන ආවරණය වන පරිදි මුල පිරීම් දහයක් ඇතුළත් වේ. උපායමාර්ගය වෙනස්වන තත්වයන් සමඟ අනාගත ඉලක්ක සමාලෝචනය කිරීම, සකස් කිරීම සහ පෙළගැස්වීම සිදු කරනු ඇත,” RTA හි අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති Mattar Al Tayer පැවසීය.

“මෙම උපායමාර්ගය සහ මුලපිරීම්, ඩුබායිහි කාබන් අඩු කිරීමේ උපායමාර්ගය 2030, පිරිසිදු බලශක්ති උපායමාර්ගය 2050, ඩුබායි ඉල්ලුම් කළමනාකරණ උපායමාර්ගය 2030, ඩුබායි හි කසළ කළමනාකරණ සැලැස්ම, ඩුබායි දේශගුණික විපර්යාස අනුවර්තනය වීමේ උපායමාර්ගය සහ වෙනත් අදාළ උපාය මාර්ග, වැනි දේශීය මූලාරම්භයන් සමඟ සම්බන්ධ වේ.” Al Tayer වැඩිදුරටත් පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි වෙරළ තීරයේ වෙනස්කම් 7ක් ළඟදීම
Next Article UAE හි මාර්ග සංඥා පාලනය සහ මාර්ග තදබදය අඩු කිරීමට Google කෘතිම බුද්ධි​ය
Stanly Kularathna

Related Posts

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.