දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශ විශේෂ විමර් ශන අංශයේ අත්අඩංගුවට පත්විය.

2022 වර් ෂයේ මෙරටට පැමිණ ඇති අදාල දකුණු කොරියානු ජාතිකයා, සිය පුත්‍රයා සතු කොරියානු කර් මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවට වාර් තා වේ. විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ විශේෂ විමර් ශන අංශයට ලැබුණු පැමිණිලි මත මොහු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

විසිතුරු මත්ස්‍ය අපනයනය ආශ්‍රිත ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාරික වීසා මත අදාළ දකුණු කොරියානු ජාතිකයා මෙරටට පැමිණ ඇතත්, ඊට අවශ්‍ය නීතිමය අවසරය නොලැබීමෙන් පසු මෙසේ රැකියා සඳහා තරුණයින් යොමුකරන බව පවසමින් මුදල් ලබාගෙන ඇතැයිද වාර් තා වේ.

සංචාරක වීසා මගින් මෙරට පුද්ගලයින් දකුණු කොරියාවට පිටත්කර යවා එරටදී රැකියා වීසා ලබාදෙන බවට ඔහු විසින් මුදල් ගනු ලැබූ තරුණයින් වෙත පොරොන්දු වී තිබෙනවා.

Share.

Comments are closed.