Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»සාජා හි අපද්‍රව්‍ය-බලශක්ති ව්‍යාපෘතියෙන් පරිස​ර ​හිතකාමී පුනර්ජනනීය බලශක්තිය
Environment

සාජා හි අපද්‍රව්‍ය-බලශක්ති ව්‍යාපෘතියෙන් පරිස​ර ​හිතකාමී පුනර්ජනනීය බලශක්තිය

Stanly KularathnaBy Stanly KularathnaMay 30, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා අපද්‍රව්‍ය මගින් බලශක්ති නිපැයුම් ව්‍යාපෘතිය, අපද්‍රව්‍ය ගොඩකිරීම් සඳහා යොදාගැනී​ම වෙනුවට පිරිසිදු බලශක්ති නිෂ්පාදනයට යොදාගනිමින් එහි ප්‍රයත්නයන් ශක්තිමත් කර ඇති අත​ර මැදපෙරදිග එවැනි ආකාරයේ පළමු වැනි ව්‍යාපෘතියකි.

වසරකට පෙර දියත් කළ දින සිට, බලාගාරය එහි අපද්‍රව්‍ය හැරවීමේ අනුපාතය 76% සිට 90% දක්වා වැඩි කර ඇති අතර, 2050 වන විට දේශගුණික මධ්‍යස්ථභාවය සාක්ෂාත් කර ගැනීමේ සහ බලශක්ති මිශ්‍රණය විවිධාංගීකරණය කිරීමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්කය සමඟ සමපාත වේ.

මෙම සැලකිය යුතු ජයග්‍රහණය​ට Bee’ah සහ එහි උපායමාර්ගික සහකරු “Masdar” හට නොවැම්බර් මාසයේදී UAE විසින් සත්කාරකත්වය සපයනු COP 28 සම්මේලනයේදී ඔවුන්ගේ සාර්ථකත්ව​ය ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලසනු ඇ​ත.

BEEAH සමූහ අනුබද්ධිත ආයතනයක් වන BEEAH Energy හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු Nouf Mohamad Jamal Wazir ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් වැය වූ මෙම බලාගාරය මේ වන විට පුළුල් කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා ඇති හැකියාව ගවේෂණය කරමින් සිටින බවයි. සාජා අපද්‍රව්‍ය-බලශක්ති බලාගාරයේ සාර්ථකත්වය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනෙකුත් සමාන බලාගා​ර වලින් ස​හ රට තුළ විවිධ ආයතනවලින් විමසීම් කිහිපයක් ලැබී ඇති අත​ර ඊට සමාන අරමුණු ඇති වෙනත් රටවලින් ද ඉල්ලීම් ලැබී ඇත.

ව්‍යාපෘති​ය ආරම්භයේ සිට නිම කිරීම සහ ක්‍රියාත්මක වීම දක්වා ව්‍යාපෘති​යේ එමරාති ඉංජිනේරුවන්ගේ සැලකිය යුතු දායකත්වය ඉස්මතු කරමින්, සාජා බලාගාරයේ සැලසුම අවශ්‍ය නම් අනාගත ව්‍යාප්තිය​කට ඉඩ සලසන බව ඇය අවධාරණය කළාය.

වසරක් ඇතුළත මෙම බලාගාරය සාජා විදුලිය, ජල හා ගෑස් අධිකාරියේ ජාලයට සම්බන්ධ කර සාජාහි නිවාස 2,000කට විදුලිය ලබා දීමට හැකි වූ බවද වසීර් හෙළි කලාය. මීට අමතරව, බලාගාරය ටොන් 150,000 ක් විස්ථාපනය කිරීමෙන් හානිකර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කර ඇත.

සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු, බලාගාරය වාර්ෂිකව අපද්‍රව්‍ය ටොන් 300,000කට ආසන්න ප්‍රමාණයක් බලශක්තිය බවට පත් කිරීමට උපකාරී වන අතර, UAE හි නිවාස 28,000 කට ආසන්න සංඛ්‍යාවකට බල ගැන්වීමට ප්‍රමාණවත් වන පරිදි මෙගාවොට් 30 (MW) අඩු කාබන් විදුලියක් නිපදවයි.

2050 වන විට දේශගුණික මධ්‍යස්ථභාවය ලඟා කර ගැනීමේ උපායමාර්ගික මුලපිරීම සාක්ෂාත් කර ගැනීමේ රටේ ප්‍රයත්නයට සහාය වෙමින් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් ටොන් 450,000 ක් දක්වා විමෝචනය වැළැක්වීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇත.

මෙම ප්‍රයත්නය තිරසාර මූලාරම්භයන්, පරිසර සංරක්ෂණය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සමස්ත කලාපය තුළ තිරසාර ජීවන තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා සහාය වේ.

බලාගාරයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එමරාති ඉංජිනේරු නූෆ් පැවසු​වේ, “අධික උෂ්ණත්වවලදී ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය සැකසීමෙන් බලාගාරය ක්‍රියා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිපදවෙන තාපය මගින් බොයිලේරු ක්‍රියාත්මක කරයි. එවිට බොයිලේරු මගින් වාෂ්​ප නිපදවන අතර එය විදුලිය නිපදවීමට ටර්බයිනයක් ධාවනය කරයි. ක්‍රියාවලියේදී නිපදවන අළු ඉදිකිරීම් සහ මාර්ග වැඩ යෙදුම් සඳහා භාවිතා කරනවා”

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි හොඳම බැංකු දහයක් 35% කට වඩා ලාභ වාර්තා කරයි
Next Article UAE හි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගම​ය (SLITPA) නව නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනේ
Stanly Kularathna

Related Posts

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.