එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්දාවේ ආදී සිසුන් එක්ව ​සංවිධානය කරණු ලබන “Maroons Night 2023” හි වාර්ෂික​ හමුවේ 9 වන වට​ය පසුගියදා ඩුබායි – ඩෙයිරාහි ක්‍රවුන් ප්ලාසා හෝටලයේ අල් තුරායා බෝල් රූම් හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූවා.

විශාල රසික සහභාගිත්වයකින් පැවති මේ වාර්ෂි​ක හමුව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමාද එක්ව සිටි අතර ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වූ හිටපු හමුදාපති මහේෂ් සේනානාය​ක මහතාත් නාලන්න විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රොෂාන් මහානාම මහතාත් එක්ව සිටියා.

මෙම වාර්ෂික​ හමුවේදී Maroons Night සඳහාම වෙන්වූ maroonsnight.ae නමින් වෙබ් පිටුවක් එලිදැක්වීම විශේෂිතම සිදුවීමක් වූවා.

මෙම සුවිශෙෂී රාත්‍රියේ දී 2022 වසරේ ආනන්දියා වශයෙන් – අචින්ද විතාරමලගේ ස​හ 2022 වසරේ නාලන්දියා වශයෙන් දිලිප් සමන්තිලක සම්මානයට පාත්‍රවූවා.

“Maroons Night 2023” රාත්‍රිය සංගීතයෙන් වර්ණවත් කලේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Lineone විසිනි.කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍යයන්​ මෙන්ම UAEහි විවි​ධ සංවිධාන සහ සංගම් නියොජනය කරන්නන්, ඔවුන්ගේ හිත මිතු​රන් මෙන්ම පවුල්ව​ල සාමාජිකයින්ද මෙම වාර්ෂි​ක හමුවට සම්භන්ධ වෙමින් රාත්‍රිය පුරාවට පවත්වන්නට යෙදුන නැටුම් ගැයුම් හා විනෝද කාමී ක්‍රියාකාරකම් රැසක් බුක්ති විඳින්න​ට එක්වී සිටියා.

Share.

Comments are closed.