එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය (SLITPA-UAE) යනු මීට වසර දෙකකට පෙ​ර ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි වූ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්​ට විශාල සේවයක් ඉටුකරණු ලබන සංවිධානයකි.

මෙම සංගමය 2023 මැයි 27 වැනි දින ඩුබායි හි Fortune Plaza හෝටලයේදී ඔවුන්ගේ 2 වැනි වාර්ෂික මහා සභා රැස්වීම (AGM) පැවැත්වූවා.

මෙහිදී සභාපති චමිල් මෙන්ඩිස් මහතා වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළ අතර භාණ්ඩාගාරික භවනාදන් පද්මනාදන් මහතා වාර්ෂික මූල්‍ය වාර්තාව ඉදිරිපත් කරණු ලැබුවා. මෙම සභාව ඩිම්පල් ද සිල්වා මහත්මි​ය විසින් මෙහෙයවූ අතර ඉවත්ව යන විධායක කමිටුවට ස්තුතිය පුද කරමින් විධායක කමිටුවේ පුරප්පාඩු වූ තනතුරු 16 සඳහා ලැබුණු නාමයෝජනා ප්‍රකාශයට පත් කළේය.

ඉන් අනතුරුව, ඉදිරි වසර දෙක සඳහා (2023-2025) නව නිලධාරී මඩුල්ලක් පත්කරගැනීම සිදුවූවා.

තේරී පත් වූ විධායක කමිටුව පහතින්

සභාපති : කුමින්ද චන්දමිත් ලියනගේ මහතා

ලේකම් : අංජුල මල්ෂාන් මහතා

භාණ්ඩාගාරික : පෙට්රා ජෙසිකා සැමුවෙල් මහත්මිය

උප සභාපති : ඉන්දික පරණවිතාන මහතා

සහකාර ලේකම්: කිරුබානන්දන් සුන්දරම් මහතා

සහකාර භාණ්ඩාගාරික : මොහොමඩ් එස් රාෆි ලෆීර් මහතා

සාමාජික කමිටුව : තිෂාන් ගුණසේකර මහතා, මොහොමඩ් රිස්වාන් රසීක් මහතා

උත්සව කමිටුව : සාබීර් ඉස්මයිල් මහතා, දනූෂ රංචිගොඩ මහතා

ව්‍යාපාර සංවර්ධන කමිටුව : ඩේමියන් හල්පේ මහතා, අචින්ත පෙරේරා මහතා

CPD කමිටුව: දිලුම් ප්‍රනාන්දු මහතා, තරිඳු ගුණරත්න මහතා

මාධ්‍ය කමිටුව : නිමේෂ් මධුශංක මහතා, ලක්ෂිත සෙනෙවිරත්න මහතා

පසුගිය වසර දෙකක කාලසීමාව තු​ළ SLITPA මගින් ඉටුකල ප්‍රධාන කාර්යභාරයන් අතර සංගමයේ සාමාජික සංඛ්‍යාව 170 සීමාව දක්වා වැඩිකරගැනීම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම් සමග සාර්ථක ව්‍යාපාර හමුවීම් සහ නව ව්‍යාපාර මුලපිරීම් සඳහා කටයුතු කිරී​ම, න​ව අධ්‍යාපණික ව්‍යාපෘතීන් ආරම්භ කිරීම සහ න​ව රැකියා අවස්ථාවන් උදාකරදී​ම ඇතුලත් වෙනවා.

Share.

Comments are closed.