එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහන සුභසාධක සංගමය, Faith Healthcare Group සහ MED7 Clinic සහයෝගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ප වත්වනු ලබන දෙදින වෛද්‍ය කඳවුර
ජුනි 03 සහ 04 දෙදින ඩෙයිරා මුරක්කාබාත් හි Medze Clinic හි පෙ.ව. 10:00 සිට ප.ව. 4 දක්වා පැවැත්වෙනවා.
මෙම වෛද්‍ය කඳවුරේදී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාසහනදායී මිලකට තෝරාගත් වෛද්‍ය පරීක්ෂාවන් කරගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.
එහිදී ඔබට නොමිලේ
- වෛද්‍ය උපදේශණ සේවය
- රුධිර පීඩන පරීක්ෂාව,
- රුධිරගත සීනි පරීක්ෂාව කරගතහැකියි
ඩිරාම් 15 කට
- රුධිරගත කොලෙස්ටරෝල් පරීක්ෂාව (අවම වශයෙන් පැය 12ක් නිරාහාරව සිට පැමිණිය යුතුයි)
- යූරික් ඇසිඩ් පරීක්ෂාව
- EGFR පරීක්ෂාව
- ක්රියැටිනින් පරීක්ෂාව කරගතහැකියි
ඩිරාම් 49 කට
- විටමින් Dපරීක්ෂාව කරගතහැකියි
මෙම කඳවුර විශේෂයෙන් ශ්‍රී ලාංකික ඔබ සඳහා පමණක් සංවිධානය කර ඇති බැවින් කරුණාකර ඔබගේ ජාතිකත්වය / අනන්‍යතාවය ඔප්පු කිරීමට හැකි ඕනෑම හැඳුනුම්පතක් හෝ පිටපතක් රැගෙන එන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
වැඩි විස්තර සඳහා 050 481 8225 – 04 238 0924