සම්මාසම්බුදු රජානන්ගේ දහම් පණිවිඩ​ය ශ්‍රී ලංකාදීප ධරණිතලය​ට රැගෙන ආ පින්වත් පොසොන් පොහොය දින​යේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්​සේගේ සහ සුනාපරන්ත දේශයේ පුන්නමහ රහ​තන්වහන්සේ​ගේ අසිරිමත් ගුණවරුණ සම්බුද්ධ පූජාව සහ ධර් ම දේශනය ඇතුලත්

සම්බුද්ධ ශ්‍රාවකාභිවන්දනා කෘතගුණ සැළකීමේ මහා පින්කම

2023 ජූනි මස 03 වන සෙනසුරාදා සවස 7:00 සිට 9:00 දක්වා

ඩුබායි ලී මැරිඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

මෙම පුණ්‍යකර්මය සංවිධානය කෙරෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ප්‍රධාන සංඝණායක සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර විහාරාධිපති අතිගරු පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන්ගේ පූර්ණ ​ආශීර්වාදය හා මගපෙන්වීම යට​තේ ඩුබායි ලංකාරාමවාසී ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් හා විරාරස්ථ දායක සභාවේ සහයෝගයෙනි.

​සම්මාසම්බුදු රජානන්සේ, සද්ධර්ම රත්නය ස​හ ආර්ය ම​හ සං​ඝරත්නය ​අරමුණු කොට ගෙන සිදුකෙරෙන මේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වී මෙලො​ව සහ පරලොව ශාන්තියත් අමාමහනිවනින් පරම ශාන්තියත් අත්කරගැන්මට සැමට ආරාධනා කෙරෙනවා.

Share.

Comments are closed.