එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​න සුභසාධ​ක සංගමය, Faith Healthcare Group සහ MED7 Clinic සහයෝගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ප වත්වනු ලබන දෙදින වෛද්‍ය කඳවුර

ජුනි 03 ස​හ 04 දෙදින ඩෙයිරා මුරක්කාබාත් හි Medze Clinic හි පෙ.ව. 10:00 සිට ප.ව. 4 දක්වා පැවැත්වෙනවා.

මෙම වෛද්‍ය කඳවුරේදී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාසහනදායී මිලකට තෝරාගත් වෛද්‍ය පරීක්ෂාවන් ක​රගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

එහිදී ඔබට නොමිලේ

  • වෛද්‍ය උපදේශණ සේවය
  • රුධිර පීඩන පරීක්ෂාව,
  • රුධිරගත සීනි පරීක්ෂාව කරගතහැකියි

ඩිරාම් 15 කට

  • රුධිරගත කොලෙස්ටරෝල් පරීක්ෂාව (අවම වශයෙන් පැය 12ක් නිරාහාරව සිට පැමිණිය යුතුයි)
  • යූරික් ඇසිඩ් පරීක්ෂාව
  • EGFR පරීක්ෂාව
  • ක්‍රියැටිනින් පරීක්ෂාව කරගතහැකියි

ඩිරාම් 49 කට

  • විටමින් Dපරීක්ෂාව කරගතහැකියි

මෙම කඳවුර විශේෂයෙන් ශ්‍රී ලාංකික ඔ​බ සඳහා පමණක් සංවිධානය කර ඇති බැවින් කරුණාකර ඔබගේ ජාතිකත්වය / අනන්‍යතාව​ය ඔප්පු කිරීමට හැකි ඕනෑම හැඳුනුම්පතක් හෝ පිටපතක් රැගෙන එන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා​.

වැඩි විස්තර සඳහා 050 481 8225 – 04 238 0924

Share.

Comments are closed.

Exit mobile version