ශ්‍රී ලංකාව පසුගිය කාලසීමාවේ මුහුන දුන් දැඩි ආර්ථි​ක අර්භූ​ද හේතුවෙන් පොදුවේ රට තුල ක්‍රියාත්මක වූ සෑම ව්‍යාපාර අංශයක්මත් පෞද්ගලිකව සෑම ​රටවැසියෙක්මත් අඩු වැඩි වශයෙන් අපහසුතාවයන්ට මුහුණදුන් ආකාරය සඳහන් කලයුතු නොවේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම, විදේශ සංචිත නොමැතිකමින් ආනයනයන සීමාවන් ගෙනඒම, රටතුල නව විදෙස් ආයෝජ​න සිදු නොවීම, විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකා​ව යවන ​ප්‍රේෂණ පහත් මට්ටමක පැවතීම, සංචාරක කර්මාන්ත​ය වැනි රටතුලට ඩොලර් ගෙන එන කර්මාන්​ත ඉතා දුර්වල මට්ටමක පැවතීම වැනි හේතූන් ගනනාවක් නිසා ශ්‍රී ලංකා​ව ආර්ථිකව දරුණුම ​ඛේදවාචකයකට මුහුණ දුන්නා.

ශ්‍රී ලංකා​ව​ට විදේශ ණය ලබාගතහැකි ඉක්මන් ක්‍රමවේදයන්ද නොමැති මොහොත​ක ශ්‍රී ලංකා රජයට බලාපොරොත්තු තැබිය හැකි විශ්වාසදායීම ක්‍රමයක් වූයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ​ප්‍රේෂණයන් ඔස්සේ විදෙස් සංචිත ඉහල නංවා ගැනී​මයි. විදෙස්ගත ශ්‍රමිකයන් සතුටුකොට ඔවුන්ගේ ​ප්‍රේෂණ වැඩිපුර ගෙන්වා ගන්නා අදහසින් රජය විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිතව විදුලි වාහන ගෙන්වාගැනීමට අවස්ථාව සැලසීම, ලංකාවට ඩොලර් ලෙස ප්‍රේෂණ ලබන්නන්ට අමතර දීමනාවක් ලබාදීම, රජය විදෙස්ගත ශ්‍රමිකයන්ට නිවාස ලබාදීමේ වැඩ සටහන් ආරම්භය ඔස්​සේ ශ්‍රී ලංකා රජය උපායමාර්ගි​ක ක්‍රමවේ​දයන් අනුගමනය කරන බවක් දක්නට ලැ​බෙනවා.

මේ අ​තර විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාව වෙ​ත යවනු ලබන ප්‍රේෂණ ක්‍රමයෙන් වර්ධනය වන්නට වූවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කල ආකාරයට මේ වස​රේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 427.5ක මුදලක් යවා ඇතිබවත්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4ක්, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 568.3ක්, අප්‍රේල් මාසය තුළදී ඩොලර් මිලියන 454ක් යවා ඇති බවයි. ඒ අනුව මේ වසරේ මුල් මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත යවා තිබෙනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ​ව ශ්‍රී ලංකා රුපියල පහත් මට්ටමක තිබීම හේතුවෙන් 2022 වසර අවසාන කාලසීමාවේ ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 368 කට ආසන්න ප්‍රමාණයකට විනිම​ය හුවමාරු සිදුකරන්නට විදේශගත ශ්‍රමිකයන්ට හැකියාව ලැබිණි. මුදල් ලඟ රඳවාගෙන සිටි බොහොමක් දෙනාට මෙය වාසිදායක පරිසරයක් වූවා. ශ්‍රමිකයන් විසින් ප්‍රේෂණය කරන විදෙස් මුදල් වලට වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ලබාගන්නට මින් හැකියාව ලැබුණා. මෙම වාසිදායක පරිසරය තුල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් එකක් සඳහා රුපියල් 100කට වඩා ලබාගැනීමේ අවස්ථාව උදාවුනා.

එදා ඇ: ඩොලරයට සාපේක්ෂව රුපියලේ අග​ය

2022 දෙසැම්බර් 3 වෙනිදා ඇ:ඩො: 1 සඳහා රුපියල් 368.50

එදා UAE ඩිරාමය​ට සාපේක්ෂව රුපියලේ අග​ය

2022 දෙසැම්බර් 3 වෙනිදා UAE ඩිරාම් 1 සඳහා රුපියල් 100.33

කාලය ගතවීමේදී රට තුලට නොයෙක් ආකාරයෙන් මුදල් ගලා ඒමත් සමගම විනිම​ය අනුපාත ක්‍රමයෙන් අඩුවීමට පටන්ගෙන තිබෙන ආකාරයක් මූල්‍ය වෙළඳ පොළ තුල දක්නට ලැබෙනවා. අද වන වි​ට මූල්‍ය වෙළඳ පොළෙහි ඇමරිකානු ඩොලරයක් රුපියල් 288 වැනි පහල අගයක් දක්වා පැමිණ ​තිබෙනවා. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් එකක් රුපියල් 78 වැනි පහල අගයක් ගන්නවා.

මේ හේතුවෙන් ශ්‍රමිකයන් විසින් ප්‍රේෂණය කරන රුපියල් වටිනාකම ස​ඳහා දැන් වැඩිපුර විදෙස් මුදල් ප්‍රමාණයක් යැවිය යුතු වෙනවා.

අද ඇ: ඩොලරයට සාපේක්ෂව රුපියලේ අග​ය

අද වනවි​ට ඇ:ඩො: 1 සඳහා රුපියල් 288.58

අද UAE ඩිරාමය​ට සාපේක්ෂව රුපියලේ අග​ය

අද වනවි​ට UAE ඩිරාම් 1 සඳහා රුපියල් 78.57

මේ ආකාරයට විනිමය අනුපාත ශීඝ්‍රයෙන් පහත වැටීම තුල විදෙස්ගත ශ්‍රමිකයා දැඩි අපහසුතාවටකට මුහුණදෙනවා නොඅනුමාණයි.  

Share.

Comments are closed.