අබුඩාබි පොලිසිය සහ අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය පැවසුවේ රථවාහන අනතුරු සහ ගිනිගැනීම් සිදුවන ස්ථානවල ජනාකීර්ණ වීමෙන් ජීවිතාරක්ෂක මෙහෙයුම් හා හදිසි සේවාවන් වලට භාධා ඇතිවිය හැකි බවයි. අනතුරක් සිදු වූ ස්ථානයේ ගමනාගමනයට බාධා කරන පුද්ගලයින්ට ඩිරාම් 1,000 (ඩොලර් 272) දක්වා දඩ මුදලක් අය කරන බව පොලිස් බලධාරීහු පවසති.

UAE රථවාහන දඩයක්

සමාජ මාධ්‍ය නාලිකාවල ප්‍රකාශයක් නිකුත් කරමින් අබුඩාබි පොලිසිය පැවසුවේ හදිසි අනතුරු සිදුවූ ස්ථාන සහ ගිනිගැනීම් නිරීක්ෂණය කිරීමට සෙනඟ රැස්වීමෙන් ඇති වන අනතුරු අතර ගිලන්රථ, හදිසි වාහන සහ රථවාහන මුර සංචාර එම ස්ථානයට පැමිණීම වැළැක්වීම ඇතුළත් වන බවයි. මෙමගින් මානුෂීය ආධාර සැපයීම වැළැක්වෙ​න අතර වින්දිතයන්ගේ ජීවිත බේරා ගැනීමට අපහසු විය හැ​ක.

අනතුරු සිදුවූ ස්ථාන, ගිනිගැනීම් නිරීක්ෂණය කිරීමට වාහන මන්දගාමී වීම සහ අනතුරු සිදුවූ ස්ථාන නැරඹීමට පදිකයින් පවා පැමිණීම තවදුරටත් අනතුරු වලට හේතු විය හැක. රථවාහන අනතුරු නිරීක්ෂණය කරන රියදුරන් සහ පදිකයින් අමතර ගැටීම් වලට තුඩු දිය හැකි බව අබුඩාබි පොලිස් පණිවිඩය පවසයි.

අබුඩාබි පොලිස් පණිවිඩයේ මෙසේ සඳහන් වේ: “රථවාහන අනතුරු සිදුවූ ස්ථානවල ජනයා රැස්වීම, අනතුරුවලට ලක් වූ වාහන සහ තුවාල ලැබූ පුද්ගලයින් ඡායාරූප ගැනීම සහ සමාජ මාධ්‍යවල එම ඡායාරූප පළ කිරීමත්, එහි අයිතිකරුවන් නීතිමය වගවීමකට ගෙන එන පිළිගත නොහැකි හැසිරීමකි”.

Share.

Comments are closed.