අනන්‍යතාවය සහ පුරවැසිභාවය සඳහා වන ෆෙඩරල් අධිකාරිය (UAEICP) සිය නිල ට්විටර් ගිණුමේ තොරතුරු සහිත වීඩියෝවක් නිකුත් කර ඇත්තේ පුද්ගලයන් තම නිල ලේඛනවල කල් ඉකුත්වන දිනයන් පිළිබඳව යාවත්කාලීනව සිටීම සහතික කිරීම සඳහාය.

අනන්‍යතාවය සහ රේගු කටයුතු කළමනාකරණය කිරීම සඳහා UAEICP වගකිව යුතු බැවින්, පුද්ගලයන්ට ඔවුන්ගේ නිල ලේඛනවල වලංගුභාවය පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ. නියමිත වේලාවට මෙම ලේඛන අලුත් කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම විශාල දඩ මුදල් සහ අපහසුතාවයට හේතු විය හැක.

UAEICP ජංගම යෙදුම තුළ දැනුම්දීම් (​Notifications) විශේෂාංගය සක්‍රීය කරන්නේ (Activate) කෙසේද යන්න පිළිබඳ වීඩියෝව පියවරෙන් පියවර උපදෙස් සපයයි. මෙම දැනුම්දීම් සක්‍රීය කිරීමෙන්, පුද්ගලයන්ට ක්‍රියාශීලීව සිටීමට සහ ගෙවීමට සිදුවිය හැකි ද​ඩ වළක්වා ගත හැකිය.

ඇපල් දුරකථන භාවිතා කරන්නන් සඳහා, ඔවුන්ට ඔවුන්ගේ අයිෆෝන්වල ප්‍රථමයෙන් Phone Setting වෙත පිවිසිය යුතු​ය, දෙවනුව ‘දැනුම්දීම්’ (​Notifications) විකල්පය තෝරන්න, තෙවනු​ව UAEICP ජංගම යෙදුම තෝරන්න. සිව්වෙනුව ‘දැනුම්දීම්’ සක්‍රීය කිරීමෙන් ඔවුන්ගේ ලේඛන කල් ඉකුත්වන දිනයන් පිළිබඳ කාලෝචිත ඇඟවීම් ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇ​ත.

ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින්ට ප්‍රථමයෙන් ඔවුන්ගේ දුරකථනයේ Setting වෙත ප්‍රවේශ වීමෙන් ද දෙවනුව UAEICP ජංගම යෙදුම තේරීමෙන් සහ තෙවනුව ‘දැනුම්දීම්’ (Notifications)  විකල්පය තේරීමෙන් සහ, සිව්වෙනුව ‘දැනුම්දීම්’ සක්‍රීය කිරීමෙන් ඔවුන්ගේ නිල ලේඛන කාලසීමාවන් පිළිබඳ අත්‍යවශ්‍ය යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට හැකිය.

Share.

Comments are closed.