රථවාහන දඩ මුදල් වහාම ගෙවනා ලෙස ඉල්ලා ඩුබායි පොලිසියෙන් ව්‍යාජ පණිවිඩයක් මේ දිනවල ඊමේල් මාර්ගයෙන් විවිධ ප්‍රදේශ වල වැසියන්ට ලැබී ඇති බව වාර්තා වී තිබෙනවා.

පුද්ගලික තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටින විට සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් ප්‍රවේශම් වන ලෙසත් රටේ බලධාරීන් වැසියන්ට නැවත නැවතත් උපදෙස් දී තිබෙනවා.

ඩුබායි පොලිස් ලාංඡනය සහිත එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වන්​නේ “අපගේ වාර්තාවලට අනුව, ඔබ මෑතකදී මාර්ග නීති උල්ලංඝණයක් සම්බන්ධයෙන් දඩුවම් නියම කර ඇත, මෙම විද්‍යුත් තැපෑල ලැබුණු දින සිට පැය 24ක් ඇතුළත ඔබ මෙම දඩ මුදල පියවීම අත්‍යවශ්‍ය වේ.”

“ක්ෂණික ගෙවීමක් සිදු කිරීමට අපොහොසත් වීම තවදුරටත් මූල්‍ය දඬුවම් හෝ නීතිමය ක්‍රියාමාර්ග වැනි අමතර ප්‍රතිවිපාකවලට හේතු විය හැකියි” විද්‍යුත් තැපෑල ලබන්නාට ඉන් තවදුරටත් අනතුරු අඟවයි.

පුද්ගලික තොරතුරු සැපයීමට හෝ ගෙවීමක් කිරීමට ඉල්ලා සිටින විට සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් ප්‍රවේශම් වන ලෙසත් රටේ බලධාරීන් මීට පෙර අවස්ථා කිහිපයකදී වැසියන්ට උපදෙස් දී ඇත.

මීට අමතරව එමිරේට්ස් පෝස්ට් සමඟ සම්බන්ධ වී සිටින බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන පුද්ගලයින් SMS පණිවිඩ ඔස්​සේ සමීක්ෂණ හා තොරතුරු ලබා ගැනීම සම්බන්ධ තවත් වංචාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා සංසරණය වෙමින් පවතින අතර, අධිකාරිය විසින්ම සමාජ මාධ්‍ය ඔස්සේ වැසියන්ගෙන් පූර්වාරක්ෂාව ගන්නා ලෙස සහ වංචාවට ගොදුරු වීමෙන් වළකින ලෙස දැනුවත් කොට තිබුණා.

එම පණිවිඩයේ සඳහන් වන්​නේ

“අපි SMS යවන්නේ අපගේ Emirates Post ලියාපදිංචි ගිණුම හරහා පමණයි,” Emirates Post එහි වෙබ් අඩවිය​ද සඳහන් කර ඇත. ලබා දී ඇති සබැඳියට ලොග් වීමෙන් වළකින ලෙස මෙම පණිවිඩ ලබන්නන්ට පොලිසිය උපදෙස් දුන්නේය.

වංචාවන්ට හසු නොවී ඇත්ත වශයෙන්ම රථවාහන දඩ ගෙවනා ආකාරය පොලීසිය නිවේදනය කොට තිබෙනවා.

මෝටර් රථ හිමියන්ට ආරක්ෂිතව ගෙවීම් කිරීමට විවිධ නාලිකා තිබේ. ඩුබායි පොලිසියේ නිල වෙබ් අඩවිය (https://www.dubaipolice.gov.ae) හා ඩුබායි පොලිස් ජංගම යෙදුම හරහා​ද සිදු කළ හැක. රියදුරන්ට අවශ්‍ය විස්තර පිරවීමට අවශ්‍ය වන අතර පසුව මුදල ගෙවීමට ඉදිරියට යා හැක. ගෙවීම් සඳහා අමතර විකල්ප අතර RTA සහ Dubai Drive වැනි යෙදුම් ඇතුළත් වේ.

වංචාවක් හඳුනා ගන්නා ආකාරය අධිකාරිය පැහැදිලි කොට තිබෙනවා.

තමන්ව වඩාත් හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා, වංචනික පණිවිඩයක් හඳුනා ගන්නා ආකාරයට ඇතුළත් වන්නේ:

  • දුර්වල ව්‍යාකරණ
  • වැරදි අක්ෂර වින්‍යාසය
  • අධිකාරියේ නම නොපෙන්වන නොදන්නා අංකයක් හෝ හැඳුනුම්පතක්
  • ගෙවීම සඳහා සබැඳියක්
  • වහාම මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටිනා පණිවිඩයක්.
Share.

Comments are closed.