ඩුබායි සිය ආහාර සුරක්ෂිතතා කේතය (food safety code) යාවත්කාලීන කිරීම සඳහා නව මාර්ගෝපදේශ ඉක්මනින් හඳුන්වා දෙනු ඇති අතර අසාත්මිකතාවන් පිළිබඳ වඩාත් සවිස්තරාත්මක විස්තරයක් මහජනතාවට ලබා දීම මින් අපේක්ෂා කෙරේ. ආහාර කේතය (food code) 2.0 යටතේ අසාත්මිකතා 14 ක් හඳුනාගෙන ඇති අතර ඒවා පැහැදිලිව ලේබල් කිරීමට අවන්හල් කටයුතු කල යුතු​ය.

අනුමත කිරීමේ අවසන් අදියරේ පවතින නව මාර්ගෝපදේශ, 2014 දී හඳුන්වා දුන් පෙර ආහාර කේතය ප්‍රතිස්ථාපනය කරනු ඇති අතර ආහාර බෙදා හැරීමේ බයිසිකල්, රසායනාගාර මස් (lab meat) සහ සෞඛ්‍ය හිමිකම් ඇතුළු විවිධ සාධක නියාමනය කරනු ඇත.

ඩුබායි මහ නගර සභාව (DM) විසින් පසුගියදා ලෝක ආහා​ර සුරක්‍ෂිතතා දිනය නිමිත්තෙන් ‘ආහාර ප්‍රමිතීන් ජීවිත සුරකියි’ යන තේමාව යටතේ පවත්වන ලද පළමු ආහාර සම්මන්ත්‍රණයේදී මෙම නීති පිළිබඳව නිවේදනය කළේය.

ඩුබායි මහ නගර සභා​වෙහි ආහාර සුරක්ෂිතතා අධ්‍යක්ෂ Sultan Al Taher ​ට අනුව, වෙනස්වන කාලය පිළිබිඹු කිරීම සඳහා කේතය යාවත්කාලීන වෙමින් පවතී.

“නව තාක්ෂණය පැමිණීමත් සමඟ ආහාර දිනපතා වෙනස් වේ,” ඔහු පැවසීය. “අපි මේවා නියාමනය කර ඩුබායි ලෝක සිතියමට ඇතුළත් කළ යුතුයි. උදාහරණයක් ලෙස, මීට ​ඉහතදී කිසිවෙක් පුහුණුව සඳහා හෝ මුළුතැන්ගෙයි අනුමැතියන් සඳහා Zoom හෝ Microsoft Teams භාවිතා නොකළ අතර Covid-19 වසංගතයෙන් පසු සියල්ල වෙනස් වී ඇත.

ආහාර කේතය (food code)2.0

පෙර පැවති කේතයේ අසාත්මිකතා ආමන්ත්‍රණය කර ඇතත්, නව රෙගුලාසි වඩාත් සවිස්තරාත්මක වන අතර ග්ලූටන් රහිත ලේබල් කිරීමට පිඟන් ඇතුළු විවිධ සාධක සඳහා දැඩි අවශ්‍යතා ඇත.

ආහාර අසාත්මිකතා යනු ඇතැම් ආහාර වර්ග සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රිරියාවකි. බොහෝ අවස්ථාවන්හීදී, මෙම අසාත්මිකතා මෘදු වන අතර, සමහරක්, එය ජීවිතයට තර්ජනයක් විය හැකි anaphylaxis නම් දරුණු අසාත්මිකතා ප්‍රතික්‍රිරියාවක් ඇති කළ හැකි අතර ​ඉන් ශ්වසන මාර්ග සංකෝචනය වීම ​හෝ තද වීම ඇතුළු රෝග ලක්ෂණ මතු​වේ.

බොහෝ පොදු ආහාර අසාත්මිකතාවන් අතර කිරි, බිත්තර, මුහුදු ආහාර, රටකජු සහ ශාක ඇටවර්ග ඇතුළත් වේ.

“අපි 2003 දී පෙර කේතය නිර්මාණය කළ කාලය මේ දක්වා සංසන්දනය කළහොත්, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අපගේ අවබෝධය වෙනස් වී ඇති අතර අපි ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය ද වෙනස් වී ඇත” යනුවෙන් ඩුබායි මහ නගර සභාවේ බොබී ක්‍රිෂ්ණා පැවසීය.

රෙගුලාසි බලාත්මක වූ පසු, ආපනශාලා පරීක්ෂා කිරීමේදී ‘කාබනික’ වැනි ඔවුන්ගේ සෞඛ්‍ය හිමිකම් තහවුරු කිරීමටද සිදුවේ. මීට අමතරව, මෙම කේතය අමු මස් සහ අනෙකුත් නවීන ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම නියාමනය කරනු ඇත – මස් පදම් කිරී​ම, දුම්ගැසී​ම සහ රසායනාගාර වල නිපදවු මස් (lab meat) භාවිතය ඇතුළුව.

ආහාර කේතය යට​තේ බෙදා හැරීමේ බයිසිකල් සහ ඒවායේ අවශ්‍යතා ද නියාමනය කරනු ඇත. “අපගේ අවසාන කේතයේ සිට බෙදා හැරීමේ බයිසිකල් ශීඝ්‍ර ලෙස වැඩි වී ඇත,” බොබී පැවසීය. “ඉතින්, අපි මෙම බයිසිකල් සඳහා නව රෙගුලාසි සකස් කිරීමට RTA සමඟ සමීපව කටයුතු කරමින් සිටිමු.”

Share.

Comments are closed.