Author: admin
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. මැදි කාලීනව උද්ධමනය 5% මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට නිල වශයෙන් එක්වීමට ඉන්දුනීසියානු රජය තීරණය කරයි. ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා ඊයේ(25) බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ සභාපතිනි Dilma Rousseff මහත්මිය හමුවීමෙන් පසු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් හා බහුපාර්ශ්වික ආයතන සමග සහයෝගීතා ශක්තිමත් කිරීමට මෙන්ම, රටේ සංවර්ධන පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියා රජය මෙම තීරණය ගෙන තිබෙන බව ද ඔහු පැවසීය. ඉන්දුනීසියාවේ තීරණය පිළි ගන්නා බව Rousseff මහත්මිය ප්‍රකාශ කළාය. ඉන්දුනීසියාවේ සංවර්ධන දිශාව බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආයෝජන ක්ෂේත්‍රයන්ට අනුකූලය. යටිතල පහසුකම්, ඩිජිටල් සම්බන්ධතාව සහ බලශක්ති පරිවර්තනය යන ක්ෂේත්‍රවල, දෙපාර්ශවයට පුළුල් සහයෝගිතා අවස්ථා ඇති බව ඇය…
මාර්තු 28 වනදා ඩුබායි හි පළමු ඩිස්නි වෙළඳසැල ඩුබායි මෝල් හි විවෘත වීමට නියමිතය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු ඩිස්නි වෙළඳසැල ඩුබායි මෝල් හි විවෘත වන අතර, ඩිස්නි රසිකයන් සඳහා සුවිශේෂී වෙළඳ භාණ්ඩ,ඇතුළු විනෝද අවස්ථා රැසක් මීට ඇතුලත් වේ. මාර්තු 28 වන සිකුරාදා ඩුබායි මෝල් හිදී මෙම අලෙවිසැල දියත් කිරීම සිදු කරන්නේ Alshaya සමූහය විසිනි. අබුඩාබියේ යාස් මෝල් හිදී මාර්තු 26 වෙනිදා තවත් ඩිස්නි වෙළඳසැලක් විවෘත කිරීමට සූදානම්ය.
පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එය පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී 4.62% ක වර්ධනයකි. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ඛාණ්ඩය වන්නේ ඇඟළුම් ය. ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 427.3 කි. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 82.51 කි.තේ අපනයනයෙන් ඩොලර් මිලියන 119.41ක ආදායම් උපයා ඇති අතර, එය පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී 6.52% ක අඩු වීමකි. සේවා අංශයේ සමස්ත අපනයන ආදායම මේ පෙබරවාරියේ දී ඩොලර් මිලියන 326.14 ක් වන අතර, එය පසුගිය වසරේ පෙබරවාරිය හා සැසදීමේ දී 24.37% ක වර්ධනයකි. ලංකාව මේ වසර අවසානය…
මෙම වසර තුළ වාහන ආනයන බදු සංශෝධනයක් සිදුවන්නේ නැති බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි. වෙළඳපළේ වාහන මිල ගණන්නද මෙම වසර ඒ අනුව වෙනසක් සිදු නොවනු ඇති බවත් ඔහු පවසයි. “අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන 300 – 350යි අතර. අපේ ආර්ථික වර්ධනය සමඟම අපි දැන් අර wait and See කියලා කියනවා නේ. බලන් ඉන්නේ පොඩ්ඩක් මේක දැන්ම ඕඩර් කරනවා ද වාහනයක් කියලා. පස්සේ ඕඩර් කරනවා ද කියලා. යම් කෙනෙක් බලාපොරොත්තු වුණාට බදු අඩුවෙයි කියලා. එහෙම අඩුවෙන්නේ නෑ මේ අවුරුද්ද තුළ. අපේ IMF ගිවිසුම දැක්කානේ. ඒක තුළ තියෙනවා වාහන බදු මේ අවුරුද්ද ඇතුළත අඩුකරන්න බෑ.”
Mohammed Bin Rashid Housing Establishment (MBRHE) ඩුබායි මහ නගර සභාව සමඟ හවුල් වී පුද්ගලික විලා ඉදිකිරීම් සරල කිරීම සහ නියාමනය කිරීම අරමුණු කරගත් ප්‍රමිතිගත කොන්ත්‍රාත්තු හඳුන්වා දී ඇත. ඉඩම් හිමියන්, උපදේශකයින් සහ කොන්ත්‍රාත්කරුවන් සඳහා නිර්මාණය කර ඇති මෙම කොන්ත්‍රාත්තු, වගකීම් නිර්වචනය කරන පැහැදිලි රාමුවක් සපයයි. ආරවුල් අවම කරන අතරම විනිවිදභාවය සහ විශ්වාසය පෝෂණය කරයි. මෙම ව්‍යාපෘතිය හරහා නෛතික හා මූල්‍ය ගැටුම් අඩු කරයි. තිරසාර ඉදිකිරීම් අංශයක් සඳහා වූ ඩුබායි මහ නගර සභාවේ දැක්ම සමඟ පෙළගැසී ඇති මෙම පියවර මගින් නිවාස ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවයි. ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා, MBRHE සහ ඩුබායි මහ නගර සභාව දැනුවත්…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සිය ඉල්ලුම මත බස් සේවාව නව ප්‍රදේශ දෙකක් දක්වා පුළුල් කර ඇත.ඒ Oud Metha සහ Barsha Heights වෙතය. මේ හරහා දෛනික ගමන් බිමන් වඩාත් පහසු කරවයි. මෙම ව්‍යාප්තිය පොදු ප්‍රවාහන ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සහ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට නම්‍යශීලී සංචරණ විකල්පයන් සැපයීම සඳහා RTA හි අඛණ්ඩ උත්සාහයේ කොටසකි. ඉල්ලුම මත බස් සේවාව මගීන්ට Bus on Demand යෙදුම හරහා ගමන් සඳහා බස් සේවාව ඉල්ලා සිටීමට ඉඩ සලසන ස්මාර්ට් ප්‍රවාහන වැඩසටහනකි. කෙටි දුර ගමන් සඳහා නිර්මාණය කර ඇති මෙම සේවාව ඩුබායි හි ප්‍රධාන ප්‍රදේශ වටා යාමට වඩාත් නම්‍යශීලී සහ කාර්යක්ෂම ක්‍රමයක් සපයයි. මගීන් 13 දෙනෙකු දක්වා…
එමීර් රාජ්‍යය වැඩිදියුණු කරන ලද ආරක්ෂිත විශේෂාංග සහිත නව පොලිමර් Dh100 මුදල් නෝට්ටුවක් හඳුන්වා දෙයි
එමීර් රාජ්‍යයේ මහ බැංකුව (CBUAE) නව පොලිමර් Dh100 මුදල් නෝට්ටුවක් සඳුදා (මාර්තු 24) හඳුන්වා දුන්නේය. මාර්තු 24 වනදා සිට සංසරණයට ඇතුළු වූ මුදල් නෝට්ටුව දැනට පවතින Dh100 කඩදාසි සහ පොලිමර් බිල්පත් සමඟ නීත්‍යානුකූලව වලංගු වේ. නව නෝට්ටුව බාධාවකින් තොරව පිළිගැනීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ පද්ධති යාවත්කාලීන කරන ලෙස බැංකු සහ හුවමාරු ආයතනවලට උපදෙස් දී ඇත. CBUAE හි ආණ්ඩුකාර Khaled Mohamed Balama මහතා පැවසුවේ “ඊද් අල් ෆිතර් සැමරුමට සමගාමීව මෙම විශේෂ කලාපය ප්‍රකාශයට පත් කිරීමට අපි සතුටු වෙමු. “Net Zero සඳහා සහය වන සහ ජාතියේ මූල්‍ය තරඟකාරිත්වය ඉහළ නංවන මුලපිරීම් සහ ජයග්‍රහණ තුළින් තිරසාර අනාගතයක් සඳහා නායකත්වයේ දැක්ම සඳහා අපගේ කැපවීම…
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් 28.4%ක් සමාජ මාධ්‍ය භාවිතය, මාර්ගගත සන්නිවේදනය ආදි අන්තර්ජාලයේ සැරි සැරීම සඳහා සුපිරි ජංගම දුරකථන භාවිත කරන බව ඉකුත් දා නිකුත් වූ ශ්‍රී ලංකාවේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය හෙළි කරයි. ඒ පිරිසගෙන් 31.3%ක් පිරිමි දරුවන් වන අතර, ගැහැනු දරුවන්ගේ ප්‍රතිශතය 25.5%කි.වැඩිම ඉහළ ජංගම දුරකතන භාවිතයක් ඇත්තේ වයස අවුරුදු 16-17 අතර වයස් කාණ්ඩයේ වන අතර, එය 40.6%ක ප්‍රතිශතයකි. ඉකුත් මාස 12 තුළ පාසල් සිසුන්ගෙන් 5.4%ක් සයිබර් හිරිහැර කිරීම්වලට (Cyber bullying) ලක් වී ඇති බවද සමීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කරයි. ඒ අතරින් වයස අවුරුදු 13- 15 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් 5.6%ක් සයිබර් හිංසා කිරීම්වලට ලක් වන අතර,…
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. ඒ ටෝකියෝ හී යසුකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟයි. මාර්තු මස අවසන් දින කිහිපයේ සහ අප්‍රේල් මස වන විට සකුරා මල් පිපීම වැඩි වශයෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතියි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සමඟම ජපානයේ වසන්ත කාලයද ඇරඹෙන බවය. එමෙන්ම සකුරා ගසක මල් පිපීම සෞභාග්‍යයේ සළකුණක් ලෙස ජපන් ජනතාව සලකනු ලබයි.