Author: kumudika
දැනට පවතින හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමන් ප්රදානය කර ඇති බවයි. එසේ නමුත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන අතර මූලික වටයේ තරග A හා B ලෙස කාණ්ඩ 2 කින් සමන්විතයි. ඒ අනුව A කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය. B කාණ්ඩයට දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත් වේ. 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 03 වනදා ආරම්භ වීමට නියමිතය.
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නව මෙට්‍රෝ සම්බන්ධක බස් මාර්ග 4ක් දියත් කිරීමටත්, 2024 අගෝස්තු 30 සිට එක් නගරාන්තර මාර්ගයක් ඇතුළු තවත් මාර්ග කිහිපයක සේවාවන් වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර ඇත. මෙම කාර්යයන් හරහා මගීන්ගේ දෛනික ගමනාගමන අත්දැකීම වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන, මගී ජනතාවට පහසු ගමනාගමනයකට ඉඩ සලසයි. නව මාර්ග හතරට මාර්ග 31 වෙනුවට F39 සහ F40 යන නව මාර්ග දෙකක් ඇතුළත් වේ. පළමු නව මාර්ගය, F39, Etisalat බස් නැවතුම්පොළේ සිට Oud Al Muteena වටරවුම බස් නැවතුම්පොළ 1 සහ ආපසු, විනාඩි 30 ක කාලයක් තුල ධාවනය වේ. දෙවන නව මාර්ගය, F40, Etisalat බස් නැවතුම්පොළේ සිට Mirdif, Street…
2024 ඩුබායි Distination summer Campaign විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා පුළුල් ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලබා ගනිමින් මාස දෙකකට පසුව අවසන් විය. ඩුබායි හි දෙවන නියෝජ්‍ය පාලක සහ ඩුබායි මාධ්‍ය කවුන්සිලයේ සභාපති ගරු Sheikh Ahmed bin Mohammed bin Rashid Al Maktoum මහතා ගේ මඟපෙන්වීම යටතේ දියත් කරන ලද මෙම ප්‍රචාරණ ව්‍යාපාරය වසර පුරා ඩුබායි සුවිශේෂී ගමනාන්තයක් බවට පත් කරන විශේෂී ක්‍රියාකාරකම් සහ අත්දැකීම් ඉස්මතු කරයි. ඩුබායි රජයේ මාධ්‍ය කාර්යාලයේ (GDMO) නිර්මාණාත්මක අංශය වන ඩුබායි සන්නාමය විසින් ක්‍රියාත්මක කරන ලද සහයෝගීතා ව්‍යාපාරයේ විචිත්‍රවත් අවසානයක් දක්නට ලැබිණි. ඩුබායි සන්නාමයේ අධ්යක්ෂ ෂයිමා අල් සුවයිඩි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “2024 ඩුබායි Summer Campaign ආකර්ෂණීය අත්දැකීම්…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඩුබායි මෙට්‍රෝ හි 15 වන සංවත්සරය “15 වසරක ගමන් මඟ” යන තේමාව යටතේ සැමරීමට සූදානම් වේ. මෙම සැමරීම සඳහා ජනතාව වෙනුවෙන් විනෝදකාමී ප්‍රවර්ධන ක්‍රියාකාරකම් රැසක් දියත් කිරීමට සැලසුම් කර ඇත. ඩුබායි මෙට්‍රෝ සහ ට්රෑම් රථ ක්‍රියාකරු වන Keolis-MHI ඇතුළු අනුග්‍රාහකයින් සහ හවුල්කරුවන් කිහිප දෙනෙකු විසින් මෙම සංවත්සර උත්සව සඳහා උපාය මාර්ගික සහකරු ලෙස සහය දක්වයි. ප්රචාරක හවුල්කරුවන්ට LEGO Middle East, LEGOLAND Dubai, IGLOO, Al Jaber Gallery, සහ Emirates Post ඇතුළත් වේ. මෙම සැමරුම් උත්සවයේ එක් විශේෂත්වයක් වන්නේ එමිරේට්ස් පෝස්ට් විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද තැපැල් මුද්දරයක් නිකුත් කිරීමයි. මීට අමතරව, RTA විසින් මෙම…
2024 සැප්තැම්බර් 1 වැනිදා සිට, නව රීතියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ෂෙන්ගන් රටවලට යන ගුවන් ගමන්වලදී මගීන්ට අතේ ගෙන යා හැකි දියර සහිත ගමන් මලු (Hand Laggage) ප්‍රමාණය සීමා කරනු ඇත. යුරෝපයේ ඇතැම් ගුවන් තොටුපළ වල ගමන් මලු සඳහා වන පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ පද්ධති (EDSCB) සමඟ ඇති වන තාක්ෂණික ගැටළු විසඳීම සඳහා තාවකාලික පියවරක් ලෙස,මෙම රීතිය පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ගෝලීය වශයෙන් බොහෝ ගුවන් තොටුපල දැනටමත් රැගෙන යා හැකි ගමන් මලුවල ඇති ද්‍රව සඳහා මිලි ලීටර් 100 සීමාවක් පනවා ඇත. සෑම මගියෙකුටම රැගෙන යා හැකි මුළු දියර ප්‍රමාණය ලීටර් දෙකක් ලෙස සඳහන් වේ. ෆින්ලන්තයේ ජාතික…
අරුවක්කාලු අංගනයට කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතුවල මූලික මට්ටමේ අත්හදා බැලීම් ඊයේ (25) සිදු කළ බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ආර්.එම්.ජී.එස් බණ්ඩාර මහතා සඳහන් කලේය. අධ්‍යක්ෂකවරයා අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කරන බවයි. අරුවක්කාලු කසල ව්‍යාපෘතිය මගින් සාමන්‍ය ජන ජීවිතයට හෝ ස්වභාවික පරිසරයට බලපෑමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “කොළඹ අගනගර ආශ්රිත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය“ 2017 වසරේ ආරම්භ කෙරිණි. දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව විසඳීම සඳහා සනීපාරක්ෂක කසල රඳවනයක අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙම කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.…
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කලේය. කිසියම් කෙනෙකුට වෛද්‍ය හේතූන් මත නිවාඩු ලබා ගැනීමට අවශ්‍යනම් ඒ ප්‍රදේශය බාර නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතිය මත නිවාඩු ලබා ගැනීමට හැකියාව ඇති බව හෙතෙම පැවසීය. අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03 වන දා සිට ආරම්භ කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 08 දා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට…
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව මෙම සතියේදී පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවය. සමාජ ජාලා ඔස්සේ සමීක්ෂණ සිදු කිරීමෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවද පවසන සභාපතිවරයා අදාළ මත විමසුම් සිදු කරන්නේ කවුදැයි හඳුනාගැනීම සඳහා මේ දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවද සඳහන් කලේය. අනතුරුව මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවසූ ඔහු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන මත වීමසිම් නතර කිරීම පහසු වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන…
මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් ලෝකේ වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ. ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් නොවී කාලයක් පැවතුණහොත් මෙම තත්ත්වය උග්‍ර විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වන සෙසු සංවිධාන ද ඉන්ධන ප්‍රවාහන මාර්ගයන් අවහිර කිරීමකට ලක් කළහොත් එය තවදුරටත් ලෝකයේ ඉන්ධන මිල ඉහළ යාමට බලපානු ඇත. ලංකා ඛනිජතෙල් නීතිය සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලට මැද පෙරදිග ඇතිවී තිබෙන ගැටුම්වලින් බලපෑමක් ඇති නොවූ බවයි. නමුත් ඉදිරියේ වර්ධනය වන අවුල්කාරී තත්ත්වයන් මත ශ්‍රී ලංකාවටද ලෝක තත්වයට සාපේක්ෂව බලපෑමක් ඇති…