Author: kumudika

කලින් දිනයක් සහ වේලාවක් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා සැලසුම් කළ ක්‍රමය අද සිට අත්හිටුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඒ අනුව පෙර පරිදිම පැමිණි අනුපිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා දන්වා සිටියේය. අමාත්‍යවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කරන්නේ මුද්‍රණය නොකළ හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟ වීම හේතුවෙන් දිනපතා රැස්වන පිරිසට දින ගණන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරියේ ගත කිරීමට විසඳුමක් ලෙසය. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් වීම සීමා වීමෙන් ඊයෙ (27) දිනයේ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්ව සිටි විශාල පිරිසක් අපහසුතාවයට පත් වී සිටියහ. ඇතැමෙක්…

Read More

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද ගැටුමක උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව පෙරේදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.54 දක්වා 0.66% කින්ද, අමෙරිකානු ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.34 දක්වා 0.68% කින්ද ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය සතියකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එවැනි අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව බව වැඩිදුරටත් සඳහන්ය. ඊශ්‍රායලය ඉලක්ක කරමින් පසුගියදා හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර 320ක් එල්ල කර තිබූ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධාන ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත්…

Read More

කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. එසේම මේ වන විට ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් ලක්‍ෂ 04ක් ශ්‍රී ලංකාවේ සිටින බවට ගණනය කර ඇතැයි ලංකා ඇල්සයිමර් පදනමේ ලේකම් ලක්මාලි කබ්රාල් මහත්මිය පැවසුවාය. ඇය මේ බව කියා සිටියේ ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සංවිධාන කෙරෙන වැඩසටහන් පිළිබඳ කොළඹ අද(27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ලෝක ඇල්සයිමර් දිනය නිමිති කර ගනිමින්, ජාත්‍යන්තර ඇල්සයිමර් සංවිධානයේ (Alzheimer’s Disease…

Read More

රට තුළ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මොන යම් හෝ ආකාරයකින් ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකක කාලය තුළ අත්විඳි අර්බුදකාරී තත්ත්වය නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියි. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමිනි. ”දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදි කාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍ය වන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවර වලින් සමන්විතය. මෙම ප්‍රතිසංස්කරණ කෙටි කාලීනව වේදනාකාරී වුවද, ආර්ථිකය තිරසර හා පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කලේය. දිගු කාලයක් පමා වී තිබූ මෙම…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික මණ්ඩපය ලබන සැප්තැම්බර් 3 සිට 5 දක්වා Al Almain නගරයේ පැවැත්වෙන පළමු ඊජිප්තු ජාත්‍යන්තර ගුවන් ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතය. එමීර් රාජ්‍යයේ හි ආරක්ෂක හැකියාවන් සහ තාක්ෂණික නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රදර්ශන අවකාශයක් ලෙස මෙය සැලකිය හැක ඊජිප්තුවේ, අරාබි ජන රජයේ ජනාධිපති Abdel Fattah El-Sisi මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මැද පෙරදිග සහ අප්‍රිකාවේ අභ්‍යවකාශ ක්ෂේත්‍ර තුළ නිෂ්පාදන, ඩිජිටල්කරණය සහ ගෝලීයකරණය වේගවත් කිරීම අරමුණු කරයි. එය අභ්‍යවකාශ ගවේෂණ, චන්ද්‍රිකා සන්නිවේදනය සහ අභ්‍යවකාශ තාක්‍ෂණයේ සිවිල් සහ මිලිටරි යෙදුම්වල දියුණුව සාකච්ඡා කිරීමට අභ්‍යවකාශ ආයතන සහ චන්ද්‍රිකා ක්‍රියාකරුවන් සඳහා ප්‍රමුඛ වේදිකාවක් ලෙස සේවය කරයි. ඊජිප්තු ජාත්‍යන්තර එයාර් ෂෝ විසින් තෝරාගත්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොහෝ පාසල්වලට වාරික පදනමක් මත පාසල් ගාස්තු ගෙවීමට අවශ්‍ය වන අතර එය සමහර දෙමාපියන්ට අභියෝගයක් වී ඇත. පාසල් සමඟ සෘජුවම ගෙවීම් සිදු කිරීමට නොහැකි අය සඳහා ණයපත් සහ බැංකු දීමනා හා වෙනත් මාර්ගය සපයා තිබේ. බොහෝ මූල්‍ය ආයතන පාසල් ගාස්තු සඳහා පොලී රහිත වාරික ලබා දෙන අතර Tabby සහ Payit මාසික ගෙවීම් සඳහා පහසුකම් සපයයි. කෙසේ වෙතත්, සියලුම දෙමාපියන්ට මෙම විකල්පයන් සඳහා ප්‍රවේශය නොමැත. පාසල් ප්‍රතිපත්ති සහ මූල්‍ය නම්‍යශීලීභාවය පිළිබඳජුමෙයිරා හි බ්‍රිතාන්‍ය විෂය නිර්දේශ පාසලක ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු තහවුරු කළේ සම්මත ප්‍රතිපත්තිය කාර්තු ලෙස ගෙවීම් පහසුකම් සලසන අතර සමහර දෙමාපියන්ට සුවිශේෂී මූල්‍ය තත්වයන් යටතේ මාසික ගෙවීම් විකල්ප…

Read More

ඩුබායි හෝල්ඩින්ග් හි පුරෝගාමී දේපළ වෙළඳාම් අංශය වන Dubai Holdings Real Estate හි සාමාජිකයෙකු වන Nakheel, පාම් ජෙබෙල් අලි හි සමුද්‍ර කටයුතු සඳහා ඩිරාම් මිලියන 810 ක කොන්ත්‍රාත්තුවක් Jan De Nul Dredging LTD වෙත ලබා දී ඇත. ප්‍රමුඛ ජාත්‍යන්තර Jan De Nul සමූහ ව්‍යාපාරයේ කොටසක් වන මෙම සමාගම මඟින්, ඉඩම් ගොඩකිරීම, වෙරළ ප්‍රදේශ සංවර්ධනය සිදු කරයි. Jan De Nul Dredging විසින් Palm Jebel Ali හි සමුද්‍ර කටයුතුවල සම්පූර්ණ සංවර්ධන කටයුතු වසර දෙකකට වැඩි කාලයක් තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ. Nakheel විසින් මෑතකදී ප්‍රධාන යටිතල පහසුකම් කොන්ත්‍රාත්තු දෙකක් ප්‍රදානය කිරීමෙන් පසුව, ප්‍රධාන භූමියේ සිට පාම් ජෙබෙල් අලි දක්වා මාර්ග සහ ආලෝකකරණ…

Read More

ටෙලිග්‍රෑම් හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව්, ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පවෙල් ඩුරොව් පොලිසිය විසින් රඳවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ටෙලිග්‍රෑම් තුල සිදුවන සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩුරොව් මහතාට චෝදනා එල්ල විය.

Read More

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් මේ වන විට අවස්ථාව හිමි වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියා සිටියි. පසු ගිය (25) දා ධීවර අංශයේ රැකියා සඳහා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Read More

ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන් තොටුපල වන බෙන්ගෝරියන් ගුවන් තොටුපළ නැවත විවෘත කර ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය. මේ දිනවල ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලය වෙත පැමිණීමට සූදානමින් සිටි නම් ඒ සම්බන්ධයෙන් රැකියා නියෝජිත ආයතනයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීම් කළයුතු බව ඔහු පැවසීය. පැය 48 කාලයක් සඳහා ඊශ්‍රායලය (25) ප්‍රකාශ කල හදිසි තත්වය හමුවේ සුරක්ෂිතව සිටින ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබේ.ආරක්ෂිත ස්ථාන නොමැති නිවාස සහ සේවා ස්ථාන වලට වාර්තා නොකරන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලය තානාපති කාර්යාලය අමතන ලෙස එරට ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read More