Author: kumudika
අරුණ දර්ශනට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි.එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කලේය. එම තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන්නේ, ටෝකියෝ නුවර දීයි. ඊට සුදුසුකම් ලැබීමේ කාලයක වන්නේ තත්ත්පර 44.85 කි. අරුණ දර්ශන විසින් මෙම කඩඉම පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව තරගයේ තත්ත්පර 44.75ක කාලයක් වාර්තා කරමින් පසු කල අතර කෙසේ වෙතත් ඔහු මංතීරු නීතිය කඩකිරීමක් හේතුවෙන් එම කාලය අවලංගු කෙරුණ බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, මේජර් ජෙනරාල් පාලිත…
ධුරයෙන් ඉවත් වීමෙන් පසු බංගලාදේශයේ ඩකා අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසකම තවදුරටත් අරගල කරුවන් විසින් පරිපාලනයට මැදිහත් වෙමින් ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ එම නගරවල රථ වාහන හැසිරයීම ඇතුළු කටයුතු සිදු කරමින් සිටින්නේ පොලූ කැබලි අතුන් ගත් අරගල කරුවන් විසින් බවයි. මේ වන විටත් එම නගර වල බොහෝ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් සේවයට වාර්තා නොකර නොමැති අතර ඇතැම් පොලිස් ස්ථානවල සේවයට පැමිණ සිටින නිලධාරීන්ටද රාජකාරිය සදහා නිසි නියෝග ලැබෙන තෙක් බලා සිටිති. බංග්ලාදේශයේ පිහිටුවා ඇති නව අන්තර්වාර රජයේ අමාත්‍ය මණ්ඩලය සඳහාද අරගලයට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් දෙදෙනකු පත් කර ඇත.
මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සඳහා වූ ඡන්ද සලකුණු සහිත ගැසට්ටුවද ඉදිරියේදි නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. එය උප ලේඛන 01 හා උප ලේඛන 02 ලෙස කොටස් දෙකක් වන අතර උප ලේඛන 01හි සඳහන් වනුයේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සඳහා නිකුත් කර ඇති ඡන්ද සළකුණුය. උප ලේඛන 02 හි සඳහන් වනුයේ ස්වාධීනව තරග කරන අපේක්ෂකයන්ට ලබාගත හැකි සලකුණු බව ඔහු පැවසීය.
තරුණ සේවක සංඛ්‍යාව සඳහා වූ විශේෂිත ඩිප්ලෝමාවක් වන “ආර්ථික මාධ්‍ය පුරෝගාමීන්” ඩිප්ලෝමාවේ සමාප්ති උත්සවයට සමගාමීව ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා ‘මාධ්‍ය සංසදය 2024’ සංවිධානය කළේය. මෙම සංසදයට දෙපාර්තමේන්තුවේ හවුල්කරුවන්, නිලධාරීන් සහ ප්‍රමුඛ මාධ්‍ය ආයතන සහභාගී විය. මෙම උත්සවය අතරතුර, ඩිප්ලෝමා උපාධිධාරීන් ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කරන ලදී. ඩිප්ලෝමාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ තරුණ එමිරාති දක්ෂයින් සඳහා වන අතර, ඔවුන් ආර්ථික හා ආයෝජන මාධ්‍ය ක්ෂේත්‍රවල සොයා ගැනීම, අධ්‍යාපනය ලබා දීම සහ සවිබල ගැන්වීම අරමුණු කර ගෙන ඇත.
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා පියාසර කරන සංචාරකයින්ට මෙම ගිම්හානයේදී නව වාහන නැවැත්වීමේ වට්ටම් ලබා ගත හැකිය. අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 දක්වා මගීන්ට ඔවුන්ගේ මෝටර් රථ අඩු මිලට ගාල් කළ හැකිය. • දින 3ක් සඳහා ඩිරාම් 100• දින 7ක් සඳහා ඩිරාම් 200• දින 14ක් සඳහා ඩිරාම් 300 මෙම වට්ටම් මෙම වාරයේ DXB හරහා ගමන් කරන අයට සංචාරක අත්දැකීම වැඩි දියුණු කරමින් Terminal 1 Parking B, Terminal 2 සහ Terminal 3 සඳහා අදාළ වේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකයක් විවෘත කර ඇත. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි. තවදුරටත් මහජනතාව සහ රේගු දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙතද මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කරන බවත් මෙහි අරමුණ මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේය. මෙහිදී පැමිණිලි යොමු කළහැකි මාර්ග ලෙස, දුරකතන අංක 0112 – 221 331/ 0112 – 221 333/ 0704 – 752 803 විද්‍යුත් තැපැල් ලිපිනය – iau.slcustoms@gmail.com Whatsapp…
ඉදිරි මාස දෙකක පමණ කාලයක දී ක්‍රීඩා පුහුණුවට සහ කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා තමා අමෙරිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න පවසයි. විශ්වවිද්‍යාල කිහිපයකින්ම තමන්ට ඇතුලත්වීමේ අවස්ථා ලැබී තිබුණද ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තමන් තෝරා ගත් බව ඇය සඳහන් කර තිබේ. අමෙරිකා විශ්වවිද්‍යාලයෙන් තමන්ට ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට එකඟතාව පළ කර ඇති හෙයින් මෙය වඩාත් සුදුසු ස්ථානය බවට හඳුනා ගත බව ඇය පැවසුවාය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ, ” මුලින්ම මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. ක්‍රීඩාව…
නුදුරු අනාගතයේදී විශාල භූමිකම්පාවක් ඇති වීමේ වැඩි අවදානමක් පිළිබඳ ජපානය ප්‍රථම වතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ මෙම නිවේදනය ඔවුන් නිකුත් කර ඇති අතර, ජනතාවට විමසිලිමත් වන නමුත් ඉවත් නොවන ලෙසයි දන්වා ඇත.මෙම අනතුරු ඇඟවීමෙන් ඔවුන් අදහස් කරන්නේ, විශාල භූමි කම්පනයක් ආසන්න බව නොව, එහි සම්භාවිතාව වෙනදාට වඩා වැඩි බවයි. ඊයේ දිනයේ රිච්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූ කම්පනයක් දකුණු දිග කියුෂු දූපතට ඔබ්බෙන් සිදුවූ අතර ඉන් විශාල හානියක් සිදු නොවූ බවත් සඳහන්. නමුත් ජපානයේ පැසිෆික් වෙරළ තීරය දිගේ විහිදී ඇති භූ කම්පන ක්‍රියාකාරකම් සහිත ප්‍රදේශයක් වන නන්කායි අගල අද්දර මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති…
බිත්තර ආනයනය කිරිමේ කටයුතු ඉදිරි දින 10ක් ඇතුළත යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර ඇත. ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බව, එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය. ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසුවේය. දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50කට වඩා වැඩි මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවීම ද විශේෂත්වයකි. මෙලෙස බිත්තර ආනයනය කිරීම යළි ආරම්භ කිරීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල ගණන් පහළ යනු ඇත.
ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරිණි.ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ සහයෝගයෙන් ඊයේ(08) මෙය විවෘත විය. මෙම විවෘත කිරීමේ උත්සවය ‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශෛලමය ඵලකය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් නිරාවරණය කළේය. අමාත්‍ය ප්‍රසන්න රණගුංග මහතා, ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා, ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා සහ ජ්‍යෙෂ්ඨ…