Author: kumudika

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read More

2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇති අතර එය ජුනි මාසයේ 1.7% ක් ලෙස වාර්තා විය. 2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජුනි මාසයේදී වාර්තා වුයේ 1.4% ක් ලෙසය. එමෙන්ම, 2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය 2024 ජුනි මාසයේදී 1.8% ක් ලෙස වාර්තා වී තිබේ.

Read More

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට පුද්ගලයන් 57 ක් පමණ රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.60 දෙනෙකුට ආමාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බව ද වැඩිදුරටත් සඳහන් වේ.

Read More

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල ඔලිම්පික් ගෝලීය ක්‍රීඩා ඉසව්වට සමගාමීව පළමු DXB ක්‍රීඩා මාලාව දියත් කර තිබේ. ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙම ගිම්හානයේදී සංචාරකයින් වෙත ගෝලීය ක්‍රීඩා අත්දැකීම් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ලොව විශාලතම ක්‍රීඩා ඉසව්වක් වන පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වෙන බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ රසිකයින් බොහෝ දෙනෙක් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් තොටුපළ සිය පළමු DXB ක්‍රීඩා උළෙල දියත් කර ඇතැයි සඳහන්. ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් වන මෙහි ක්‍රීඩාශීලිත්වය සහ සංස්කෘතික විවිධත්වය සැමරීමක් බවට පත් කරමින්, ගුවන් තොටුපළ Terminal 3 හි Family Zone…

Read More

ඉන්ධන මිල පසු විපරම් කමිටුව විසින් 2024 අගෝස්තු මස සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීම අනුමත කර ඇති අතර, 2024 ජූලි මාසයේ මිල ගණන්වලට සාපේක්ෂව ලීටරයකට ෆිල් 5 ත් 6 ත් අතර පරාසයක ඉහළ යාමක් සිදුව තිබේ. ඉන්ධන බෙදා හැරීමේ සමාගම් 2024 අගෝස්තු 1 බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන නව මිල ගණන් නිවේදනය කළේය. නව මිලකරණයට 5%ක අගය එකතු කළ බද්දක් ඇතුළත් වේ. Super 98 පෙට්‍රල් මිල ජූලි මාසයේදී ඩිරාම් 2.99 සිට අගෝස්තු මාසයේදී ඩිරාම් 3.05 දක්වා ෆිල් 6 කින් වැඩි විය. Special 95 පෙට්‍රල් මිල ජූලි මාසයේදී ඩිරාම් 2.88 සිට අගෝස්තු මාසයේදී ඩිරාම් 2.93 දක්වා ෆිල් 5කින් ඉහළ ගියේය.…

Read More

ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA) කලාපයේ පලමු Virtual Power Plant (VPP) ව්‍යාපෘතියේ නියමු අදියර සාර්ථකව නිම කර ඇත. DEWA හි MD සහ CEO වන HE Saeed Mohammed Al Tayer මහතා නිවේදනය කරන්නේ, VPP හි අරමුණ වන්නේ 2050 වන විට බලශක්ති සම්පත් (DERs) කළමනාකරණයේ විප්ලවීය වෙනසක් සහ බලශක්ති තිරසාරභාවය වැඩි දියුණු කිරීම බවයි. VPP ස්මාර්ට් ජාලයට සහය වන විවිධ DER ඒකාබද්ධ කිරීමට සහ පාලනය කිරීමට, AI අනාවැකි සහ ප්‍රශස්තිකරණය ඇතුළු උසස් ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරයි. මහා පරිමාණ පද්ධති නම්‍යශීලීභාවය සඳහා ඩිජිටල් සක්‍රීය කරන්නෙකු ලෙස එහි විභවය තක්සේරු කිරීමට DEWA දැනට විද්‍යුත් ජාලයේ සංඛ්‍යාංක ද්විත්වයක් භාවිතා කරමින් VPP පරීක්ෂා කරයි. මෙම…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ජාලයන් සඳහා දකුණු ප්‍රදේශ දුම්රිය නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ස්මාර්ට් පරීක්ෂණ වාහන අත්හදා බැලීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. AI පද්ධති සහ කැමරාවලින් සමන්විත මෙම වාහනවලට මෙම කලාප තුළ උල්ලංඝනය කිරීම්, සීමා කළ ක්‍රියාකාරකම් සහ හානි හඳුනාගත හැකිය. ස්මාර්ට් සේවා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් දියත් කරන ලද මෙම වැඩසටහන දෛනික පරීක්‍ෂණ කටයුතු විධිමත් කිරීම, ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සහ දුම්රිය සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරයි. RTA හි දුම්රිය නියෝජිතායතනයේ Rail Right of Way හි අධ්‍යක්ෂ අබ්දුල් රහ්මන් අල් ජනාහි මහතා අවධාරණය කළේ මෙම තාක්‍ෂණය මඟින් පරීක්ෂණ…

Read More

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, දැනට මාර්ගවල රථවාහන ගාල් කිරීම කළමනාකරණයට කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන ක්‍රමය වෙනුවට එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවයි. බොහෝවිට තව මාස 3ක් වගේ කාලයක් තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව ඔහු සඳහන් කලේය. කලාපය තුළ රථවාහන ගාල් කිරීම ක්‍රියාත්මක කිරීමේ දී අදාළ කලාපය තුළ පැයක් ඇතුළත ස්ථාන දෙක තුනක වුවද ගාල් කිරීමේ වාසිය රියදුරන්ට ලැබෙන බව ඔහු කියා සිටි.රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ…

Read More

කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි තේ අලෙවි කිරීමේ සාප්පු පවත්වා ගෙන යෑම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙරටින් පිටත් වීමේ ගුවන්යානා පැමිණෙන තෙක් මගීන් රැඳී සිටින ප්‍රදේශයේ තේ අලෙවි කිරීමේ සාප්පු 5 ක් දැනට ක්‍රියාත්මකය. එම සාප්පු පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Euro Scan Exports (Pvt) Limited, English Tea Shop (UK) Limited, Sunshine Consumer Lanka ,Limited,UHEExports (Pt) Limited,Ceylon Royal Teas (Pvt)…

Read More

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද ( 31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවේ යැයි සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන හිඟයක් වාර්තා වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඒ පිලිබඳ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට නිල වශයෙන් දැනුම් දුන් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීයෙකු සඳහන් කළේය.

Read More