Author: kumudika
පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අය-වැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2023 වසරේ ජනවාරි 01 සිට මැයි මස 31 වැනිදා දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අය-වැය පරතරයක් පැවැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම වසරේ එම කාලය තුළ අය-වැය පරතරය රුපියල් බිලියන 366ක් (කෝටි 36,600) ලෙස අඩු වී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. රට නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් මෙම ඉලක්කයට ළඟාවීමට හැකි වූ බව හෙතෙම අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලයලත් ආර්ථික මෙහෙයුම්කරුවන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන්…
එළැඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලය සඳහා වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2024-03-18 දිනැති ඇමැති මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබේ. ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් විය. ඒ අනුව එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ…
ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන් වේ.
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රධානියා වන ඉස්මයිල් හනියා ව ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි. ඉරානයේ ප්‍රධානතම ආරක්ෂක හමුදා ඒකකය වන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකින් හමාස් නායකයාගේ මරණය සනාථ කොට තිබේ. ස්මයිල් හනියා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණ ඇත්තේ, ඉරාන නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.හමාස් ප්‍රධානියා රැඳී සිටි ස්ථානයට එකවර එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු එම ස්ථානයේදීම මියගිය බව ඉරාන ආරක්ෂක අංශය පවසයි. මෙම ප්‍රහාරය ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවයේ ක්‍රියාවක් බවට ඉරාන රජය චෝදනා කරයි. එහෙත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත. 62 හැවිරිදි හනියා 2007 වසරේ සිට…
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂෙත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 දින පැවති අමාත්‍ය රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් බව කැබිනට් නිවේදනයේ සඳහන් වේ.එහිදී යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යස්ථාව විධිමත් පරිදි…
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පවත්වා ඇති බව වාර්තා වේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා තිබේ. එම රැස්වීමේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බව අනාවරණය වේ. එහිදී ප්‍රධාන වශයෙන් පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ. මීට අමතරව මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳවත් එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබේ.ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු රැස්වීම් අවස්ථාව මෙය ලෙස සඳහන් වේ.
ජූලි මාසයේදී ගෝලීය තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එමීර් රාජ්‍යයේ පෙට්‍රල් මිල අගෝස්තු මාසයේදත් ඉහළ යා හැකි බව පුරෝකථනය කෙරේ. සාමාන්‍යයෙන්, ගෝලීය තෙල් මිල ජූලි මාසයේදී බැරලයක් ඩොලර් 84 ක් පමණ වූ අතර ජුනි මාසයේදී ඩොලර් 82.6 ක් දක්වා ඉහළ ගියේය. බ්‍රෙන්ට් බොරතෙල් මාසය මුලදී බැරලයක් ඩොලර් 85 ට වඩා වැඩි වූ නමුත් ජූලි අග වන විට ඩොලර් 79.77 දක්වා පහත වැටුණි. තෙල් මිල ජූලි මාසයේදී ශක්තිමත්ව ආරම්භ වූ අතර, ජූලි 19 වන විට ක්‍රමයෙන් ඩොලර් 81.56 දක්වා අඩුවීමට පෙර පළමු සතියේදී බැරලයක් ඩොලර් 87 ඉක්මවා ගියේය. එක්සත් ජනපදයේ තෙල් තොගවල අඩුවීමක් හේතුවෙන්, අප්‍රේල් මාසයේ සිට ඉහළම මිල ගණන් ජූලි…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හජ් ක්‍රියාකරුවන් හතර දෙනෙකුගේ බලපත්‍ර ඉස්ලාමීය කටයුතු, පරිත්‍යාග සහ සකාත් පිළිබඳ සාමාන්‍ය අධිකාරිය විසින් අවලංගු කරන ලදී. පසුගියදා (29) බලධාරීන් නිවේදනය කළේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් 19 දෙනෙකුට දඩ නියම කළ බවයි. ඉස්ලාමීය කටයුතු, පරිත්‍යාග සහ සකාත් සඳහා වන පොදු අධිකාරියේ බලපත්‍ර කමිටුව විසින් පසුගිය හජ් සමයේදී (2024) වන්දනාකරුවන්ගේ පැමිණිලි මත තීරණ පදනම් විය. හජ් ක්‍රියාකරුවන් ,වන්දනාකරුවන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම් පිළිපැදිය යුතුය. වන්දනාකරුවන් කෙරෙහි නොසැලකිලිමත්කම රටේ වටිනාකම් සහ ප්‍රවේශයට පටහැනි බැවින්, කොන්ත්‍රාත්තුවේ පොරොන්දු වූ හා එකඟ වූ පරිදි සේවාවන්හි ගුණාත්මක භාවය තහවුරු කළ යුතු බව අධිකාරිය අවධාරණය කළේය.
පෘථිවියේ ජීවයක් බිහිව ඇත්තේ වසර බිලියන 1.5කට පෙර බවට සනාථ කරන අලුත් සාක්ෂියක් සොයාගෙන ඇතැයි ගැබොන් රාජ්‍යයේ විද්‍යාඥයන් පිරිසක් විසින් නිවේදනය කර තිබේ. එම විද්‍යාඥයින් පිරිස පුරෝකථනය කරන්නේ මුලින් අනුමාන කර තිබූ කාලසීමාවට වඩා වසර බිලියන 1.5කට පෙර පෘථිවියේ ජීවයක් බිහිව ඇති බවටයි. මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන ගැබොන් රාජ්‍යයේ විද්‍යාඥයින් පිරිසක් පෘථිවිය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනු ලබන බව වාර්තා වේ. පෘථිවියේ සත්ත්ව ජීවයක් මුලින්ම හටගෙන ඇති බව පෙන්වන පාරිසරික සාධක සහිත සාක්ෂියක් ගැබොන් රාජ්‍යයේ පාෂාණවලට ගැඹුරින් සොයාගෙන ඇති බව අදාළ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ඇත. ඒ අනුව වසර බිලියන 2.1කට පෙර පෘථිවියේ ජීවයක් පැවතී ඇතත් එම ජීවීන්…
ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට ඊයෙ (29) සිට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇත. රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමටද කටයුතු කරගෙන යන බව වාර්තා වේ. රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඊයේ එම ස්ථානයට ගිය බව සඳහන් ය. ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන රැසක් මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් බාරදී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.