Author: kumudika
විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ උත්සව නවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත. පාසල් නවයක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදෙන සක්වල වැඩසටහන් නවයක් මෙසේ අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ජන රැලි සඳහා මැතිවරණ කොමිසම නිහඬව සිටියද සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් මෙසේ අත්‍හිටු වීම අසාධාරණ බව නලින් බණ්ඩාර මහතා කියා සිටියි.තවද ඉදිරි දින කිහිපය තුළ සක්වල වැඩසටහන් හැත්තෑවක් සංවිධානය කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇත. නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පැවසීය. 2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බවද පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවද සඳහන් කළේය. වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ…
ලක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන සහ සුබසාධන වැඩසටහන් අනීතික ක්‍රියා නොවන හෙයින් එම වැඩසටහන් නවත්වන ලෙස රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග සහ උපදෙස් නිකුත් කිරීමට හැකියාවක් තමාට නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වෙත දන්වා යවා ඇත. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දය නුදුරේදීම පැවැත්වෙන බැවින් රට තුළ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් මඟින් පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනයන් සිදු වන බවට බොහෝ පාර්ශ්වයන් වෙතින් පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ කොමිසම් සභාව නිකුත් කර ඇති විධාන කඩකරමින් සිදු කරනු ලබන එම අනීතික ක්‍රියා නතර කරන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලෙස…
ගිණුමේ ශේෂයක් හෝ ශේෂයෙන් කොටසක් පාරිභෝගිකයාට ආපසු ගෙවනු නොලැබේ. වෙනත් Salik ගිණුමකට මාරු කරනු නොලැබේ. ඩුබායි මෝටර් රථ හිමියන්ට දැන් යාවත්කාලීන කල Salik Toll පද්ධතිය අනුව ගාස්තු නීති උල්ලංඝනය කරන වාහන වලට වාර්ෂිකව Dh10,000 දක්වා දඩ නියම කෙරේ. ඩුබායි හි Toll Gate ක්‍රියාකරු විසින් හඳුන්වා දී ඇති නව නියමයන් සහ කොන්දේසි ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ රියදුරන් අතර අනුකූලතාව වැඩි දියුණු කිරීම මෙහි අරමුණු වේ. නව Salik නියමයන් යටතේ උල්ලංඝනය කිරීම සඳහා වාහනයකට පැනවිය හැකි Salik ගාස්තු ක්‍රමයට අදාළ ඉහළම දඩ මුදල් ප්‍රමාණය ජනවාරි 1 දා සිට දෙසැම්බර් 31 දක්වා වර්ෂයකදී Dh10,000 නොඉක්මවිය යුතුය. ගාස්තු උල්ලංඝනය කිරීමක් රියදුරන්ට…
එමීර් රාජ්‍යය මිනිස් ජාවාරමට ගොදුරු වූවන් යොමු කිරීම සඳහා විද්‍යුත් පද්ධතියක් දියත් කරන බව සඳහන් වේ. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන මුලපිරීමකි. 2024 ජූලි 30 දා එක්සත් ජාතීන් විසින් පිහිටුවන ලද, දැනුවත් කිරීම සහ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා වන පුද්ගල ජාවාරමට එරෙහි ලෝක දිනය සනිටුහන් කරයි. අධිකරණ අමාත්‍ය Abdullah bin Sultan bin Awad Al Nuaimi මහතා, ජනාධිපති ගරු Sheikh Mohamed bin Zayed Al Nahyan මහතා යටතේ එමීර් රාජ්‍යයේ දැඩි ක්‍රියාමාර්ග සහ යාවත්කාලීන නීති මගින් මෙම අපරාධය මුලිනුපුටා දැමීමට ඇති කැපවීම ඉස්මතු කළේය. මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමේ ජාතික කමිටුව නව ප්‍රතිපත්ති සහ 2023…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඩුබායි ක්‍රීක් වරාය ආශ්‍රිත ප්‍රදේශවලට සේවය කිරීම සඳහා සමුද්‍ර ප්‍රවාහන මාර්ග දෙකක් සංවර්ධනය කර ඇත. පළමු මාර්ගය ඩුබායි ක්‍රීක් වරාය සහ ඩුබායි ෆෙස්ටිවල් ටවුන් අතර සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා) සවස 04:00 සිට රාත්‍රි11:55 දක්වා ක්‍රියාත්මක වේ. දෙවන මාර්ගය ඩුබායි ක්‍රීක් වරාය අල් ජඩාෆ් සමුද්‍ර ප්‍රවාහන ස්ථානය සහ අල් ඛෝර් මෙට්‍රෝ දුම්රිය ස්ථානයට සම්බන්ධ කරයි. එය සතියේ දිනවල (සඳුදා සිට සිකුරාදා දක්වා)උදෑසන 07:30 සිට උදෑසන 10:50 දක්වා සහ සවස 04:00 සිට රාත්‍රි 10:50 දක්වා ක්‍රියාත්මක වේ. එක් නැවතුමක් සඳහා ගාස්තුව ඩිරාම් 2 ක් පමණි. මෙම මාර්ග දෙක එමිරේට්ස් හි සංචාරක ආකර්ෂණ ස්ථාන සම්බන්ධ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.77ක් ලෙස පහළ ගොස් ඇත. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙසේය. • මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.63, විකුණුම් මිල රුපියල් 308.31යි • කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.17, විකුණුම් මිල රුපියල් 307.00 යි • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයක ගැනුම්මිල රුපියල් 299.50, විකුණුම් මිල රුපියල් 306.50යි • සෙලාන් බැංකුව – ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.25 ,…
ශ්‍රී ලයන්ස් සංවිධානයෙහි ශ්‍රී ලංකා වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජූලි 26 වන දා කොළඹදී පැවැත්විණි. එහි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතා එම සංවිධානයේ සාර්ථකත්වය සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙමින් පෙරගමන්කරුවන් වූ සාමාජිකයින්ට සිය සතුට හා කෘතඥතාව පළ කළේය. මෙම සංවිධානය මෙතෙක් පැමිණි ගමන පිළිබඳ ආවර්ජනය කරමින් ඒ මහතා සඳහන් කළේ, “මෙය අපගේ සමාරම්භක මෙහෙයුම් වසරයි. අප තවමත් මුල් අවධියේ සිටින අතරම, අපගේ ප්‍රගතිය සැබවින්ම විශිෂ්ටයි” යනුවෙනි. වසරේ ජයග්‍රහණ ඉස්මතු කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, පසුගිය වසර තුළ ශ්‍රී ලයන්ස් සංවිධානය බලාපොරොත්තු වූවාට වඩා වැඩි ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවයි. විශේෂයෙන්ම ඉහළ තරඟකාරී ක්‍රීඩා සහ ප්‍රජා සහභාගීත්වය යන…
2024, පැරිස් ඔලිම්පික් උළලෙහි මීටර් 100 පසුපස ආර කාන්තා මූලික පිහිනුම් ඉසව්ව ජයගැනීමට ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න සමත් විය. ඒ සඳහා ඇය ගත කළ කාලය විනාඩි 1.26 කි. දෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත් තෙවන ස්ථානය තුර්කියටත් හිමි වූ බව සඳහන් වේ. කෙසේ වෙතත් අදාළ තරග ඉසව්ව නිමා කළ කාලය අනුව ඇයට අවසන් 16 දෙනෙක් අතරට එක්වීමට නොහැකිවිය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකඟ වී ඇතැයි ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් ඊයේ (28) දින නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ එම වැටුප ලබාදිම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් රජයට පවරාගෙන එම වැටුප ගෙවිමට හැකි වෙනත් සමාගම් වලට එම වතු පවරා දෙන බවයි. ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම…