Author: kumudika

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය දක්වන අපේක්ෂකයා හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක හිතපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගන්නා බවද ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පක්ෂය තීරණය කළහොත් උඩින්ම සහාය දෙන බවද හෙතෙම සඳහන් කරයි. වෙනත් අපේක්ෂකයෙකු පත් කිරීමටද පක්ෂය තීරණය කළොත් ඒ සඳහාද සහය දෙන බවද ඔහු පැවසීය. පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තම පුද්ගලික මතය මත අපේක්ෂකයන්ට සහාය දීමට තීරණය කර ඇති බවත් එම පිරිසට අවශ්‍ය නිදහස ලබා දුන් පසුව එය ගැටලුවක් නොවනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

Read More

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛයක් මැතිවරණ කොමිසම විසින් නිලධාරීන් වෙත යොමු කර ඇත. සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බව එහි සඳහන් ය. ජනාධිපතිවරණයේදී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තවද ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ(27) පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූහ. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 213ක් රැස් කළේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 58ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 49ක් රැස්කරන ලදි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත්තේය. ඒ අනුව ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 19යි පන්දු 02ක දී සියලුදෙනා…

Read More

පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය 2024 ජූලි 26 සිකුරාදා පැරිසියේදී පැවැත් විය. මෙම කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව සඳහා ජාතික ඔලිම්පික් කමිටු 200 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අතර 500 ක් සත්කාරකත්වය සපයනු ලබයි. ක්‍රීඩා 32 ක් සඳහා තරඟ අවස්ථා 329 ක් සඳහා ස්ථාන 35 දී තරඟ වදිනු ඇත. මෙම අවස්ථාවට මාධ්‍ය නියෝජිතයින් 20,000 ක් සහ ස්වේච්ඡා සේවකයන් 45,000 ක් සම්බන්ධ වේ. එමීර් රාජ්‍යයේ ජාතික ඔලිම්පික් කමිටුව (NOC) නිවේදනය කළේ එමිරාති ක්‍රීඩකයින් 14 දෙනෙකු ක්‍රීඩා පහකට සහභාගී වන බවයි. එම ඉසව් වන්නේ අශ්වාරෝහක, ජූඩෝ, පාපැදි, පිහිනුම් සහ මලල ක්‍රීඩාය. ක්‍රීඩා උළෙල අගෝස්තු 11 වැනිදා අවසන් වේ. නිල සමාරම්භක උත්සවයෙන්…

Read More

ජීවන වියදම් සහ දුර්වල සෞඛ්‍යය එමීර් රාජ්‍යයේ නව බිළිඳුන්ගේ සංඛ්‍යාව සඳහා ප්‍රධානව බලපාන බවත් එම නිසා උපත් අනුපාතය පහත වැටීම හේතුවෙන් අනාගත ශ්‍රම හිඟයක් ඇති විය හැකි බවට විශේෂඥයින් සැක පල කරති. උපත් පාලන ක්‍රම සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහ වෘත්තීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට මාතෘත්වය ප්‍රමාද කරන කාන්තාවන් වැඩි වීම, ලොව පුරා දක්නට ලැබෙන අනෙකුත් දායක සාධක වේ. වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය විසින් 2021 දී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ කාන්තාවකගේ ජීවිත කාලය තුළ උපත ලබන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව 1950 දී 4.84 %සිට 2021 දී 2.23 % දක්වා පහත වැටී…

Read More

2024.07.22 දින සිට ඊයේ (26) දක්වා ගතවූ දින 5 ක කාලය තුළ විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් දොළොස් දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කටාර්, නවසීලන්තය, මැලේසියාව, රුමේනියාව හා කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දොලොස් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නවසීලන්තයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ නීතිවිරෝධි ආයතනයක්ද කුරුණෑගල ප්‍රදේශයේදී වැටලීම් කර තිබේ. එහි තිබී ජිව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන අඩංගු ලිපිගොනු 108ක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී. කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා…

Read More

ජනාධිපතිවරණයේදී තමාට නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් පවතින විට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස එලෙස ඉල්ලුම් කළ හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරි හා මැතිවරණ කාර්යාලවලින් ලබාගත හැකිය. අදාළ අයැදුම්පත්‍ර ලබන අගෝස්තු පළමු වැනිදා හෝ ඊට පෙර, මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු වේ. ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ලවා ඉල්ලුම්පත්‍රය…

Read More

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාව එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග දන්වා සිටී. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට දිනයේද (28) හමුවීමට නියමිත බව සඳහන් වේ. එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද එම නිලධාරියා කීය. පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්, පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල්…

Read More

සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ‍කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතු බවත් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවති එම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය. ඩිජිටල් යටිතල පහසුකම් (Digital Public infrastructure – DPI) ලංකාවේ රාජ්‍ය අංශය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවූ අස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් (Presentation) සිදු කරමින් කාරක සභාව දැනුවත් කිරීමක් සිදු කරන ලැබූ අතර මෙම සාකච්ඡාව සඳහා තාක්ෂණ අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්…

Read More

අබුඩාබි ක්‍රීඩා කවුන්සිලය නිවේදනය කර ඇත්තේ තුන්වන පාපැදි අබුඩාබි ග්‍රැන් ෆොන්ඩෝ 2024 නොවැම්බර් 16 වන දින පැවැත්වෙන බවයි. පාපැදි ධාවන පථය අබුඩාබියෙන් ආරම්භ වී අල් අයින් වලින් අවසන් වන කිලෝමීටර 150 ක මාර්ගයකින් සමන්විත වේ. තරඟයේ තුන්වන සංස්කරණය සඳහා වන මුළු ත්‍යාග සංචිතය ඩිරාම් මිලියන 2 ක් වන අතර එය එමීර් රාජ්‍යයේ වඩාත් ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව්වක් බවට පත් කරන අතර ලෝක මට්ටමේ පාපැදි ඉසව් සංවිධානය කිරීමට අබුඩාබි දරන උත්සාහයට සහාය වේ. සිය ගණනක උද්යෝගිමත් පිරිසකගේ සහභාගීත්වය හේතුවෙන්, පාපැදි පැදීමේ වැදගත්කම සහ ජනගහනයේ සාමාන්‍ය සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා එහි කාර්යභාරය ද මෙම තරඟයෙන් ඉස්මතු කරයි. අබුඩාබි ක්‍රීඩා කවුන්සිලයේ ප්‍රධාන ලේකම් අරෙෆ්…

Read More