Author: kumudika

චයිනා මර්චන්ට් පෝට් සමාගම කොළඹ වාරය පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. කොළඹ වාරයේ ජැටිය හෝ බහාලුම් අංගනය වැඩිදියුණු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගියදා දැනුම් දීමෙන් අනතුරුව චයිනා මර්චන්ට් පෝට් සමාගම මෙම තීරණයට එළඹී තිබිණි. කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ පාලන බලතල හිමිවී තිබෙන්නේද චයිනා මර්චන්ට් පෝට් සමාගමටය. ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ආයෝජනයකින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලබාදුන්නේය. එම තීරණය නිල කැබිනට් වෙබ් අඩවියේද…

Read More

සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් අද (8) සහ අනිද්දා (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ. ඒ අනුව අද සහ හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙමින් සියලූම සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසීය. සේවා ශ්‍රේණි භේද නැතුව රුපියල් 25000ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම්…

Read More

අඟහරු ග්‍රහයා මත කාබන්ඩයොක්සයිඩ් වායුව 95% ක් මිශ්‍ර වායු ගෝලයක් සහ සෙල්සියස් අංශක 196කට වඩා අඩු උෂ්ණත්වයක් ඇති බැවින් එහි පාසි වර්ගයක් වගා කිරීමේ හැකියාව ඇතැයි චීන විද්‍යාඥයන් පිරිසක් නව අධ්‍යයනයකින් සොයාගෙන ඇත. සූර්යයාගේ පාරජම්බුල කිරණ හා ජලය නොමැති තත්ත්වයක වුවද, අඩු වායුගෝලීය පීඩනයක් යටතේ වගා කළ හැකි එම පාසි වර්ගය අමෙරිකාවේ මොජාවේ කාන්තාරයේ දක්නට හැකි සින්ට්‍රිෂියා කැනිනර්විස් නමැති දුර්ලභ පාසි විශේෂයක් බවත් චීන විද්‍යාඥවරු මේ වන විට හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඒ අනුව කාන්තාර පාසි විශේෂය අඟහරු මත වගා කිරීමේ හැකියාව තහවුරු වන්නේ නම් එහි ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇතැයි ද චීන විද්‍යාඥයන් පිරිස…

Read More

සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවාවන්හි ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන අජ්මාන් පදනම් කරගත් Thumbay සමූහය, එමීර් රාජ්‍යයේ සුවිශේෂී අධ්‍යාපනය සඳහා සැලකිය යුතු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Thumbay College of Management සහ Healthcare හි AI පද්ධති පිහිටුවීමට සැලසුම් කරන බව නිවේදනය කළේය. සෞදි අරාබිය, ලන්ඩන් සහ සිංගප්පූරුව සඳහා පසුව ව්‍යාප්ත කිරීමට නියමිත අතර වසරක් ඇතුළත ඩුබායි හි විද්‍යාලය විවෘත කරන බව නිර්මාතෘ සහ ජනාධිපති ආචාර්ය තුම්බේ මොයිඩීන් හෙළි කළේය.නිර්මාතෘ සහ ජනාධිපති ආචාර්ය තුම්බේ මොයිඩීන්මහතා ගල්ෆ් වෛද්‍ය විශ්ව විද්‍යාලය (GMU) විසින් සංවිධානය කරන ලද කර්මාන්ත හවුල්කරුවන්ගේ රැස්වීමකදී අදහස් දක්වමින් කියා සිටියේ Covid-19 විසින් එල්ල කරන ලද අභියෝග මධ්‍යයේ උපායමාර්ගික වර්ධනය අවධාරණය කරමින්, සෞඛ්‍ය, අධ්‍යාපනය…

Read More

නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර හා සමාන ස්ථාපිත ක්‍රියා පටිපාටි සහ බෙදා හැරීමේ මාර්ග හරහා ය. එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර අධිකාරිය එමිරාටි විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය වසර 10 දක්වා දීර්ඝ කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරියට (ICP) අනුව, මෙම නව සේවාව වයස අවුරුදු 21 සහ ඊට වැඩි පුරවැසියන් සඳහා 2024 ජූලි 8 සඳුදා සිට ලබා ගත හැකිය. සාමාන්‍යයෙන්, විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය නිකුත් කළ දින සිට වසර පහකි.නව වසර 10ක විදේශ ගමන් බලපත්‍ර සේවාව මගින් සෑම වසර 10කට වරක්ම…

Read More

අදියර දෙකක් යටතේ පැවති ඉරාන ජනාධිපතිවරණයෙන් “මසූඩ් පෙසෙෂ්කියන්” (Massoud Beseshkian)ජය ගෙන තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ “සයිඩ් ජලීලි” අභිබවා මිලියන 16 දශම 3 ක ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගනිමින්, “මසූඩ් පෙසෙෂ්කියන්” එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින බව, ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඉරානයේ හිටපු ජනාධිපති “ඊබ්‍රහිම් රයිසිගේ” හදිසි අභාවයෙන් පසු එම ධුරයේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඉරාන හදිසි ජනාධිපතිවරණයට අදාළ ඡන්ද වීමසීම වට දෙකකින් පැවැත්විණි. ඉකුත් ජුනි 28 වැනිදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී “මසුඩ් පෙසෙෂ්කියන්” සියයට 42.5 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියට පැමිණ සිටියේය. “සයීඩ් ජලීලි” සියයට 38.7 ක ඡන්ද ප්‍රමාණයක් ලබා දෙවැනි…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පත් කර ඇති බව වාර්තා වේ. ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි ක්‍රිකට් තරගාවලි සඳහා මෙම පත්කිරීම සිදු කර තිබේ. සිල්වවුර්ඩ් පුහුණුකරු ලෙස සේවයෙන් ඉවත් වී යාමත් සමඟ ඇති වී තිබෙන පුරප්පාඩුවට සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය මහතා අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. ඔහුට හිමි වන පළමු අභියෝගය නම් ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි. ඉන් පසු තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව එංගලන්ත සංචාරයක නිරත වීමට නියමිතයි. සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු…

Read More

2024 දී ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය මේ බව තහවුරු කර ඇති ආකාරයට, ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර මේ මස 26 වනදා ආරම්භ වන 33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

Read More

එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධ කිරීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු ඊයේ (06) උදෑසන දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. පසුගිය ජූලි පළමුවැනිදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මඟින් එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුනි. ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සිදු කල සොයා බැලීමේදි ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකුද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව අනාවරණය විය. ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු…

Read More

නව අබුඩාබි පිළිකා සත්කාර මධ්‍යස්ථානයක් රක්ෂණ තත්ත්‍වය කුමක් වුවත්, නොමිලයේ උපදේශන සහිතව රෝහලට ඇතුළත් වන රෝගීන් සඳහා එදිනම පරීක්ෂා කිරීම් ලබා දීමට ප්‍රතිඥා දී ඇත. පසුගියදා විවෘත කරන ලද Burjeel පිළිකා ආයතනය, විශේෂිත පියයුරු පිළිකා ඒකකයක්, පෞද්ගලික රසායනික චිකිත්සක කට්ටල සහ මහල් හතරක් පුරා පිහිටුවා ඇති විශේෂිත සායන ගණනාවකින් සමන්විත වේ. එය ඉලක්කගත චිකිත්සාව, නිරවද්‍ය ඖෂධ, විකිරණ චිකිත්සාව සහ පිළිකා රෝග විනිශ්චය සඳහා AI භාවිතා කිරීම සඳහා අති නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරයි.ඉවසීම සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය Sheikh Nahyan bin Mubarak මහතා විසින් මෙම ආයතනය විවෘත කරන ලදී. ආයතනයේ ප්‍රධානී Humaid Al Shamsi මහතා විශ්වාස කරන්නේ නොමිලේ පිළිකා උපදේශන ලබා…

Read More