Author: kumudika

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත. බැංකු ක්‍ෂේත්‍රය ආශ්‍රිතව වසර 30කට අධික පළපුරුද්දක් සහිත ද සොයිසා මහතා, වසර 25කට අධික සිය කළමනාකරණ පළපුරුද්ද හරහා දේශීය මෙන් ම ගෝලීය බැංකු වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති වෘත්තිකයකු ලෙස හඳුන්වා දිය හැක. “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව වගේම රටේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස හඳුන්වා දිය හැකි ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙනවා. ලංකා බැංකුවේ නිලධාරීන් සමඟ එක්ව ගනුදෙනුකරුවන් සහ සියලු පාර්ශ්වකරුවන් වෙත සුවිශේෂී සේවාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘ජාතියේ මහා…

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයකට සහභාගි වීම සඳහා ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ලබන වසරේ ජනවාරි 20 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගි වන ටෙස්ට් තරග 2කම ගාල්ලේදී පැවැත් වේ. ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියට අදාළව මෙම තරග දෙකම පැවැත්වෙන අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 සිට පෙබරවාරි 2 වැනිදා දක්වාත් දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6දා සිට 10 වැනිදා දක්වාත් පැවැත් වෙන බව සඳහන් ය.

Read More

ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.  ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල ආවරණය…

Read More

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි. “ක්ෂේත්‍රයේ පැවැත්මට සහ වර්තමානයට අනුව මේ සතිය වෙද්දි ව්‍යාප්තියේ යම් යම් අඩුවීම් වෙලා තියෙනවා. කර්මාන්තයත් රැක ගන්න ඕනේ නිසා අපි ගැසට්ටුව යම් කාරණා සම්බන්ධයෙන් ලිහිල් කරලා තවත් ගැසට්ටුවක් අලුතින් නිකුත් කළා. නොවැම්බර් 4 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු එම ගැසට් පත්‍රය බලාත්මකයි. ඒ ගැසට්ටුව අනුව අපි කලින් කිව්වේ සතුන්…

Read More

2025 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 යන දිනවල සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවට ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේය.ඒ අතර ඉන්දීය ක්‍රීඩකයින් 1,165ක් සහ විදේශ ක්‍රීඩකයින් 409ක් සිටින බව සඳහන් වේ. ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟ සඳහා මීට පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 320ක්, ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් 1,224ක් සහ පාකිස්ථානය හැර ක්‍රිකට් ක්‍රීඩා කරන සෙසු රටවල ක්‍රීඩකයින් ද අදාළ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් 29 දෙනෙකු ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව සඳහන් වේ. පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්…

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්තයේ සිට සංචාරකයන් පිරිසක් අද (නොවැ 05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ. ඔවුන් පැය 24ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව අද උදෑසන 8:33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. 24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිත වේ. මෙම සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරයෙහි නියැලීමට සැලසුම් කර තිබේ.

Read More

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟා වූහ. විස්සයි විස්ස පළමු තරගය එළඹෙන 09 වන දාත්, දෙවන තරගය එළඹෙන 10 වන දිනත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට නියමිතය. එක් දින සීමිත ඕවර් 50 පළමු තරගය 11/13 දින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් ,ඉතිරි තරග දෙක 11/17 දින සහ 11/19 දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙසත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 12 දෙනෙකු මෙසේ ඊයේ රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු…

Read More

මේ දිනවල ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන පොල් හිඟයට සහ මිල ඉහළ යාමට විසඳුමක් ලෙස පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට ගත හැකි යයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ පොල් පරිභෝජනයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරන බවයි. එම තත්ත්වය මත පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට හුරු වීමෙන් මතුව ඇති ගැටලු‍වට යම් ආකාරයක අස්වැසිල්ලක් ලබාගත හැකි බව අධිකාරිය සඳහන් කරයි.

Read More

නොවැම්බර් 10 වෙනිදා Dubai Ride සහ නොවැම්බර් 24 Dubai Run යන ඉසව් දෙක සඳහා මෙම මාර්ග වසා දැමීම සිදු කෙරේ.නොවැම්බර් 10 වෙනිදාට නියමිත Dubai Ride මෙම සුවිශේෂී අධිවේගී මාර්ගය දිගේ ක්‍රියාත්මක වේ. තරඟකරුවන්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසා දීම සඳහා, මාර්ගය තාවකාලිකව වසා දමනු ලැබේ. සහභාගිවන්නන් උදේ 8:15 ට ඔවුන්ගේ සවාරිය අවසන් කළ යුතු අතර, කෙටි වේලාවකට පසු මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කෙරේ. ඉන් සති දෙකකට පසුව, නොවැම්බර් 24 වෙනිදා Dubai Run සඳහා ෂීක් සයීඩ් පාර නැවත වරක් අලුයම වසා දමනු ඇත. මෙම වාර්ෂික ඉසව්ව ධාවකයන්ට නගරයේ මධ්‍යම අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමේ දුර්ලභ අවස්ථාව ලබා දෙයි. මගීන් සඳහා…

Read More

මහ බැංකුව විසින් නොවැම්බර් 06 වැනි හෙට දින රුපියල් මිලියන 175,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි. ඒ සදහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණි.ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය.

Read More