Author: kumudika
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීමේ අරමුණෙන් දිනකට ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ සඳහා අතිරේක කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. පැය 24 පුරා සේවය සැලසීමේ වැඩපිළිවෙළ සඳහා අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින් බඳවා ගැනීමට නියමිතය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනමින් සේවයේ යෙදවීමට සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ…
රථවාහන තදබදයට මුහුණ දෙන රියාද් හි පදිංචිකරුවන්ට සැලකිය යුතු දියුණුවක් ඉක්මනින් අපේක්ෂා කළ හැකිය. රියාද් නගරය සඳහා රාජකීය කොමිසම (RCRC) නගරයේ රථවාහන ප්‍රවාහය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති නව යටිතල පහසුකම් ව්‍යාපෘති අටක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ව්‍යාපෘති ඔටුන්න හිමි ගරු මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නායකත්වයෙන් දියත් කරන ලද රියාද් මුදු මාර්ග සහ ප්‍රධාන අක්ෂය සංවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ කොටසකි. SAR බිලියන 8 ක සම්පූර්ණ ආයෝජනයක් සමඟින්, මෙම වැඩිදියුණු කිරීම් තදබදය සමනය කිරීම, සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සහ නගරය පුරා මාර්ග ධාරිතාව ඉහළ නැංවීමට හේතු වනු ඇත. රියාද් රථවාහන වැඩිදියුණු කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති මෙසේයි.• 1. තුර්කි බින්…
ඩුබායි නගරය 2033 උපාය මාර්ගික කොටසක් ලෙස ලොව උසම සුවතා නිකේතනය(wellness resort) වන Therme Dubai දියත් කිරීමත් සමඟ තවත් ලෝක වාර්තාවක් බිඳ දැමීමට සූදානම් වේ. Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද සුවිශේෂී ව්‍යාපෘතිය මීටර් 100 ක් උසින් යුක්ත වන අතර එය Zabeel Park හි පිහිටා ඇත. එය 2028 දී විවෘත කිරීමට අපේක්ෂා කෙරේ. Therme Dubai සැලසුම් කර ඇත්තේ නාගරික ජෛව විවිධත්වය සහ පාරිසරික තිරසාරත්වය වැඩිදියුණු කිරීම සඳහා වන අතර එය හරිත අනාගතයක් සඳහා ඩුබායි හි කැපවීම පිළිබිඹු කරයි. “මෙම නවෝත්පාදන ව්‍යාපෘතිය නාගරික ජෛව විවිධත්වය සහ පාරිසරික තිරසාරත්වය ඉහළ නැංවීමට සහ ඩුබායි හි…
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට (NCM) අනුව සති අන්තයේ දී මඳ වර්ෂාපතනයක් ඇති වීමේ සම්භාවිතාවක් සහිතය. පෙබරවාරි 6 – බ්‍රහස්පතින්දාවිටින් විට නැවුම් සුළං පැයට කිලෝමීටර 35 දක්වා වේගයෙන් ළඟා වේ. පෙබරවාරි 7 – සිකුරාදාවෙරළබඩ ප්‍රදේශවල වලාකුළු සහිතය. රාත්‍රියේදී සුළු වර්ෂාපතනයක් ඇති විය හැක. තද සුළං අපේක්ෂා කෙරේ. පෙබරවාරි 8 – සෙනසුරාදාඋතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි සමග අර්ධ වශයෙන් වළාකුළු සහිතය. උෂ්ණත්වය තරමක් පහත වැටෙනු ඇත. රාත්‍රී කාලයේ සහ අලුයම කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන අතර මාර්ගවල ගමන් කිරීමේදී අවධානයෙන් සිටින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. සති අන්තය ළං වන විට අරාබි ගල්ෆ් මුහුද රළු වනු ඇත. නිවැසියන්…
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය. කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා, “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට.” “සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට.” “කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා.” සහල් මිල ගැනත් හිතලා… ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.”
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද(05) සිට රුපියල් 2000 ක් ගෙවිය යුතු වේ.රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගිය දා වැඩි කළේ, පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව ගත් තීරණයකට අනුවයි. යෝජනාව ඉදිරිපත් වූයේ ආණ්ඩු පක්ෂයෙනි.ඒ අනුව උදෑසන ආහාර වේල රුපියල් 600කටත්, දහවල් ආහාර වේල රුපියල් 1200 කටත්, සවස තේ රුපියල් 200 කටත් ලබාදිය යුතු බවට තීරණය කෙරුණි. පසුගිය පළමුවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගනු ලැබුවද ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස් වන්නේ අද දිනයේයි. මේ අතර විදේශ විනිමය පාලන පනත යටතේ නියෝගයක් හා ආනයන අපනයන පාලන පනන යටතේ නියෝග දෙකක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීමට නියමිතයි.
රට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් නැවත වතාවක් ඉහල යමින් තිබේ. රජය විසින් නව බදු හඳුන්වාදීමත් සමඟ ආනයනය කරන වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රවණතාවය ඇතිවී තිබේ. පැවැති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් භාවිත කල වාහන මිලට ගැනීම අඩු කිරීම මත ආසන්න දින කිහිපය තුළ දෙවන පෙල වාහන සැලකිය යුතු ලෙස පහළ බැසීමක් සහ අලෙවි අඩුවීමක් දක්නට ලැබිණි. නමුත් නව බදු හඳුන්වා දීමෙන් පසු ආනයනික වාහන මිල ගණන් ඉහල යාමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබේ.
සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, අවශ්‍ය පිරිස 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු බව දැනුම් දී තිබේ. ඉහත දුරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
දැනට අය කරන සියයට 30 ක ආදායම් බද්ද සමග සියයට 18 ක වැටුප් වර්ධකය හා වැට් බද්ද (18%) ගෙවීමට සිදු වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් 300කට අධික පිරිසකට එම කර්මාන්තයෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් මේ නිසා 350,000 කට අධික පිරිසකගේ රැකියා අවිනිශ්චිතාවකට පත්වන බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයෙහි නියෝජ්‍ය මහලේකම් රුමේශ් පෙරේරා පැවසීය. සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් මිලියනයකට අධික පිරිසක්ද වක්‍රකාරව සේවයේ නිරතව සිටිති. ඔවුන්ටද ඝෘජුවම මෙම ගැටලුව බලපායි. දැනට ක්‍රියාත්මක සරල කරන ලද වැට් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය විසින් තීරණය කර තිබුණ ද එම තීරණයට ඒකාබද්ධ ඇඟලුම්…
ඩුබායි හි ප්‍රථම වරට පවත්වනු ලබන ඉඩම් හා නිවාස ප්‍රදර්ශනය පෙබරවාරි 8 සහ 9 යන දෙදින පුරා Pullman Hotel Deira City Center හි Al Tawasal ශාලාවේදී පැවැත්වීමට නියමිතය. උදෑසන 10.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව පවතින මෙම ප්‍රදර්ශනය සඳහා නොමිලේ ප්‍රවේශ විය හැකිය. නිවාස හෝ ඉඩම් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඩුබායි හි වෙසෙන ලාංකික සැමට මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වීමෙන් ඉඩම් හා නිවාස සම්බන්ධව මාර්ගෝපදේශ ඇතුළු සේවා රැසක් ලබා ගැනිමට අවස්ථාව හිමි වේ. AV Holdings විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රහය Prime Lands Pvt Ltd, Nebula homes real Estates (Private) ltd වෙතින් ලබා දේ. Prime Land, SPK…