Author: kumudika

පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඉකුත් 08 වැනිදා ජා-ඇල, උතුරු බටගම පිහිටි දේශීයව එකලස් කෙරෙන යතුරු පැදි සඳහා වයර් හානස් ( Wire Harness ) නිපදවන ඇකොලේඩ් වෙන්චර්ස් (Accolade Ventures) කර්මාන්තශාලාව, මෝටර් රථ සඳහා අමතර උපාංග නිපදවන එෆ්.ආර්.පී. ටෙක්නොලොජීස් (FRP Technologies ) කර්මාන්ත ශාලාව, මෝටර් රථ හා යතුරුපැදි සඳහා ආසන හා කවර ඇතුළත් උපාංග නිපදවන ඔටෝ ෆෝම් (Auto Foam) කර්මාන්තශාලා ත්‍රිත්වය නිරීක්ෂණය සඳහා එක්වෙමිනි. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට දේශීය වශයෙන්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක්ව තිබේ. ඔවුන් අද (10) උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ඇත. ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. එමීර් රාජ්‍යයේ ජනාධිපති ගරු ශෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම…

Read More

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඔස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ. 2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා ආදී පුළුල් සේවා රැසක් සහිත පරිපූර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ…

Read More

ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ තානාපති වැඩසටහන (SLCAP) ආරම්භ කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත්කිරීමෙහිලා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන එකට එක්ව, ව්‍යාපාර ඉසව් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමෙහිලා වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාව මෙය වේ. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර කොංග්‍රස් සහ සම්මේලන සංගමයේ (ICCA) ප්‍රධාන විධායක නිලධාරි සෙන්තිල් ගෝපිනාත් මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන ඇරඹීය. මෙරට සංවිධාන ප්‍රධානින් සහ වෘත්තිකයන් ගෝලීය වේදිකාව මත…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිල්ලර වෙළෙන්දෝ දැවැන්ත රාමසාන් අලෙවිය ආරම්භ කර ඇත. 70% දක්වා වට්ටමක් මෙහිදී හිමි වේ. රාමසාන් සාප්පු සවාරි සමය නිල වශයෙන් ආරම්භ වී ඇති අතර 2024 Statista සමීක්ෂණයකින් හෙළි වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාප්පු සවාරි යන්නන්ගෙන් 60% රාමසාන් සමයේදී සැලසුම් කළ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බවයි. මේ වසරේ පාරිභෝගික පුරුදු යළිත් වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, YouGov වාර්තා කරන්නේ සිල්ලර බඩු සහ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මේ වන විට UAE පාරිභෝගිකයින්ගේ වියදම් කාණ්ඩයේ ඉහළින්ම තිබෙන බවය.

Read More

රික්ටර් මාපාංක ඒකක 7.6ක භූ කම්පනයක් කැරිබියන් දූපත් ප‍්‍රදේශයේ ඇතිව තිබේ.එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එහි කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 පමණ දුරින් පිහිටි බවය. මේ නිසා රටවල් කිහිපයක් සඳහා හදිසි සුනාමි අනතුරු ඇඟවීම් තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.

Read More

2025 ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් දිවයිනට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව 17.5% ක වැඩිවීමක් බවද සඳහන් වේ. පසුගිය වසරේ (2024) ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.

Read More

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත්තේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි. 2025 ජනවාරි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බවද කම්කරු කාර්යාලය සදහන් කරයි. සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා සේවක අර්ථසාධක අරමුදල යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබේ. ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස…

Read More

මේ වසරේ පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ. ඒ අනූව මේ වසරේ ශ්‍රී ලංකාවට දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් ඇත.

Read More

ඩුබායි සිට දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ බෙලිඅත්ත, අකුරැස්ස පොලිස්ථාන වෙත භාරදී තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමේ සිද්ධීන් 4 ක් සහ පුද්ගලයෙකුට පහරදී නිවසකට අලාභහානි කිරීමේ සිද්ධියකට සැකකරුවෙකු වූ කදන්ගම දෙණියේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් කොලොන්නාවේ චන්දන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවයි. රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැත්තා අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනයට අදාළ සැකකරුවෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලීසියට භාරදී ඇත. නාඩ කන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැත්තා ද ඊයේ ඩුබායි සිට…

Read More