Author: kumudika
එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත්තේ පසුගියදා පැවති එරට ජාතික දිනය නිමිත්තෙනි. එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල වශයෙන් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිලිබද දැනුම් දී තිබේ. ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට සමාව ලබා දීම තුලින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් වනු ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය. එමීර් රාජ්‍යය එම ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය. ඔවුන් ආරක්ෂිතව මෙරටට එවීම සහතික කිරීම සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , එමීර් රාජ්‍ය බලධාරීන්…
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 20 කින් ය. එහි නව මිල රුපියල් 366 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දැමීමත් සමග එහි මිල රුපියල් 464 දක්වා ඉහළ ගියේ ය. ලීටරයක් රුපියල් 29 කින් ඉහළ දැමීමත් සමග ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 ක් විය. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ ගියේ ය. එහි නව මිල, රුපියල් 475 කි. භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ,…
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් වයස අවුරුදු 3 සිට 21 අතර අධ්‍යාපනය හදාරන දරුවන්ගෙන් සියයට 54.9 ක් එහි සෘජු බලපෑමට හසුවී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල නව වාර්තාවේ දැක්විය.එම වාර්තාව අනුව ඉහත සඳහන් කළ වයස් කාණ්ඩය තුළ නාගරිකව සියයට 54. 2 ක් ග්‍රාමීයව සියයට 55.1 ක් සහ වතු ආශ්‍රිතව 55.1 වශයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී බාධා එල්ල වී තිබේ. මෙහිදී පාසල් උපකරණ මිලදී නොගැනීම හෝ අඩුකිරීම සඳහා සියයට 53.2 ක්, නිල ඇඳුම් මිලදී නොගැනීම හෝ කපා හැරීම සඳහා සියයට 44.0 ක්, උපකාරය පන්තිවලට සහභාගි නොවීම සියයට…
මේ වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් ඉහළ ගොස් ඇතැයි අමෙරිකාවේ සංගණන කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් හෙළි වී තිබේ. එය නව වසරේදී බිලියන 8 සීමාව පසු කරනු ඇතැයි ද, වසර ආරම්භයේ ලොව පුරා සෑම තත්ත්පරයකටම උපත් 4.3ක් ද මරණ දෙකක් ද අපේක්ෂා කළ හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ වසරේදි අමෙරිකාවේ ජනගහනය මිලියන 1.7කින් ඉහළ ගොස් ඇතැයි ද, ලබන වසර වන විට අමෙරිකාවේ ජනගහනය මිලියන 335.8 සීමාවට ආසන්න වනු ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලා ඇත. විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ඔහු සඳහන් කළේය. මේ අතර රටේ කොව්ඩ් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා කියා සිටියේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කරගෙන යන බවයි. නව වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය. තවද කොවිඩ් පිළිබඳ ආවේක්ෂණ කටයුතු රට පුරා කරගෙන යන බවද ඔහු කීවේය. කොව්ඩ් රෝගය දැන් මතු…
එමිරේට්ස් හි නව ළමා ආරක්ෂණ මධ්‍යස්ථානය ආරක්‍ෂක ප්‍රයත්නයන් ඉහළ නැංවීම සඳහා රෝහල සමඟ එක්ව කටයුතු කරයි. සාජා හි සෞඛ්‍ය සේවකයින් ප්‍රචණ්ඩත්වයට සහ අපයෝජනයට ගොදුරු වූ දරුවන්ට වෛද්‍ය වෘත්තියෙන් ලබා දෙන සහයෝගය ශක්තිමත් කිරීම සඳහා පුහුණුව ලබමින් සිටිති. පසුගිය මාසයේ විවෘත කරන ලද බහු ආයතනික ළමා ආරක්ෂණ මධ්‍යස්ථානයක් වන Kanaf විසින් සපයන ලද සැසිවල අරමුණ වන්නේ තරුණ රෝගීන්ට ඔවුන්ගේ දුෂ්කරතා පිළිබඳව විවෘත කිරීමට උපකාර කිරීම සඳහා වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් නිපුණතා වලින් සන්නද්ධ කිරීමයි. පුහුණුවේ පළමු අදියර තුනෙන් පළමුවැන්න වූයේ, සමහර අවස්ථාවලදී පවුලේ සාමාජිකයන් හෝ ඔවුන් දන්නා වෙනත් පුද්ගලයින් විසින් රිදවන ලද සංවේදී තොරතුරු දරුවන්ගෙන් ලබා ගැනීම සඳහා…
ලබන මසදී වර්ෂාව වැඩිදියුණු කිරීම සඳහා එමීර් රජය ඩොලර් මිලියන 1.5 ක් පිරිනැමීමට නියමිතය. රටේ ජල සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා නව්‍ය සැලසුම්වලට සහාය වීමට මෙම අරමුදල් උපකාරී වනු ඇත. එමීර් රාජ්‍යයේ කෘෂිකාර්මික සහ ආහාර සුරක්ෂිතතාවයට සහාය වීම සඳහා වලාකුළු බීජ භාවිතා කරයි. එමීර් රාජ්‍යය විසින් වර්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා එහි නවතම වටයේ ප්‍රදානයන් ලබන මාසයේදී ප්‍රදානය කරනු ඇත. වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව සඳහා වන UAE පර්යේෂණ වැඩසටහන (UAEREP) යටතේ මෙම ඩොලර් මිලියන 1.5 බැගින් ප්‍රදාන නිකුත් කෙරේ. මෙම අරමුදල් සෑම ජයග්‍රාහකයෙකුටම වසර තුනක් පුරා බෙදා හැරීමට නියමිත අතර ජල සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගනු ඇත. මෙම චක්‍රය සඳහා…
මීදුම හේතුවෙන් පැය පහක් තුළ අනතුරු 51 ක් ඩුබායි පොලිසියට වාර්තා වී ඇත.ඊයේ (28) බ්‍රහස්පතින්දා උදෑසන මීදුම සහිත කාලගුණය තුළ පැය පහක් තුළ රථවාහන අනතුරු 51 කට ප්‍රතිචාර දැක්වීමෙන් පසු ඩුබායි පොලිසිය මහජන ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් මාර්ගවල ගමනාගමනය සඳහා බාධා ඇති වූ බැවින් අලුයම 5.00 සිට උදෑසන 10.00 දක්වා කාලය තුළ එහි 999 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුම් 2,841 ක් ලැබුණු බව බළකාය පැවසීය. මෙම සතියේ එමිරේට්ස් හි විශාල ප්‍රදේශයක් ඝන මීදුමෙන් වැසී ගොස් ඇති අතර වසරේ අවසාන දිනවල සහ අලුත් අවුරුදු දිනයේදී එම තත්තවය වැඩිදුරටත් බලාපොරොත්තු වේ. ඩුබායි පොලිසියේ අණ සහ පාලන මධ්‍යස්ථානයේ…
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ රුපියල් කෝටි 348,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 10,878) වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.එම වෙළෙඳ භාණ්ඩ අතරට ඇඟලුම්, තේ, රබර්, පොල් ආශ්‍රිත නිෂ්පාදන,මැණික්, ස්වර්ණාභරණ, කුළුබඩු, එළවළු, පලතුරු අයත් ය. වැඩිම අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නෙ අමෙරිකාවෙනි. එය අමෙරිකානු ඩොලර් මිලියන 2,504.82ක අගයක් වේ. ඊට අමතරව යුරෝපා සංගමය, දකුණු ආසියාව, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්, අප්‍රිකානු රටවල් සහ මැද පෙරදිග රටවල් වෙත ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය කර තිබෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ අතර පසුගිය නොවැම්බර් මාසයේදී…
ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය ප්‍රකාශ කලාය. ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී තිබේ. පලමු භූ කම්පනය රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.