Author: kumudika

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට 2024 පෙබරවාරි දක්වා බහු පාර්ශවීය ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නැති බව ද ඒ මහතා සඳහන් කළේය. ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) මාධ්‍ය වෙත…

Read More

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සව වල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට අද (05) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව…

Read More

තේ කර්මාන්තය මුහුණ දෙන කම්කරු හිඟයට පිළිතුරක් ලෙස දලු නෙළීම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීම අරඹා ඇත. මෙරට ප්‍රමුඛපෙළේ වැවිලි සමාගමක්වන Hatton plantations plc මේ සඳහා මූලිකත්වය ගෙන තිබේ. මූලික අදියර ලෙස දලු නෙළීමේ යන්ත්‍ර දෙසීයක් ක්ෂේත්‍රය වෙත හඳුන්වා දී තිබේ. මේ පිළිබඳව අදහස් දැක් වූ Hatton plantations plc සමාගමේ සාමාන්‍යාධිකාරී වරුණ ෆර්නැන්ඩෝ පවසා සිටියේ “ගෝලීයව තේ කර්මාන්තය මුහුණදෙන ගැටලු අවම කිරීමට තේ කර්මාන්තයට තාක්ෂණය හඳුන්වාදීම අත්‍යවශ්‍ය කරුණක්. වසර 150කට වැඩි කාලයක් සාම්ප්‍රදායිකව පැවත එන කම්කරු ශ්‍රමය පදනම් තේ දලු නෙළීම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමට වැවිලි සමාගම් කලක් තිස්සේ උත්සාහ කරන කරුණක්. මේ උත්සාහය සාර්ථක කරගැනීමට අප සමාගම සමත්වුණේ කම්කරුවන්ට වැඩි වැටුපක් ලබා…

Read More

මෙටා සමාගමට අයත් Whatsapp යෙදවුම පරිශීලකයින්ට නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත.ඒ තුළින් පරිශීලකයින්ට තම මිතුරන්ට Video Note යොමු කිරීමට හැකියාව හිමි වේ. එම සමාගම ප්‍රකාශ කරන්නේ තත්පර 60ක Video Note එකක් යොමු කළ හැකි බවය.Whatsapp Chat එකක් තුළ ඇති Voice සංකේතය හරහා Voice Note එකක් යොමුකරන ආකාරයටම එහි ඇති Camera සංකේතය හරහා අදාළ Video Note ‌යොමු කළ හැකි බව සඳහන් වේ. මෙලෙස යොමු කරන පණිවුඩය වෙනත් කෙනෙකුට ආපසු යැවිය නොහැකි (Forward) ලෙස සකස් කර ඇත. පරිශීලකයාගේ පෞද්ගලික බව ආරක්ෂා වන ලෙස මෙම විශේෂාංගය නිර්මාණය කල බව එම සමාගම පවසයි.

Read More

2024 ඩුබායි සිඟිති අලුත් අවුරුදු මංගල්‍යය හෙට ( 06) සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රි 8.00 දක්වා ඩුබායි ශෙයිකා ලතීෆා රෝහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇත. ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය මෙහෙයවීමෙන් මෙම උළෙල සංවිධානය වේ. සවස 03.00 සිට 5.00 දක්වා අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වෙන අතර ඒ සඳහා දහම් පාසලේ දරු දැරියන්ට පමණක් සහභාගී වීමේ අවස්ථාව හිමි වන බව සඳහන් ය. මීට අමතරව වයස අවුරුදු 15 ට අඩු ලාංකික දරුවන්ට හා ඩුබායි දහම් පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ තරඟ සඳහා සම්බන්ධ විය හැකිය. අවුරුදු ක්‍රීඩා වලින් අනතුරුව සවස 5.30 සිට රාත්‍රී 8.00  දක්වා…

Read More

අද උදෑසන අබුඩාබි හා ඩුබායි නගර වෙත රතු සහ කහ අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.උදෑසන රියදුරන්ගේ දෘශ්‍යතාව සැලකිය යුතු ලෙස අඩු විය. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනතුරු ඇඟවීම පෙරවරු 9.00 දක්වා ක්‍රියාත්මක වූ අතර, අනතුරුදායක තත්ත්වයන් තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා ද පහත දමා ඇත. අබුඩාබි සහ ඩුබායි අතර කාර්යබහුල මාර්ග වල අද උදෑසන වාහන තදබදය සැලකිය යුතු ලෙස අඩු විය. අධික මීදුම තුළ මෝටර් රථ ඇතුලු වාහන මන්දගාමී ධාවනයක නිරත විය. එසේම ලොරි රථ විශාල ප්‍රමාණයක් පාර අයිනේ නවතා කාලගුණය පහව යන තෙක් බලා සිටියේය. ජාතික කාලගුණ මධ්‍යස්ථානය විසින් අබුඩාබි සහ ඩුබායි ඇතුළු එමිරේට්ස් හරහා…

Read More

ප්‍රමුඛ පෙළේ ඒකාබද්ධ ගෝලීය බලශක්ති ක්‍රියාකරු වන ENOC සමූහය, ශුද්ධ වූ රාමසාන් මාසය තුළ තරුණ සංවර්ධනය, අධ්‍යාපනය සහ නිපුණතා, සෞඛ්‍ය සහ අඩු වරප්‍රසාදිත ප්‍රජාවන්ට සහාය වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සඳහා ඩිරාම් 9,839,219 ක් ලබා දී තිබේ. මෙම මුලපිරීම් පසුගිය වසර පහ තුළ එමීර් රාජ්‍යය පුරා මිලියන හතකට ආසන්න පුද්ගලයින්ට ප්‍රතිලාභ ලබා දී ඇතැයි සඳහන් වේ. ENOC සමාජ, පාරිසරික සහ ආර්ථික යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ අධිකාරීන්, ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවන් සමඟ පොරොන්දු වූ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත. 2019 සහ 2023 අතර, ENOC සමූහ ව්‍යාපාර 279 කට අධික සංඛ්‍යාවක්…

Read More

එළඹෙන ඊද් අල් ෆිතර් නිවාඩු කාලය තුළ එමිරේට්ස් හි අතිරේක ගුවන් ගමන් 19 ක් සමඟ කලාපය පුරා සිය කාලසටහන් පුළුල් කරනු ඇත. මෙම වසරේ, 150,000 කට අධික ගනුදෙනුකරුවන් කලාපය පුරා ඊද් අල් ෆිතර් සමයේදී ගුවන් සේවය සමඟ පියාසර කිරීමට අපේක්ෂා කරන අතර, ජෙඩා, කුවේට්, බීරූට් සහ අම්මාන් වෙතින් අමතර ගුවන් ගමන් සැලසුම් කර තිබේ. එමිරේට්ස් අප්‍රේල් 7 සිට 13 දක්වා ජෙඩා වෙත අමතර ගුවන් ගමන් හතක් එක් කරයි. අමතර ගුවන් ගමන් මගින් එමිරේට්ස් පාරිභෝගිකයින්ට ඩුබායි, ලන්ඩන්, මාලදිවයින වැනි ජනප්‍රිය ගමනාන්ත වෙත යාමට හා කොළඹ සහ කරච්චි වෙත ගමන් කිරීමට මේ හරහා වැඩි ඉඩකඩක් ලබා දෙනු ඇත. අප්‍රේල් 7 වන දා…

Read More

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු “දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය” ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදු විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම් වලින් අනතුරුව පෙරවරු හයයි තිහට ගමන් ආරම්භ කෙරුණු දුම්රිය , බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන සංචාරකයින් ඉලක්ක කරගත් තෙවන සුඛෝපභෝගී ඔඩිසි දුම්රිය වන්නේ දුන්හිඳ ඔඩිසි දුම්රියයි. දුන්හිඳ ඔඩිසි ආසන 44 බැගින් වූ මැදිරි 4 කින් සමන්විත වන අතර මෙහි දෙවන පන්තියේ මැදිරි 3…

Read More

ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් රට තුළ මේ වන විට නිර්මාණය වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, රත්නපුර නගරයේ ඉදිකෙරුණු මැණික් කුළුන විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. 2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩ වී තිබෙන බවත් , සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

Read More