Author: kumudika

ආනයනික ළූණු වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සතිපතා නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. ඒ අනුව ආනයනික රතු ළූණූ කිලෝවක මිල රුපියල් 384 ත් 422 ත් අතර ද,ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල්  278 ත් 306 ත් ද,ආනයනික රෝස ළූණු කිලෝවක මිල රුපියල් 305 ත් 335 ත් අතර  ද  වන බව එම අධිකාරිය සඳහන් කරයි. මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ තුල තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට ආනයනික ළූණු මිල දී ගැනීමට අවස්ථාව සැලසීම බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත. එසේම එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

2024 මුල් මාස 3 තුළදී ශ්‍රි ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි. ඉන් 34,599 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවූ කාන්තාවන් වන අතර එම ප්‍රමාණය අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් සියයට 46 කි. මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 39,900 කි. ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 17,793 කි. මෙම සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා…

Read More

රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ. ‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු)’ යන තේමාවෙන් යුතුව, මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත. එහි සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල පිළිවෙළින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී සහ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. ඒ අනුව, රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමටත්, 2024 මැයි මස 22, 23 හා 24 යන…

Read More

ඩුබායි විදුලි හා ජල අධිකාරිය (DEWA) Apple Vision Pro glasses මත සිය ස්මාර්ට් යෙදුම දියත් කර ඇති අතර, වැඩිදියුණු කළ ඒකාබද්ධ මෙම තාක්‍ෂණය හරහා සිය සේවාවන් සපයන පළමු උපයෝගිතා වේ. පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා DEWA Apple Vision Pro හි විවිධ හැකියාවන් සහ විශේෂාංග භාවිතා කරයි. ස්මාර්ට් තාක්ෂණය වැඩිදියුණු කිරීමට සහ විවිධ ඩිජිටල් නාලිකා හරහා සියළුම පාරිභෝගිකයින්ට සිය සේවාවන් සැපයීමට DEWA දරන උත්සාහයට මෙම පියවර සහාය වේ. Apple Vision Pro හරහා, DEWA පුළුල් පරාසයක සේවාවන් සහ විශේෂාංග සපයයි. එමීර් රාජ්‍යයේ අවසර පත්‍රය, පරිශීලක නාමයක් සහ මුරපදයක් භාවිතයෙන් හෝ අක්ෂි සලකුණු තහවුරු කිරීම හරහා යෙදුමට ප්‍රවේශ වීමට හැකිය. පාරිභෝගිකයාට Apple Pay භාවිතයෙන්…

Read More

ඩුබායි හි දැනුම සහ මානව සංවර්ධන අධිකාරිය (KHDA) විසින් ප්‍රකාශයට පත් කරන ලද සියයට 2.6 ක අධ්‍යාපන පිරිවැය දර්ශකයක් (ECI) ඩුබායි හි පෞද්ගලික පාසල්වලට 2024-25 අධ්‍යයන වර්ෂය සඳහා ඔවුන්ගේ ගාස්තු සකස් කිරීමට ඉඩ සලසයි. ECI පදනම් වී ඇත්තේ ඩුබායි හි පෞද්ගලික පාසල්වල වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන මත වන අතර, එය උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීම සඳහා පුද්ගලික පාසලක් පවත්වාගෙන යාමේ මෙහෙයුම් පිරිවැය ගෙනහැර දක්වන අතර ඩිජිටල් ඩුබායි අධිකාරිය සමඟ සහයෝගයෙන් ගණනය කෙරේ. පාසල් ගාස්තු රාමුව යටතේ, පාසල්වලට ඔවුන්ගේ ගාස්තු සකස් කළ හැකි අනුපාතය එක් එක් පාසලේ නවතම පරීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වලට බැඳී ඇත. පාසල් විසින් කරන ඕනෑම ගාස්තු ගැලපීමක්…

Read More

රටවල් 7ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් Visa ගාස්තු අය නොකිරීම තවත් මාසයකින් දීර්ඝ කර ඇත. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ මස 30 දක්වා එය ක්‍රියාත්මක බවයි. ඉන්දියාව, රුසියාව, චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය සහ මැලේසියාව යන රටවල්වල සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට මෙම අවස්ථාව හිමි වේ. සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

Read More

ඊජිප්ත්තුවේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තුන්වැනි වරටත් දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කයිරෝ නුවර ආසන්නයේ ඉදිකර ඇති ඊජිප්තුවේ නව අගනුවරදී අල් සිසීගේ දිව්රුම් දීම සිදුවී ඇත. 69 හැවිරිදි ඔහු දශකයකට වැඩි කාලයක් පුරා ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, ඔහු තවත් වසර 6කට මේ පත් වී ඇත්තේ තුන්වැනි හා අවසන් ධුර කාලයට බව ද වාර්තා වේ. මීට මාස 3කට පෙර පැවැති ඊජිප්තු ජනාධිපතිවරණයේදී ඔහු 89.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. ඔහු ඊජිප්තුවේ හමුදාපති සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති අතර, පළමුවරට ජනාධිපතිවරයා ලෙස පත්වූයේ වර්ෂ 2013 දීය.

Read More

ඊයේ (02) දින කොළඹ වානිජ මහාධිකරණය විසින් සෙනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7 ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් නිකුත් කලේය. “අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය ගරු අධිකරණය විසින් වාරණය කරනු ලබා ඇත. එකී ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව සේනක බටගොඩ යන අයට එරෙහිව ගොනු කරනු කර ඇත. සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම වාරණ නියෝගය සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබේ.තවද…

Read More

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ආසන 6 – 15 වෑන් රථ 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් බදු සහන නොමැතිව ආනයනය සඳහා මේ අනුව අවසර හිමිවනු ඇත. සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 06ක් නොඉක්මවීම සාමාන්‍යයෙන් සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සැලකුවද, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක හා ප්‍රමාණවත් නොවන බවත්, යල්පැනගිය වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස…

Read More