Author: kumudika
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඇති කැපවීම ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේදී ප්‍රකාශ කළාය. පිරිසිදු පරිසරයක් පමණක් නොව රටට හිතකර දේශපාලන හා ආර්ථික සංස්කෘතිය යළි ඇතිකිරීම පෙන්නුම් කරන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ගන්නා ස්ථිර පියවර මොනවාදැයි යන්න පිළිබඳව සහ ඒ යටතේ ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී හෝ ඉන් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණවලට දායක විය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව ඇමෙරිකාව පමණක් නොව සියලුදෙනාම බලා සිටින බව ඇය සඳහන් කළාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ කැපවීම්වලට…
විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළ නියෝජ්‍ය ඇමතිවරයා ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බව ද අවධාරණය කළේය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෑම සති අන්තයකදී ම අන්තර්ජාලයට ටිකට්පත් 200ක් පමණ…
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක් විය. චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සමාගම සීමාසහිත ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම සීමාසහිත (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මතීෂ තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. 7වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටින මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වේ. නවසීලන්තයට එරෙහිව ඉකුත්දා අවසන් වූ තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කඩුලු 7ක් දවාගනිමින් මහීෂ් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට හිමිව ඇති අතර, දෙවන ස්ථානයේ ඉන්දියාවේ කුල්දීප් යාදව් රැඳී සිටිති.
අද විකිපීඩියා දිනය (Wikipedia Day) යි.දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරන විකිපීඩියාව , බොහෝ අය තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අන්තර්ජාල සම්පතක් බවට පත්ව ඇත. 2001 ජනවාරි 15 වැනි දින ජිමී වේල්ස් තම සගයින් පිරිසක් සමඟ විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ කළේය. ඉන් අනතුරුව නව මසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දස දහසක් එක්වුණි. 2003 වසරේ දී එය ලක්ෂයකි. එසේම 2004දී දසලක්ෂයකට ආසන්නය. මේ වනවිට විකිපීඩියා යනු ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පසුවන්නකි.විකිපීඩියා යනු සෑම දෙයකටම විශ්වාසදායක නොවිය හැකි වුවද, විකිපීඩියාව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට නොමිලේ සහ ප්‍රවේශ විය හැකි තොරතුරු සහිත දැවැන්ත පුස්තකාලයක් නිර්මාණය කර ඇත. අද (15) දිනට…
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා පවසයි. ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කිරීමට නියමිතය. ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය. බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මේ බව කියා සිටියේය. “බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්වයේ තිබෙනවා. අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධතිය…
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සූර්ය බලය සහ බැටරි ආචයනය ඒකාබද්ධ කරන ලොව ප්‍රථම මහා පරිමාණ ‘රවුන්ඩ්-ද-ඔක්’ ගිගාස්කේල් ව්‍යාපෘතිය දියත් කර ඇත. ජනාධිපති ගරු ෂීක් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතා ඉදිරියේ විවෘත කරන ලද මෙම ස්මාරක ව්‍යාපෘතිය පිරිසිදු බලශක්ති නවෝත්පාදනයේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරයි. Abu Dhabi Future Energy Company PJSC – Masdar සහ Emirates Water and Electricity Company (EWEC) විසින් මෙහෙයවනු ලබන මෙම මුලපිරීම, සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරන ලද බේස්ලෝඩ් බලයෙන් දිනකට ගිගාවොට් 1 (GW) ප්‍රමාණයක් ලබා දෙනු ඇත. අබුඩාබි හි පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය ලොව විශාලතම එවැනි පද්ධතියක් නිර්මාණය කරමින් 19GWh බැටරි බලශක්ති ගබඩා…
ඩුබායි පොලිසිය නගරයේ කාර්යබහුලම උස් ප්‍රදේශ දෙකක් වන Jumeirah Lakes Towers (JLT) සහ Uptown Dubai නිරීක්ෂණය කිරීම සඳහා උසස් Drone Box පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙම පුරෝගාමී පියවර ආරක්ෂාව සහ හදිසි ප්‍රතිචාරය වැඩි කරයි. මෙම ඩ්‍රෝන යානා හරහා තත්‍ය කාලීන දත්ත සපයමින් ප්‍රතිචාර දැක්වීමේ කාලය අඩු කිරීම සහ තත්ත්‍ව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කරන බව ඩුබායි පොලිස් නියෝජිතයෙක් පැවසීය. දෘශ්‍ය රේඛාවෙන් ඔබ්බට ක්‍රියා කිරීමට සහ උස් ප්‍රදේශ කරා ළඟා වීමට හැකියාව ඇති ඩ්‍රෝන යානා ඩුබායි හි ස්මාර්ට් නගර මුලපිරීම්වල කොටසකි. 2021 දී දියත් කරන ලද මෙම තාක්ෂණය, ආරක්ෂාව සහ නවෝත්පාදනය සඳහා ඩුබායි හි කැපවීම අවධාරණය කරයි. ඩ්‍රෝන් බොක්ස් පද්ධතිය හදිසි…
ගමනාගමනය විධිමත් කිරීමට සහ වාහන නැවැත්වීමේ පහසුකම් කළමනාකරණය කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස සාජාහි කල්බා නගරය පෙබරවාරි 1 වැනිදා සිට මුදල් ගෙවා වාහන නැවැත්වීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ඇත. සාජා හි පුළුල් නාගරික සංවර්ධන සැලසුම්වල තවත් පියවරක් සනිටුහන් කරමින් කල්බා මහ නගර සභාව අඟහරුවාදා (ජනවාරි 14) මෙම පියවර නිවේදනය කළේය. ගෙවන වාහන නැවැත්වීමේ ක්‍රමය උදේ 8.00 සිට රාත්‍රී 10.00 දක්වා, සෙනසුරාදා සිට බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක අතර සිකුරාදා දින නොමිලේ වේ. කෙසේ වෙතත්, නිල නිවාඩු දින ඇතුළුව සතිය පුරා වාහන නැවැත්වීමේ ගාස්තු අවශ්‍ය වන කලාප ක්‍රියාත්මකව පවතිනු ඇත. මෙම කලාප නිල් තොරතුරු සංඥා මගින් හඳුනාගත හැකි බව මහ නගර සභාව තහවුරු කළේය.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 වසරේ දී දිවයිනේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි. මේ අතර නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හරහා ඩොලර් මිලියන 3,168.6 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. මෙය වාර්ෂික පදනම මත 53.2% ක වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2024 දෙසැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1 ක් ලෙසින් වාර්තා විය. 2023 දෙසැම්බර් මාසයේ දී ඒම අගය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3 ක් ලෙසිනි.