Author: kumudika
ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවා සඳහා නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගම තීරණය කර ඇත. එම සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා විසින් හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ඒ බව දැනුම් දී තිබේ. සුව සැරිය සතුව ගිලන් රථ 297 ක් දැනට ඇති අතර ඉන් දිනකට රෝගීන් 1050 කට සේවාව සැපයිය හැකිය. සුවසැරිය ආරම්භයේදී ටාටා සමාගම ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් කල අතර එමගින් අදාළ ගිලන් රථ මිල දී ගන්නා ලදී. රජය විසින් රුපියල් කෝටි 400 ක පමණ වියදමක් මෙම සේවය සදහා වසරකට දරනු ලැබේ.
අනෙකුත් ගෝලීය ගුවන් සේවා සපයන්නන් 90ක් අභිබවමින් Telegraph Travel විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී එමිරේට්ස් “ලෝකයේ හොඳම ගුවන් සේවය” ලෙස නම් කර ඇත. නිර්ණායක 30කට වඩා මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම, ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය නියමිත වේලාවට වැඩ කිරීම, ගමන් මලු දීමනාව, මාර්ග ජාලය සහ ගුවන් ගමන් අත්දැකීම් වැනි ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය වෙනුවෙන් සමරනු ලැබීය. එමිරේට්ස් ගුවන් යානා නැව්වල ගුණාත්මකභාවය, මගී පහසුව සහ පාරිභෝගික සේවා වැනි ප්‍රධාන කාණ්ඩ හරහා එහි ක්‍රියාකාරිත්වය ඉහළම ස්ථානයට පත් කළේය. රටවල් 77ක නගර 140ක් පුරා විහිදුණු ගුවන් සමාගමේ විස්තීර්ණ ජාලය, එහි අති නවීන Airbus A380 යානා සමූහය සමඟ ඒකාබද්ධව, මගීන්ට අසමසම සුවපහසුවක් ලබා දීම සඳහා…
අබුඩාබි අධ්‍යාපන හා දැනුම දෙපාර්තමේන්තුවේ සංශෝධිත ප්‍රතිපත්තියකට අනුව සිසුන්ගේ බෑග් ඔවුන්ගේ සිරුරේ බරෙන් සියයට 5-10 ට වඩා වැඩි නොවන බව සහතික කිරීමට අබුඩාබියේ පෞද්ගලික පාසල් ඉක්මනින් අවශ්‍ය වනු ඇත. අධිකාරිය American Chiropractic Association හිනිර්දේශ මත පදනම්ව විවිධ ශ්‍රේණිවල සිසුන් සඳහා නිශ්චිත බර සීමාවන් නියම කළේය.ශිෂ්‍යයෙකුගේ සමස්ත සෞඛ්‍යය, ශාරීරික ශක්තිය සහ පවතින ඕනෑම සෞඛ්‍ය තත්වයන් වැනි සාධක ඔවුන්ගේ කොඳු ඇට පෙළට හෝ ශරීරයට අහිතකර බලපෑම් වැලැක්වීම සඳහා සලකා බැලිය යුතුය. පුද්ගලික පාසල් සිසුන් සඳහා උපරිම බැක්පැක් බර සීමාවන් මෙසේය. KG1/FS2- 2kg නොඉක්මවනKG2/වසර 1- 2kg නොඉක්මවන1 ශ්‍රේණිය/වසර 2- 2kg නොඉක්මවනශ්‍රේණිය 2/වසර 3- 3kg සිට 4.5kg නොඉක්මවිය යුතුයශ්‍රේණිය 3/වසර 4- 3kg සිට 4.5kg…
ගුවන් සේවා අංශය ශක්තිමත් කිරීම සහ තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීම සඳහා ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරිය (DCAA) 2023-2024 කාලය සඳහා නගරයේ ඩ්‍රෝන් පරිසර පද්ධතියේ ආකර්ෂණීය දියුණුවක් ප්‍රකාශයට පත් කර ඇත. ලියාපදිංචි ඩ්‍රෝන් නියමුවන්ගේ සංඛ්‍යාව 76% කින් ඉහළ ගිය අතර ලියාපදිංචි ඩ්‍රෝන් සමාගම් 53% කින් ඉහළ ගොස් ඇත. මීට අමතරව, මාසික ඩ්‍රෝන් මෙහෙයුම් 75% ක කැපී පෙනෙන වර්ධනයක් අත්විඳින ලදී. ඩුබායි හි ශක්තිමත් නියාමන රාමුව සහ අති නවීන යටිතල පහසුකම් කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරමින් ගුවන් ප්‍රවාහන සහ සැපයුම් සේවා වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙම වර්ධනය මගින් ඉස්මතු කරයි. විවිධ කර්මාන්ත හරහා සැලකිය යුතු ප්‍රගතියක් ඇති කරමින් පුළුල් වන…
සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි තවදුරටත් පහල යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මිල සටහන් වූයේ ඩොලර් 73. 06ක් ලෙසක් ලෙසය.එහි මිල පහළ යාම ප්‍රතිශතයක් ලෙස 1. 87% කි. එමෙන්ම W.T.I. බොරතෙල් බැරලයක් ඩොලර් 69. 22 ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 0.5% ක පහළ යාමක් ලෙස සදහන් විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතය. දිවා-රාත්‍රී තරඟ ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණ තීරුවක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවන්නේ නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටි අතර මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බව ඔහු සඳහන් කලේය. මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස දෙසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය. හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කර පැය කිහිපයකට පසු සෙනසුරාදා (19) ඊශ්‍රායලයේ සිසේරියා හි පිහිටි ඊශ්‍රායල අගමැතිවරයාගේ පෞද්ගලික නිවස දෙසට මෙසේ ප්‍රහාර එල්ල වී තිබේ. ලෙබනන් ප්‍රහාර වලින් මෙලෙස නෙතන්යාහුගේ නිවස විනාශ වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. “අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයේ නොසිටි අතර, සිද්ධියෙන් කිසිදු තුවාලයක් සිදුවී නොමැත” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කර ඇත. නෙතන්යාහු, සිසේරියා සහ ජෙරුසලමේ පෞද්ගලික නිවාස දෙකක් භාවිතා කරන අතර දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින ජෙරුසලමේ අගමැතිගේ නිල නිවස වන Beit Aghion හි මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ…
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් සදහා අයදුම්පත් ලබා ගැනීමට ජනතාව දීර්ඝ පෝලිම්වල පසුගිය දින කිහිපයේ රැදී සිටි බව වාර්තා වේ. කන්තලේ ඉඩම් ලේකම් කාර්යාල ඉදිරිපිටදී ජනතාව මෙසේ රැස්ව සිටියහ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් අක්කර 11,000ක් පමණ ජනතාවට ලබා දෙන බවට ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.
ගුවන් යානය තුල මතු වූ බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් සේවයට අයත් විස්තාරා( Vistara) ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට අද (19) ගොඩ බස්සවා තිබේ. ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට , ඉන්දියාවේ අදාළ ගුවන් සමාගමේ මූලස්ථානය වෙත සිදු කරනු ලැබූ දැනුම් දීමක් මත , මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් ( Emergency Landing )සිදු කර ඇත. අනතුරුව , කටුනායක ගුවන් තොටුපොළ තුළ ධාවන පථයේ කෙළවර විශේෂ ස්ථානයක රදවා විමර්ශන කටයුතු සිදු කළ අතර එවැනි පුපුරන ද්‍රව්‍ය කිසිවක් එම ගුවන් යානය තුළින් සොයා ගෙන නොමැති බව කටුනායක…