Author: kumudika

එමිරේට්ස් ඩුබායි 7s රග්බි තරඟාවලියේ ජාත්‍යන්තර විවෘත පිරිමි පලිහ ශූරතා අංශයෙන් ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය පසුගියදා සෙවන්ස් ස්ටේඩියම් හි දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම ප්‍රංශ, ස්පාඤ්ඤ හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ තරඟ වැදුන අතර  ප්‍රංශ කණ්ඩායම සමඟ කල තරඟයෙන් ජය හිමිකරගත්හ. අවසන් මහා තරඟය මුරුසි කණ්ඩායම සමඟ පැවැත් විණි. එහිදී මුරුසි පිල පරදා ශ්‍රී ලයන්ස් පිල විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගත්හ. ශ්‍රී ලයන්ස් කණ්ඩායමට ඇතුලත් ෆීජී , දකුණු අප්‍රිකා හා කෙන්යානු ජාතික ක්‍රීඩකයින් කැපී පෙනෙන  දක්ෂතා ඉදිරිපත් කල බව සඳහන් වේ. ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ නායක ලෙස දකුණු අප්‍රිකා රග්බි කණ්ඩායමේ හිටපු නායක…

Read More

රැහැන් රහිත තාක්ෂණය සහ රැහැන් රහිත සංවේදනය පිළිබඳ විශේෂඥයෙකු වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ලෙබනන් ජාතික මහාචාර්යවරයෙකු වන මහාචාර්ය Fadil Adib විසින් “Great Arab Minds” සම්මානය හිමි කර ගෙන ඇත. ඔහු මෙම සම්මානයේ දෙවෙනි ප්‍රතිලාභියා වේ. MIT හි සහකාර මහාචාර්යෙකු වන Fadil Adib, රැහැන් රහිත සංවේදන තාක්‍ෂණයේ හැකියාවන් සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති ඔහුගේ පර්යේෂණ සහ නව නිපැයුම් සඳහා 2023 වසරේ ඉංජිනේරු සහ තාක්‍ෂණය පිළිබඳ සම්මානය දිනා ගත් බව නිවේදනයෙන් සඳහන් කර තිබිණි. මෙම සම්මානය දිනා ගැනීම සහ අරාබි ලෝකයේ ඔහුගේ ජයග්‍රහණ සඳහා පිළිගැනීමක් ලැබීමට හැකි වීම පිළිබඳ තමා සතුටට පත් වූ බව මහාචාර්ය Adib පැවසීය. එක් අතකින් මෙය ගෞරවයක්…

Read More

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ගැටුම් අතරතුර ඊයේ දිනයේදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනෙකුද මියගොස් ඇති අතර ඊශ්‍රායල රජයේ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුද උතුරු ගාසා තීරයේදී හමාස් සටන්කාමීන් විසින් ඝාතනය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා තීරයේ සියලුම වැසියන් දරුණු ආහාර අර්බුධයකටද මුහුණ දී ඇති බවයි. ඊශ්‍රායල-හමාස් ගැටුම්…

Read More

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, සංචාරයක් සඳහා ඉහල පෙලේ රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයක් මතය. මෙරට නියෝජිතයින් සමඟ ඔවුන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරොවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ඒ සඳහා සහභාගි විය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරගැනීම සඳහා රුසියාවේ සහයෝගය අඛණ්ඩව ලබාදීමටත්, ජාත්‍යන්තර තොරතුරු ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දෙපාර්ශවයේ නියෝජිතයින් අතර අදහස් හුවමාරු විය. රුසියාව නියෝජනය කරමින් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා බැංකු වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කල සාමාජික රාත්‍රිය පසුගියදා crown plaza, Deira හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස එමීර් රාජ්‍යයේ ලංකා තානාපති H.E. උදය ඉන්ද්‍රරත්න සහ ඩුබායි හා උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර යන මහත්වරුන් සහභාගී වූහ. මෙහිදී ජේෂ්ඨ බැංකු නිලධාරීන් කීප දෙනෙකුට ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ඇගයීමක් සිදු කල අතර බැංකු සාමාජිකයින් වෙනුවෙන් සංගීත හා විනෝදාස්වාද අංග කීපයක් සමඟින් එදින රාත්‍රිය වර්ණවත් විය.

Read More

ප්‍රතිකාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන ගිය හය හැවිරිදි පලස්තීන පිළිකා රෝගී දරුවෙක් මිය ගොස් තිබේ.මෙම දරුවා ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියාවේ දියුණු අවධියක් සමග පොරබදමින් සිටි අතර සංකූලතා වලට මුහුණ දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. පිළිකා රෝගයේ උත්සන්න අවධියකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගාසා තීරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන ආ මෙම දරුවා උග්‍ර ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියාව සහ සංකූලතා රැසකට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කලේය. දරුවාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නැත. ජනාධිපති ෂීක් මොහොමඩ් විසින් නියෝග කරන ලද රටේ මානුෂීය මුලපිරීමේ කොටසක් ලෙස හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගාසා තීරයේ සිට එක්සත්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර පොදු ප්‍රවාහන රථවාහන නවීකරණය කිරීමෙන් නගරයේ හානිකර වායු විමෝචනය සියයට 90 කින් අඩු කළ හැකි බව අබුඩාබි පරිසර ඒජන්සියේ වාර්තාවකින් හෙළි වී තිබේ. සාමාන්‍ය අබුඩාබි කුලී රථ ඇතුළුව එමීර් රාජ්‍යයේ සැහැල්ලු තීරුබදු වාහන සඳහා වන වායු විමෝචන ප්‍රමිතීන්, යුරෝපයේ ඒවා සමඟ සංසන්දනය කරන ලද වායු තත්ත්ව විශේෂඥයින් විසින් කරන ලද අධ්‍යයනයකි. සැහැල්ලු තීරුබදු වාහන (LDVs) සඳහා රටේ වත්මන් අවම ප්‍රමිතිය යුරෝ 4 වන අතර, බරපතල ශ්වසන ගැටළු සඳහා හේතුවන ඉහළ වායු දූෂක මට්ටම් හේතුවෙන් 2005 දී යුරෝපීය පිරිසිදු වායු කලාපවල විමෝචන පන්තිය ඉවත් කරන ලදී. අබුඩාබි පරිසර නියෝජිතායතනයේ වායු තත්ත්ව විශේෂඥ මීරා හරාරා පැවසුවේ, ප්‍රවාහනය…

Read More

එමිරාති ගගනගාමීන් සඳ වෙත යැවීමට නාසා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාකච්ඡා පවත්වන බව වාර්තා වේ. නාසා සහ එමීර් රාජ්‍යයේ මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය එමිරාති ගගනගාමීන් සඳ වෙත පියාසර කිරීම සඳහා අනුමැතිය ලබා දීමට සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පැවසීය. නාසා ආයතනයේ “ආටෙමිස්” වැඩසටහන මේ දශකයේ සඳ මත පදනමක් පිහිටුවීමට බලාපොරොත්තු වන අතර මෙතෙක් ගුවන් ගමන් සඳහා අනුයුක්ත කර ඇත්තේ ඇමරිකානු සහ කැනේඩියානු ගගනගාමීන් පමණි. මෙම වැදගත් ව්‍යාපෘතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමිකාව පිළිබඳව බදාදා පැවති මාධ්‍ය හමුවකදී නාසා පරිපාලක බිල් නෙල්සන් පැවසුවේ සංවිධාන දෙක අතර මේ වන විට සාකච්ඡා පවතින බවයි. නමුත් ඔහු ඒ…

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ගාසා තීරය සම්බන්ධව සාකච්ඡා කිරීමට කටයුතු කර ඇත. ඔහුගේ විශේෂ බලතල භාවිත කරමින් මෙම රැස්වීම කැඳවා තිබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තියට අනුව ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මහ ලේකම්වරයා සලකන ඕනෑම කරුණක් සඳහා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට ඔහුට බලය හිමිවේ. ගාසා තීරයේ ජනතාවට සටන් විරාමයක් හෝ යම් සහනයක් ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දරණ උත්සාහය මින් පෙනී යන බව විදේශ මාධ්‍ය වාර්තා කලේය. 2017 වසරේදී ඇන්ටෝනියෝ ගුටරෙස් මහ ලේකම්වරයා ලෙස පත්වූ පසු මෙම බලය භාවිත කළ පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට පෙර අවස්ථා…

Read More

රන් මිල ඉහළ යාමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රන් සාප්පු වල විකුණුම් විශාල ලෙස ඉහළ ගොස් ඇත. සිල්ලර වෙළෙදුන් කියා සිටින්නේ ඉහළ යන මිල ගණන්, සංචාරකයින්ගේ ගලා ඒම සහ ආකර්ෂණීය දීමනා ඇතුළු විවිධ හේතු මත මිලදී ගැනීම් සඳහා වැඩි පෙළඹවීමක් ඇති කර ඇති බවයි. එහිදී රන් අවුන්සයක් ඩොලර් 2,075 දක්වා ඉහල ගොස් තිබේ. ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෙම අලෙවි මට්ටම වැඩිවීම මගින් අනාගතයේ දී මීට වඩා ඉහළ මිලක් අපේක්ෂා කල හැකි බවයි. මේ අනුව ආයෝජකයින් සහ පාරිභෝගිකයින් හිතකර වෙළඳපල තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් රත්‍රන් වැඩි වශයෙන් මිලට ගැනීමට පෙළඹී සිටිති. ඩුබායි රජය (ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව) ඩුබායි හි යාවත්කාලීන වූ සිල්ලර රන්…

Read More