Author: kumudika
කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.ඊයේ (4) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය 12,053.49ක් ලෙස දැක්වුණි. ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස ද සඳහන් වී ඇත.
ඉපැරණි ගාල්ල කොටුව තුළ එක් දිසාවකට පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරිම ඊයේ (04) සිට අත්හිටු වීමට තීරණය කල බව ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව පවසයි. මං තීරු නීතිය හේතුවෙන් පසුගිය කාලයේ ත්‍රීරෝද රථ රියදුරන්, ව්‍යාපාරිකයින් ඇතුලු බොහෝ ජනතාව පසුගිය දිනවල දැඩි පීඩාවට පත්විය. පසුගිය සමයේ ජනතාවගෙන් එල්ල වූ දැඩ් විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම කමිටුව පවසයි.ඒ අනුව අද සිට ගාලු කොටුව තුළට පැරණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදිම වාහන ඇතුල්වීම හා පිටවීම සිදු කළ හැකි බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.
වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට ගෙන තිබූ තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත. විෂයභාර අමාත්‍යවරයා විසින් 2024.10.02 දින ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කර තිබූ පැමිණිල්ලක් සලකා බැලමින් මෙම පියවර ගෙන තිබේ. එම පත්වීම වහාම අවලංගු කර දින තුනක් ඇතුළත වාර්තාවක් සපයන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව විෂය භාර අමාත්‍යංශයේ ලේකම් වරයාට දැනුම් දී ඇත.
එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි. වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත් සංගමය එම සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය. වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය. වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ…
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබේ. මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 සිට , වසර 19 ක කාලයක් වසා දමා තිබිණි.දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී ඇත. මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන් වේ.
සාමකාමී බහු වාර්ගික හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය දිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු දේශපාලනඥයකු වන එරික් සෝල්හයිම් මහතා පවසයි. සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කලේය.අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව සති දෙකක් පමණක් ගත වී බවත්, එම කාලය තුළ ඔහු හොඳින් කටයුතු කර ඇති බවත් එහි දක්වා ඇත. සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කළ හැකි බවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ දුප්පතුන්ගේ අවස්ථා වැඩිදියුණු කිරීමට අවශ්‍ය සම්පත් ගෙන ඒමට හැකි වන්නේ ව්‍යාපාරිකයන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් පමණක් බවත් ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරික ප්‍රජාව වෙත…
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත් ව යාම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි. මේ වන විට විදෙස් ගතවීම් 10%කින් ඉහළ ගොස් ඇති බව කාර්යාංශය පවසා සිටියි. ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 28,344 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716 කි. 2024 මුල් මාස 9 තුළ විදෙස් රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 240,109 කි. එයට කාන්තා ශ්‍රමිකයින් 99,939 ක් හා පිරිමි ශ්‍රමිකයින් 142,170 ක් ඇතුළත් වේ. මෙම කාලය තුළ…
මෙරට රුපියල ශක්තිමත් වීම සඳහා රටට පසුගිය මාස කිහිපයේ ලැබුණු විදේශ විනිමය හේතු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. විදේශ ප්‍රේෂන සහ සංචාරක ආදායම ඉහළ යාම රුපියල ශක්තිමත් වීම සඳහා වැඩි වශයෙන් බලපා ඇති බව ඔහු සඳහන් කලේය.මේ වන විට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවී තිබේ. රටින් බැහැර වන ඩොලර් ප්‍රමාණය යම් ආකාරයකට සීමා වී ඇති අතර එය ඉතා සුබවාදී තත්වයක් බව ඔහු සඳහන් කරයි.රුපියලේ අගය දිගින් දිගටම ශක්තිමත් වීමක් සිදුවිය යුතු නැති බවත් එලෙස දිගින් දිගටම රුපියල ශක්තිමත් වීම හරහා මෙරට අපනයන කරුවන්ට බාධා විය හැකි බවත් මහාචාර්ය…
ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA) විසින් සංවිධානය කරන ලද 26 වන ජල, බලශක්ති, තාක්ෂණ සහ පරිසර ප්‍රදර්ශනය (WETEX), ඔක්තෝබර් 1 සිට 3 දක්වා ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (DWTC) පැවැත් විය. එය අති සාර්ථකත්වයකින් අවසන් වූ බව වාර්තා වේ. මෙවර අදියර සඳහා රටවල් 65කින් ප්‍රදර්ශකයින් 2,800කගේ සහභාගීත්වයක් සිදු විය. මෙම ප්‍රදර්ශනයට රටවල් 14කින් ජාත්‍යන්තර මණ්ඩප 21ක් පැවැත්විණි. DEWA විසින් වාර්ෂිකව WETEX උළෙල සංවිධානය කරනු ලබන්නේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක ගරු Sheikh Mohammed bin Rashid Al Maktoum මහතා ගේ මඟපෙන්වීම යටතේ සහ ඩුබායි උත්තරීතර බලශක්ති කවුන්සිලයේ සභාපති ගරු Sheikh Ahmed bin Saeed Al Maktoum මහතාගේ අනුග්‍රහය යටතේ ය.…
වරාය, රේගු සහ නිදහස් කලාප සංස්ථාවේ (PCFC) කොටස වන ඩුබායි සමුද්‍රීය අධිකාරිය (DMA) 2024-2025 සමුද්‍ර ක්‍රීඩා සමය නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, ඒ ඔස්සේ විවිධ ජල ක්‍රියාකාරකම් සඳහා මිලියන ගණනක් නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම කාර්යබහුල කාලපරිච්ඡේදය තුළ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, DMA විසින් සියලුම මුහුදු ගමන් සඳහා සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපාරයේ කොටසක් ලෙස, DMA විසින් ඩුබායි ජලයේ ආරක්ෂිත බෝයි කිහිපයක් ස්ථාපනය කර ඇති අතර, අනතුරු වැළැක්වීම සඳහා නම් කරන ලද පිහිනුම් කලාප සහ සීමිත ප්‍රදේශ සලකුණු කර ඇත. ගෝලීය හොඳම භාවිතය අනුගමනය කරමින් සමුද්‍ර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය…