Author: kumudika
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, ඒ අනුව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කල බවය.
පසුගිය රජය ක්‍රියාත්මක කල උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළ යුතුය. ලැබුණු අයදුම්පත් අනුව මේ වන විට සින්නක්කර ඔප්පු 20000ක් ලබාදි තිබේ. මේ වන විට අයදුම්පත්‍ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇතිබව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළ යුතුය. ලැබුණු අයදුම්පත් අනුව මේ වන විට සින්නක්කර ඔප්පු 20000ක් ලබාදි තිබේ. මේ වන විට අයදුම්පත්‍ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇතිබව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
ඊශ්‍රායලය දෙසට ඉරානයෙන් මිසයිල ප්රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසා සිටියි.මේ වන විටත් සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා වන ස්ථානවල රඳවා ඇත. ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් තිබේ. බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප‍්‍රහාර එල්ල කර ඇතත් ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය මගින් ඒවා වලක්වා ඇත. මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත ව ඇතත් එයින් සැලකිය යුතු හානියක් සිදුව නැති බව වාර්තා වේ.මිසයිල ප්රහාර එල්ල කරන ලද බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු කර තිබේ.
JICA ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සහ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹා තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා (YAMADA TETSUYA) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවී කළ සාකච්ඡාවේදී මේ පිලිබඳ හෙලි විය. ජයිකා අයතනය මඟින් මෙරට ක්‍රියාත්මක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සහ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. ජයිකා (JICA) ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කිරීමට පසුගියදා ජපාන තානාපතිවරයා ජනාධිපති ලේකම්වරයා හමුවූ…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහළ දැමීමට රජය තීරණය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව මෙම පියවර ගත් බවය.ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 28 සිට විසි හත දක්වා රුපියලකින් පහළ දමා ඇත. පොදුවේ බස් ගාස්තු අඩු කෙරෙන්නේ 4.24%ක ප්‍රතිශතයකිනි.
මෙරට විදේශ ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්ත්වයකට ගෙන ආ යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ‘මම ශ්‍රී ලාංකිකයෙක්’ යැයි මෙරට පුරවැසියන්ට අභිමානයෙන් කීමට හැකි රටක් නිර්මාණය කිරීම අවශ්‍ය වන බවද ඔහු පෙන්වා දේ. ඔහු මෙම සඳහන් කර තිබුනේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
2024 ICC කාන්තා T20 ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වේ. මෙම තරගාවලිය ඔක්තෝබර් 3 දා සිට 20 දා දක්වා ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව,එංගලන්තය, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු කණ්ඩායම් 10ක් තරග වට 23 ක් සඳහා තරග වදිති. අවසන් පූර්ව තරග ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය ඔක්තෝබර් 20 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට පවත්වනු ඇත. ක්‍රිකට් තරඟයකදී ශ්‍රී ලාංකේය රස විඳ ගැනීමට පපරේ සංගීතය රැගෙන මෙවර T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ පපරේ සංගීත කණ්ඩායම එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිතය. කාන්තා ලෝක කුසලානයේ සියලුම…
Al Maktoum පාලම හරහා ගමන් කරන බස් රථ Al Garhoud පාලම හරහා තාවකාලිකව හරවා යවන බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නිවේදනය කලේය. අල් මක්තුම් පාලමේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තාවකාලික බස් මාර්ග වෙනස් කිරීම සිදු වේ. මෙම මාර්ග වන්නෙ 10, 23, 27, 33, 88, C04, C05, C10, C26, E16, X28 සහ X94 යි. 2024 සැප්තැම්බර් 29 සිට 2025 ජනවාරි 23 දක්වා බස් නැවතුම් පොළවල් හරහා ගමන් නොකරනු ඇත. Al Maktoum පාලම 2025 ජනවාරි 16 දක්වා අර්ධ ක්‍රියාකාරී වේලාවන් නිරීක්ෂණය කරනු ඇත. ප්‍රධාන පාලම සඳුදා සිට සෙනසුරාදා දක්වා රාත්‍රී 11 සිට උදෑසන 5 දක්වා වසා තබන අතර ඉරිදා දිනවල පැය…
ලෙබනනයේ ජනතාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක හදිසි සහන පැකේජයක් ලබා දීමට ජනාධිපති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතා උපදෙස් දී තිබේ. මෙම කාර්යය එමීර් රාජ්‍යයේ වත්මන් අභියෝග හමුවේ ලෙබනනයට සහය දැක්වීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි. ලෙබනන් ජනතාවට සහය වීමට එමීර් රාජ්‍යයේ ඇති නොසැලෙන කැපවීම මින් අවධාරණය කරයි.
ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුව (DCD), Deloitte සමඟ සහයෝගීව, සමාජ සත්කාරක සංසදය 2024 ඔක්තෝබර් 2 සහ 3 යන දිනවල පවත්වනු ඇත.සමාජ සත්කාරයේ වත්මන් ප්‍රවණතා, සේවා වල අනාගතයට ගෝලීය වර්ධනයන්හි බලපෑම, සමාජ අංශයේ දක්ෂතා ආකර්ෂණය කර ගැනීමට, පෝෂණය කිරීමට සහ තිරසාර වීමට උපාය මාර්ග, නැගී එන සමාජ සේවා ඇතුළු සමාජ සත්කාර අංශයේ අභියෝග සහ අවස්ථා දෙදින සංසදය සාකච්ඡා කරනු ඇත. මෙම සංසදයට ලොව පුරා සිටින නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශේෂඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් 40කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.අබුඩාබි හි ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුවේ (DCD) බලපත්‍ර සහ පාලන අංශයේ විධායක අධ්‍යක්ෂ මුබාරක් සාලෙම් අල් අමෙරි මහතා පැවසුවේ, “එහි පළමු සංස්කරණයේදී, සමාජ සත්කාර සංසදය ප්‍රමුඛ පුද්ගලයින් එක්…