Author: kumudika

ඇපල් සමාගම සිය වාර්ෂික දෘඪාංග එළිදැක්වීමේ උත්සවයේදී අලුත් iPhone 16 මාදිලිය හඳුන්වා දී තිබේ. අලුත්ම උපාංගය කෘත්‍රිම බුද්ධිය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. කෘතිම බුද්ධිය තමන්ගේ නිෂ්පාදන සඳහා ඇපල් සමාගම යොදා ගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. ChatGPT හඬ, පිංතූර හරහා මෙම අලුත්ම මාදිලිය ක්‍රියාත්මක වේ. මීට අමතරව Apple Intelligence නමින් අලුත්ම මෘදුකාංගයක් තමන්ගේ නව නිෂ්පාදන පෙළට ඇතුලත් කිරීමටද ඇපල් සමාගම කටයුතු කර ඇත.iPhone 16 දුරකථන වගේම Apple Watch, ශ්‍රවණාධාර විශේෂාංගයක් සහිත නව AirPods මෙහිදී හඳුන්වා දී තිබේ. ඇපල් සමාගම හඳුන්වා දුන්න අලුත්ම iPhone 16 ඩොලර් 799 කින් ආරම්භ වන බව සමාගම සිය නව කෘතිම බුද්ධි විශේෂාංග එළිදැක්වීමෙන් පසුව පවසා සිටියි.…

Read More

මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. විදේශ ගමන් බලපත්‍ර පෝලිම් සම්බන්ධයෙන් රජයට එල්ලවනා චෝදනා පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කලේය “පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12.00 ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා. නවත්තලා පෝලිමේ එන්න…

Read More

Sri Lankan Airlines සහ ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය වන flydubai අතර ශ්‍රී ලංකාවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ඉන් ඔබ්බට තෝරාගත් මාර්ග ඔස්සේ වැඩි සංචාරක අවස්ථා හඳුන්වා දෙමින් අද දින (09) අන්තර් සම්බන්ධතා ගිවිසුමක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම අන්තර් සම්බන්ධතා ගිවිසුම මගින් Sri Lankan ගුවන් සේවය සමඟ ගමන් කරන මගීන්ට ඩුබායි ගුවන් මධ්‍යස්ථානය හරහා අප්‍රිකාව, මධ්‍යම ආසියාව, මධ්‍යම සහ අග්නිදිග යුරෝපය මෙන්ම මැදපෙරදිග යන රටවලට flydubai ක්‍රියාත්මක වන ගමනාන්ත 30කට අධික සංඛ්‍යාවකට බාධාවකින් තොරව සම්බන්ධ වීමට හැකි වේ. මෙයට Bucharest, Istanbul, Krakow, Mombasa, Naples, Sofia, Tashkent සහ Zanzibar වැනි සුවිශේෂී නිවාඩු ගමනාන්ත ඇතුළත්ය. මීට අමතරව, මෙල්බර්න්, සෝල්, සිංගප්පූරුව…

Read More

එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි පාලක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා, ඩුබායි මෙට්‍රෝ විසින් පසුගිය වසර 15 තුළ මුළු සංචාර මිලියන 4.3 ක් හරහා බිලියන 2.4 කට වඩා මගීන් ප්‍රවාහනය කර ඇති බව හෙළි කළේය. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දැනට Metro වෙලාවට වැඩ කිරීමේ අනුපාතය සියයට 99.7 ලෙස පවතින බවයි. එය සියයට සියය මට්ටමට ගැනීම අරමුණ බවද ඔහු කියා සිටියේය. එබැවින් මෙම අති විශිෂ්ට අවස්ථාව සැමරීම සඳහා, ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නොමිලයේ, විශේෂ විනෝද සැමරුම් රාශියක් ඉදිරිපත් කරයි.2009 සැප්තැම්බර් 9 වන දින දියත් කළ මෙට්‍රෝ සේවය ගමනාගමනය සඳහා හොඳම ක්‍රමයක් බවට…

Read More

සිංහ ක්‍රිකට් සමාජය විසින් පළමු වරට ඉදිරිපත් කරනු ලැබූ ” සිංහ Shuttle Smash Show Down” 2024 බැඩ්මින්ටන් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 7 වනදා ඩුබායි ලෑන්ඩ් හි අකීලා විදුහල් පරිශ්‍රයේ “Smash Sport Academy ” හිදී අති සාර්ථකව නිමා විය. කාන්තා සහ පිරිමි තරගකරුවන් 48 ක් කාන්තා කුසලාන දෙකක් හා පිරිමි කුසලාන තුනක් සදහා තරග වැදුණහ. මෙහිදී කාන්තා ප්‍රථම අංශයේ කුසලානය දිනාගනු ලැබුවේ මහේෂිකා සහ මල්මී යන යුගලයි. එසේම එහි අනුශුරතාවය දිනාගනු ලැබුවේ දෙවන්මිනී සහ උදානි යුගලයි. හෙරුශි හා මල්ෂා යුගල විසින් දෙවන අංශයේ කුසලානය දිනාගනු ලැබූහ. එහි අනුශුරතාවය හිමිවූයේ ෂයිනි සහ සංජුලා යුගලයටයි. පිරිමි ප්‍රථම අංශයේ කුසලානය දිනාගනු ලැබුවේ සුරංග සහ වසන්ත…

Read More

Hamdan Bin Rashid Al Maktoum පදනම වෛද්‍ය සහ අධ්‍යාපනික විද්‍යාව සඳහා වන ත්‍යාග සහ නවෝත්පාදන සඳහා හම්දාන් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද එහි කීර්තිමත් ” Future Science Challenge” හි සිව් වන වාරය දියත් කරන බව නිවේදනය කර ඇත. කලාපය පුරා සිටින තරුණ නවෝත්පාදකයින් දිරිගැන්වීමේ අරමුණින් මෙම වසරේ තරඟය සමස්ත අරාබි ලෝකයම ආවරණය වන පරිදි එහි ප්‍රවේශය පුළුල් කරනු ඇත. “සමාජයේ ධනාත්මක වෙනසක් ඇති කිරීම” යන තේමාව යටතේ, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ජීවන මට්ටම්වල සමාජ අභියෝගවලට මුහුණ දීම සඳහා නවීන තාක්‍ෂණයන් භාවිතා කිරීමට මෙම වාරය සහභාගිවන්නන් දිරිමත් කරයි. මෙම තරඟය වයස අවුරුදු 10 සිට 17 දක්වා දක්ෂ සිසුන් ඉලක්ක කර ගනිමින්…

Read More

ඩුබායි සෆාරි උද්‍යානය 2024 ඔක්තෝම්බර් 1 වන දින ආරම්භ වන එහි 6 වන වාරය සඳහා නරඹන්නන් පිළිගැනීමට සූදානම් වේ. ලොව පුරා සිටින සතුන් 3,000 කට අධික සංඛ්‍යාවක් සිටින මෙම උද්‍යානයේ විවිධ තේමා කලාප හයක් ඇතුළත් වන අතර, ඒ සෑම එකක්ම අධ්‍යාපනික අත්දැකීම් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත. ක්ෂීරපායී විශේෂ 78 ක්, උරග වර්ග 50 ක් දක්වා සහ පක්ෂීන් වර්ග 111ක් දක්වා විවිධ වන ජීවීන් සමූහයක් සමඟ සමීප හමුවීම් භුක්ති විඳිමින් සංචාරකයින්ට පයින් ඇවිදිමින් හෝ ෂටල් දුම්රිය හරහා ගමන් කළ හැකිය. ග්‍රීෂ්ම නිවාඩු කාලය තුළදී, උද්‍යානය පුළුල් වැඩිදියුණු කිරීම්වලට භාජනය වූ අතර, සංචාරකයින් සඳහා වඩාත් ආකර්ෂණීය අත්දැකීමක් සහතික කරයි. මෙවර…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂණ කවුන්සිලය විසින් “සයිබර් ස්නයිපර්” මුලපිරීම තුළ නව විශේෂිත පුහුණු පාඨමාලා මාලාවක් සම්පුර්ණ කල බව නිවේදනය කරන ලදී. රජයේ මානව සම්පත් සඳහා වන ෆෙඩරල් අධිකාරිය (FAHR) සමඟ එක්ව පසුගිය වසරේ Cybersecurity කවුන්සිලය විසින් දියත් කරන ලද මෙම වැඩසටහන SANS, EC-Council, Offsec සහ CyberGate Defense වැනි ප්‍රමුඛ ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ හවුල්කරුවන් විසින් සිදු කරන ලද සයිබර් ස්නයිපර් මුලපිරීමකි. රටේ ඩිජිටල් යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම, සුරක්ෂිත ඩිජිටල් පරිවර්තනයට සහාය වීම සහ නැගී එන සයිබර් තර්ජන මැඩලීමට සහ ඒවාට මුහුණ දීම සඳහා ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට රාජ්‍ය ආයතනවල සූදානම වැඩි කිරීම සඳහා කවුන්සිලයේ විස්තීරණ උපාය මාර්ගයේ ප්‍රධාන අංගය…

Read More

ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ සිනමා ශාලාවේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. රැස්වීම පැවැත්වෙන අතරතුරදී පාසල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවී තිබේ. පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිමඩ පොලීසියට භාරදීමට කටයුතු කෙරිණි.වැලිමඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන…

Read More

ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (09) හතරවැනි දිනටත් ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය රැස් කළ ලකුණු 325ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළහ. එංගලන්තය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 156කි. ළහිරු කුමාර කඩුලු 4ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව ලකුණු 219ක ඉලක්කයක් හඹා යන ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ (08) දිනට තරගය නතර කරන විට කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්…

Read More