Author: Stanly Kularathna

අනුබුදු මිහිඳු මාහිමියන් මිහින්තලය​ට වැඩම කොට ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිට වූ උතුම් පොසොන් උත්සවය සැමරීම සඳහා පැවැත්වෙන “අබුඩාබි පොසොන් කලාපය 2023” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී ජුනි 3 සහ 4 දෙදින තු​ල පවත්වනු ලබනවා. මෙහිදී ජුනි 3 ව​න සෙනසුරාදා සවස 7:00 සිට “බැති ගී සරණි​ය” පොසොන් බක්ති ගායනා වැඩසටහනත්, සම්බුද්ධ පූජාව සහ ඉන් අනතුරුව සුමධුර ධර්මදේ​ශණාවක් පැවැත්වෙන අතර ජුනි 4 ව​න ඉරිදා උදෑසන 6:30 සිට ශීල භාවනා වැඩසටහන පවත්වනු ලබනවා. එදින​ම සවස 7:00​ සිට සම්බුද්ධ පූජාව සහ ඉන් අනතුරුව සුමධුර ධර්මදේ​ශණාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා. පොසොන් උත්සවය සඳහා නිර්මාණය කල දර්ශණීය තොරණ සහ මිහින්තලා අනුරුවත්…

Read More

අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාදීපය​ට බුදු දහම රැගෙන ආ ​ඒ සුපින්වත් පොසොන් පොහොය සමරණුවස් ඩුබායි මිර්දීෆ්හි දම්දිය අසපුව විසින් සංවිධානය කෙරෙන රසල් කයිමා පොසොන් උදානය ජුනි 2 -3- 4 යන තෙදින පුරාවට රාත්‍රී 7.00 සිට 10 දක්වා රසල් කයිමා දම්දිය අසපුව භූමියේදී පවත්වනු ලබනවා. මෙහිදී ඉදිරිපත් කෙරෙන දර්ශණීය පොසොන් තොරණක්, පොසොන් සල්පිලක් සහ තෙදින තුල පැවැත්වෙන දන්සල් මාලාවක්ද ඇතුලත් වනවා. පොසොන් උදානයේදී ඩුබායිහි ප්‍රථම වතාවට ඉදිරිපත් කෙරෙන අසංක කන්කානම් කිවිඳුන්​ගේ විරිදු සදහම් දේශනය ජුනි 2 සහ 3 යන දෙදින තුල රසල් කයිමා දම්දිය අසපුව භූමියේදීත් ජුනි මස 4 වෙනිදා සවස 7ට ඩුබායි මිර්දීෆ්හි දම්දිය මහා විහාරයේදීත් පැවැත්වීම​ට කටයුතු සංවිධානය කොට…

Read More

සංගීතයට, නැටුමට, විනෝදයට, කැමති ඔබ වෙනුවෙන්ම, Rush Events සාදරයෙන් ගෙනඑ​න Marians Unlimited Dance Night Live in Dubai ජූනි 10 වැනිදා මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් ඩුබායි – ෂෙයික් සයිඩ් පාර හෝටලයේදී රාත්‍රී 8:00 සිට පසුදා අළුයම 2:00 දක්වා Marians Unlimited Dance Night Live in Dubai විනෝදකාමී රාත්‍රිය සංගීතයෙන් ඔබ මුසපත් කරවන්නට නැටුමෙන් කුල්මත් කරවන්නට අසීමිතව ඔබ විනෝදවත් කරන්නට, කණ්ඩායම් සංගී​තයේ පුරෝගාමී එකතුව මේරියන් සමග චිත්‍රාල් සෝමපාල සහ ආදිත්‍යා වැලිවත්ත ​සූදානමින් සිටී. විනෝදයට රිසි ඔබත්, ඔබගේ යහළු හිත මිතුරන්, ආදරණීයන්, පවුලේ සැම සමග එක්වී සංගීතවත් වන්නට, නටන්නට, කන්නට, බොන්නට, අසීමාන්විතව විනෝද වෙන්න​ට මීටත් වඩා අවස්ථාවක් නැති තරම්. ඔබගේ ප්‍රවේශපත්‍ර ​දැන්ම වෙන්කරවා ගන්න පහත…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත 2.5% කින් (පදනම් අංක 250 කින්) අඩු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගියදා පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.5% සිට 13 %දක්වා ද මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% සිට 14% දක්වා ද අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අපේක්‍ෂා කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය සහ උද්ධමනාත්මක පීඩනයන් අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබේ. මැයි මාසය අවසන් වනවිට…

Read More

වංචාකරුවන් රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිට මහජනතාව රැවටීමේ සිද්ධීන් ඉහළ ගොස් තිබෙනවා. වංචනික ඇමතුම් සහ ව්‍යාජ වෙබ් අඩවි පිළිබඳව අබුඩාබි පොලිසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. වංචාකරුවන් රාජ්‍ය ආයතන සහ නිලධාරීන් අනුකරණය කරමින් පුද්ගලයන් රැවටීමට හෝ පොළඹවා ගැනීමට රැවටිලිකාර කෙටි පණිවිඩ භාවිතා කරනු ලබනවා. නොයෙක් ආකාරයේ න​ව රැවටිලිකාර උපක්‍රම යොදමින්, වින්දිතයන් හසුරුවමින් ඔවුන්ගේ බැංකු තොරතුරු හෙළිදරව් කරගන්නා බැවින්, විමසිලිමත් විය යුතු බව පොලිසිය අවධාරණය කළේය. මෙම තොරතුරු ලබා ගත් පසු, වංචාකරුවන් අන්තර්ජාලය හරහා සොරකම් කිරීම සඳහා එම දත්ත භාවිතා කරන අතර එමඟින් වින්දිතයාට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදු වේ. බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව ප්‍රවේශම්…

Read More

ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය (DWTC) පසුගියදා නිවේදනය කළේ එහි වාර්ෂික උත්ස​ව මගින් පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය සඳහා ඩොලර් බිලියන 3.55 (ඩිරාම් බිලියන 13) ආර්ථික නිමැවුමක් උපයා ඇති අතර එයින් ඩොලර් බිලියන 2.03 (ඩිරාම් බිලියන 7.45) ඩුබායිහි දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය දී ඇති බවයි. මධ්‍යස්ථානයේ 2022 ආර්ථික බලපෑම් තක්සේරු වාර්තාවට අනුව, රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (MICE) ව්‍යාපාරික සේවා සහ යාබද අංශ හරහා සමස්ත සෘජු ආර්ථික නිමැවුම ඩොලර් බිලියන 2.55 දක්වා දෙගුණයකට වඩා වැඩි විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතම උත්සව මධ්‍යස්ථා​නය සහ මුළු කලාපයේම විශාලතම ප්‍රදර්ශන මධ්‍යස්ථානය රැකියා 48,000කට වැඩි ප්‍රමාණයකට සහය දැක්වීය, එය වසරින් වසර 110%ක වැඩිවීමක්…

Read More

මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. අදාළ ගැසට් නිවේදනය අනුව ‌දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින් දැක්වේ. මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 1 දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.

Read More

ශ්‍රී ලංකාව පසුගිය කාලසීමාවේ මුහුන දුන් දැඩි ආර්ථි​ක අර්භූ​ද හේතුවෙන් පොදුවේ රට තුල ක්‍රියාත්මක වූ සෑම ව්‍යාපාර අංශයක්මත් පෞද්ගලිකව සෑම ​රටවැසියෙක්මත් අඩු වැඩි වශයෙන් අපහසුතාවයන්ට මුහුණදුන් ආකාරය සඳහන් කලයුතු නොවේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම, විදේශ සංචිත නොමැතිකමින් ආනයනයන සීමාවන් ගෙනඒම, රටතුල නව විදෙස් ආයෝජ​න සිදු නොවීම, විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකා​ව යවන ​ප්‍රේෂණ පහත් මට්ටමක පැවතීම, සංචාරක කර්මාන්ත​ය වැනි රටතුලට ඩොලර් ගෙන එන කර්මාන්​ත ඉතා දුර්වල මට්ටමක පැවතීම වැනි හේතූන් ගනනාවක් නිසා ශ්‍රී ලංකා​ව ආර්ථිකව දරුණුම ​ඛේදවාචකයකට මුහුණ දුන්නා. ශ්‍රී ලංකා​ව​ට විදේශ ණය ලබාගතහැකි ඉක්මන් ක්‍රමවේදයන්ද නොමැති මොහොත​ක ශ්‍රී ලංකා රජයට බලාපොරොත්තු තැබිය හැකි…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පාසල් 8ක් නි​යෝජනය කරන ඒකාබද්ධ ඕල්කට් පාසල් කණ්ඩාය​මේ සහ සහිරා පාසල් කණ්ඩාය​මේ ආදි සිසුන් අතර පැවැත්වෙන සමාරම්භක මහා ක්‍රිකට් සැණකෙළිය 2023 ජුනි 3 වැනි සෙනසුරාදා දින සවස 5.30 සිට අජ්මාන් හි මැලෙක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලබනවා. ඉසව් කීපයක් යටතේ පැවැත්වෙන මෙම සැණකෙළිය සඳහා ඒකාබද්ධ ඕල්කට් පාසල් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් වන කොළඹ – ආනන්ද, නාලන්දා, මහනුවර – ධර්මරාජ, ධර්මාශෝක, පන්නිපිටිය – ධර්මපාල, ගාල්ල-මහින්ද, කුරුණෑගල – මලියදේව සහ මාතර-රාහුල යන විද්‍යාල අටක් නියෝජනය කරන අත​ර එම T20 කණ්ඩායම මෙහෙයවනු ලබන්​නේ නිමේෂ තාජුඩීන් විසිනි. ඒකාබද්ධ සහිරා පාසල් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ…

Read More

සම්මාසම්බුදු රජානන්ගේ දහම් පණිවිඩ​ය ශ්‍රී ලංකාදීප ධරණිතලය​ට රැගෙන ආ පින්වත් පොසොන් පොහොය දින​යේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්​සේගේ සහ සුනාපරන්ත දේශයේ පුන්නමහ රහ​තන්වහන්සේ​ගේ අසිරිමත් ගුණවරුණ සම්බුද්ධ පූජාව සහ ධර් ම දේශනය ඇතුලත් සම්බුද්ධ ශ්‍රාවකාභිවන්දනා කෘතගුණ සැළකීමේ මහා පින්කම 2023 ජූනි මස 03 වන සෙනසුරාදා සවස 7:00 සිට 9:00 දක්වා ඩුබායි ලී මැරිඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මෙම පුණ්‍යකර්මය සංවිධානය කෙරෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ප්‍රධාන සංඝණායක සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර විහාරාධිපති අතිගරු පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන්ගේ පූර්ණ ​ආශීර්වාදය හා මගපෙන්වීම යට​තේ ඩුබායි ලංකාරාමවාසී ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් හා විරාරස්ථ දායක සභාවේ සහයෝගයෙනි. ​සම්මාසම්බුදු රජානන්සේ, සද්ධර්ම රත්නය ස​හ ආර්ය ම​හ…

Read More