Author: Stanly Kularathna

භෞතික සම්පත් සංවර්ධනය සදහා සිව්මහ නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හදුනා ගැනේ. එම නගර යා කරමින් ආර් ථික කොරිඩෝ 9 ක් ද හදුනා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙරට ප්‍රධාන වාණිජ හා මූල්‍ය නගරය ලෙස කොළඹ නගරය හදුනා ගෙන තිබේ. ඉදිරි වසර 8 සදහා කොළඹ නගර සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත. හම්බන්තොට නගරය සංවර් ධනය කිරී ම සදහා සැකසුනු හම්බන්තොට විසල් නගර සංවර් ධන සැලැස්ම යාවත්කාලීන කිරීමට අපේක්ෂිතයි. ත්‍රිකුණාමල නගරය ප්‍රධාන වාණිජ නගරයක් ලෙස හදුනා ගෙන පළාත් පාලන ආයතන කිහිපයක් ඇතුලත් වන පරිදි ත්‍රිකුණාමලය නගර…

Read More

ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණීම සඳහා නව දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට විෂයභාර අමාත්‍යාංශ එක්ව තීරණය කර තිබේ. මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළේ සිට දුම්රිය ස්ථානයට ඇති කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් සඳහා අදාළ මාර් ග ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සිදු කළ යුතුව ඇති බවයි. ඒ අනුව ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘතිවලට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කොට ඇත.

Read More