Author: Stanly Kularathna

2009 සැප්තැම්බර් 9 වන දින මෙට්‍රෝව ප්‍රථම වරට මහජනතාවට විවෘත කිරීමෙන් පසු ඩුබායි මෙට්‍රෝ භාවිතයට ගත් මගීන් සංඛ්‍යාව බිලියන දෙක ඉක්මවා ඇති බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කළේය. මෙට්‍රෝවේ රතු මාර්ගය (Red Line) මගීන් බිලියන 1.342ක් ප්‍රවාහනය කර ඇති අතර හරිත මාර්ගය (Green Line) මගීන් මිලියන 673.531කට සේවය කළේය. මීට අමතරව, ඩුබායි මෙට්‍රෝ ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන් අභිබවා යමින් සහ සුවිශේෂී මෙහෙයුම් කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරමින් 99.7% ක වෙලාවට වැඩ කිරීමේ අනුපාතයක් පවත්වා ගෙන ගොස් ඇත. ඩුබායි මෙට්‍රෝහි අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය මගීන්ට ආරක්ෂිත සහ විශ්වාසදායක ප්‍රවාහනය කටයුතු සැපයීම සඳහා ඩුබායි හි කැපවීම පිළිබඳ සාක්ෂියක් ​වේ. ඩුබායි හි ඔටුන්න හිමි…

Read More

මාර්තු මැද භාගයේදී දියත් කළ ඩුබායි පොලිසියේ යාචක විරෝධී ව්‍යාපාරය එමිරේට්ස් හි විවිධ ප්‍රදේශවල යාචකයින් 319 අත්අඩංගුවට ගෙන ඇත. මෙයට පිරිමි 167 සහ කාන්තාවන් 152ක් ඇතුලත්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ජමාල් සලීම් අල් ජලාෆ් පැවසුවේ ‘සිඟාකෑම අනුකම්පාව පිළිබඳ වැරදි සංකල්පයකි’ ව්‍යාපාරයේ අරමුණ වන්නේ “වැසියන්ගේ අනුකම්පාව සූරාකන” යාචකයින් සහ වීදි වෙළෙන්දන් සංඛ්‍යාව අඩු කිරීමයි. අත්අඩංගුවට ගත් යාචකයින් අතරින් නව දෙනෙකු ඊද් අල් ෆිතර් නිවාඩුව අතරතුර අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය. මේජර් ජෙනරාල් අල් ජලාෆ් පැවසුවේ හිඟාකෑම සමාජයේ ආරක්ෂාවට සහ රටේ ප්‍රතිරූපයට තර්ජනයක් බවයි. සිඟමන් යැදීම සොරකම්, මංකොල්ලකෑම් වැනි බරපතළ ප්‍රතිවිපාකවලට සම්බන්ධ බවත්, දරුවන්, රෝගීන්, අයථා ලාභ ප්‍රයෝජන සඳහා…

Read More

සුරතල් සතුන් සඳහාම වෙන්වූ සුරතල් සැණකෙළිය අප්‍රේල් 29 සහ 30 දෙදින තුළ අබුඩාබි හි Sheikh Zayed Cricket Stadium හි Abu Dhabi Cricket and Sports Hub හි පැවැත්වෙනවා. පවුල් හිතකාමී උත්සවයක් වන මෙම සැණකෙලිය​ට සුරතල් සතුන්ට ආදරය දක්වන්නන්ට සිය සුරතලුන් සමග සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙනවා. සුරතල් සැණකෙළි​යේ විශේෂතා අතරට ශූරතා සුනඛ සංදර්ශනයක්, සුනඛ කඩිසර පාඨමාලා, සුරතල් විලාසිතා සංදර්ශනයක් ඇතුළත් වෙනවා. සුරතල් සතුන්ගේ සෞඛ්‍යය සහ පුහුණුව, සුරතල් ගොවිපල, සහ පොලිස් K9 සුනඛ සංචිතයේ ආදර්ශනයක් ද ඇතුලත් වෙනවා. “අබුඩාබි සුරතල් සැණකෙළිය වසර තුනකට පසුයි නැවත පවත්වනු ලබන්නේ. COVID සීමා කිරීම් තවදුරටත් නැති බැවින් හැකි ඉක්මනින් මෙම උත්සවය පවත්වන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කර…

Read More

2023 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 316,619ක බදු ආදායමක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ රුපියල් මිලියන 146,565කි. ඒ අනුව එය පසුගිය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 216% ක වැඩිවීමකි. රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වර්ධනය වීම ආදිය මෙම බදු ආදායම ඉහළයාමට හේතුවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බුදු තෙමගුල සමරනු වස් එක්සත් අරාබි එමීර් රාජයේදී පැවැත්වෙන ඩුබායි වෙසක් මංගල්‍යය – 2023 මෙවරත් මැයි මස 13 වැනි සෙනසුරාදා සවස 4 සිට රාත්‍රී 9 දක්වා ඩුබායි ​ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා. වෙසක් මංගල්‍යයේ අසිරිය ලොවට එක්කරන ශ්‍රී ලංකික අපට​ම අනණ්‍යවූ වෙසක් පෙරහැර, පහන් කූඩු, වෙසක් තොරණ, බැති ගී, වෙසක් නාට්‍ය හා දන්සල් සමගින් වෙසක් මංගල්‍යය – 2023 අති උත්කර්ශවත් අන්දමින් සැමරීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙනවා. වෙසක් පෙරහැර ආරම්භය සවස 4 ට සිදුකරණු ලබන අතර, වෙසක් සංස්කෘතික මංගල්‍යය සවස 6​ ට ආරම්භ කිරීමට නියමිතයි. වෙසක් මංගල්‍යයේ කටයුතු මෙහෙය වීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත,…

Read More

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වනු ලබන මාසික ජංගම කොන්සියුලර් සේවාවේ අප්‍රියෙල් මස සැසිය 2023.04.28 සිකුරාදා දින සවස 4.00 සිට 5.00 දක්වා ඇල්ෆා පුහුණු සහ උපායමාර්ගික කළමනාකරණය අයතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ස්ථානය: අල් අක්බාබ් වීදිය, අල් අයින්. (අල් අයින් සාප්පු සංකීර්ණය අසල) ස්ථානය සඳහා: මෙතනින් වැඩි විස්තර සඳහා කරුණාකර 03 780 2818 / 050 780 7448 හරහා ඇල්ෆා පුහුණු අයතනය හෝ 02 449 9076 හරහා තානාපති කාර් යාලය අමතන්න.

Read More

ඊද් අල් ෆිතර් උත්සව සමයේදී අන්තර්ජාල සාප්පු සවාරි වැඩිවීම් හරහා ගසාකන අවස්ථාවාදී සයිබර් අපරාධකරුවන්ට නොරැවටෙන ලෙස ඩුබායි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සුප්‍රසිද්ධ හා ස්ථාපිත වෙළඳ සන්නාමවලට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කිරීම මගින් ගනුදෙනු සඳහා විශාල වට්ටම් ලබා දීමෙන් සැකයෙන් තොරව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට වංචනිකයින් උත්සාහ කිරීම සම්බන්ධයෙන් බළකාය අනතුරු ඇඟවීමක් කළේය. එවැනි ව්‍යාජ වෙබ් අඩවිවලින් භාණ්ඩ ඇනවුම් කර ඇති පුද්ගලයන්ට ඔවුන් ඇනවුම් කොට මුදල් ගෙවූ භාණ්ඩ කිසිවිටෙකත් නොලැබුණු බව පොලිසිය පවසයි. ඩුබායි පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ජමාල් අල් ජලාෆ් පැවසුවේ, වැරදිකරුවන් තම ක්‍රෙඩිට් කාඩ් විස්තර ඇතුළත් කළ පසු ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් ලබා ගන්නා බවයි. නවීන…

Read More

උතුරු නැගෙනහිර පුරා හෙට (අප්‍රේල් 25) ක්‍රියාත්මක කිරීමට නියමිත පූර්ණ හර්තාල් ව්‍යාපාරයේදී රජයේ සේවකයන් ද ඊට හවුල්වන බව දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ 22දා යාපනයේදී පැවසූහ. මේ නිසා එදිනට උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය සේවා කටයුතු ද අඩාල වන බව කී පක්ෂ හතේ නියෝජිතයෝ මෙම පූර්ණ හර්තාලය දා සියලු ම වෙළෙඳසල් වසා දැමෙන බවත් ගමනාගමන කටයුතු අඩාල වන බවත් සඳහන් කළහ. යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි දෙමළ පක්ෂ හතට ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, දෙමළ ජනතා සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂවල නියෝජිතයෝ සහභාගි වූහ. දෙමළ දේශපාලන පක්ෂ සහ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇතැම් සමාගම් අනිවාර්ය ආයතනික බදු ගාස්තුවක් ගෙවීමෙන් නිදහස් කරන බදු නීතිවල වෙනසක් නිවේදනය කර තිබෙනවා. සුදුසුකම් ලබන මහජන ප්‍රතිලාභ ආයතන සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලයේ නව තීරණයක් මුදල් අමාත්‍යාංශය විසින් එළිදක්වන ලදි. එය සැලසුම් කර ඇත්තේ පුළුල් මහජන ප්‍රතිලාභ සඳහා ක්‍රියාත්මක වන සමාගම් සහ සංවිධානවලට බදු ගෙවීමට සිදු නොවන බව සහතික කිරීම සඳහා ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බදු නීති වෙනස් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යුහයට දායක වන ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරමින් මහජන සහ සමාජයේ සුභසාධනය සඳහා සුදුසුකම් ලත් මහජන ප්‍රතිලාභ ආයතන ස්ථාපිත කර ඇත. සාමාන්‍යයෙන්, අවධානය යොමු වන්නේ මහජන සුබසාධනය, පරිත්‍යාගශීලීත්වය,…

Read More

මගී ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කිරීම හා වංචා දූෂණ මැඬ පැවැත්වීමේ අරමුණින් අනිවාර්යයෙන්ම තෙමසක් ඇතුළත බස් හා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම්, ආසන වෙන් කිරීම් ඇතුළු සියලු කටයුතු QR ක්‍රමවේදය ඔස්සේ පූර්ණ ඩිජිටල්කරණයට ලක් කරන ලෙස ප්‍රවාහන බලධාරීන්ට නියෝග කළ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍යට පවසා තිබෙනවා. මෙම ඩිජිටල්කරණ කටයුතු සඳහා දේශීය සහ විදේශීය යෝජනා කැඳවීම දැනට වසර පහක් හයක් තිස්සේ සිදු කෙරුණත් කිසි විටෙකත් ඒවා ක්‍රියාත්මක නොවීම තුළ මෙම ක්ෂේත්‍රයෙහි වංචා දූෂණ ඉහවහා ගොස් ඇති බවද ඇමැති ආචාර්ය ගුණවර්ධන සඳහන් කළේය. එමෙන්ම දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයන් තුළ වංචා හා දූෂණ සිදු කිරීමට පහසුවෙන් ඉඩකඩ විවරව තිබීම හේතුකොටගෙන…

Read More