Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»වාහන නැවැත්වීමේදී, උල්ලංඝනය කිරීම් 5 සඳහා ඩිරාම් 1,000 ​ක දඩයක්
Fines

වාහන නැවැත්වීමේදී, උල්ලංඝනය කිරීම් 5 සඳහා ඩිරාම් 1,000 ​ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වාහන නැවැත්වීම සඳහා ස්ථානයක් සොයමින් සිටින නමුත් හිස් ස්ථානයක් සොයාගත නොහැකි වූවි​ට පදික වේදිකාවේ හෝ නම් නොකළ ස්ථානයක වාහන නැවැත්වීම සඳහා ඩිරාම් 1,000 ​ක දඩයක් ගෙවීමට සිදුව​නබව පසුගියදා, ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් සමාජජාලාවෙ​ත මුදා හරින ලද වීඩියෝවක සඳහන් වෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රියදුරන් අහඹු ස්ථානවල වාහන නැවැත්වීමෙන් වළකින ලෙස හා වාහන නැවැත්වීමේදී නීති තුනක් මතක තබා ගත යුතු බවයි:

  • විලා ඉදිරිපිට ගාල් නොකරන්න.
  • පදික වේදිකාවේ ගාල් නොකරන්න.
  • පොදු වාහන නැවැත්වීමේ ස්ථාන වල ගාල් කරන්න – ඩුබායිහි, ගෙවන වාහන නැවැත්වීමේ කලාපයක් බව පෙන්නුම් කරන විශාල සංඥා පුවරුවකින් ඇතුල් වන ස්ථානයේ පොදු වාහන නැවැත්වීමේ ස්ථාන පැහැදිලිව හඳුනාග​ත ඇත.

සංඥා පුවරු නිල් සහ තැඹිලි වර්ණ වලින් යුත් අතර එමගින් දැක්වෙ​න ප්‍රදේශය මුදල් ගෙවා පොදු වාහන නැවැත්වීමේ ස්ථානයක් ලෙස හඳුනා ගත හැ​ක. සංඥා පුවරුවල කලාප අංකය සහ අක්ෂර මාලාවක් වන කේතය සහ සමහර විට ගෙවන වාහන නැවැත්වීමේ වේලාවන්​ද ඇතුළත් වේ.

ඩුබායි හි RTA පහත සඳහන් වාහන නැවැත්වීමේ උල්ලංඝනයන් සඳහා ඩිරාම් 1,000 ක දඩයක් පණවයි:

  • තහඩු අංකයක් නොමැතිව මෝටර් රථයක් ගාල් කිරීම.
  • ආභාධි​ත පුද්ගලයින් සඳහා වෙන් කර ඇති ස්ථානයක් අනවසරයෙන් භාවිතා කිරීම, කල් ඉකුත් වූ බලපත්‍රයක් භාවිතා කිරීම ස​හ බලපත්‍රය පැහැදිලිව නොපෙනෙන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් රථවාහන නීතියට අනුව ඩිරාම් 1,000 ක දඩයට අමතරව කළු ලකුණු හයකින් දඩුවම් ලැබෙනු ඇත.
  • මෝටර් රථය වෙන් කර ඇති වාහන නැවැත්වීමේ ස්ථානයක ගාල් කරන්නේ නම් හෝ එම නිශ්චිත ප්‍රදේශයේ ගාල් කිරීමට බලපත්‍රයක් නොමැති නම්.
  • මෝටර් රථය, තහනම් ප්‍රදේශයක විකිණීමට හෝ කුලියට දීමට ඇති බවට සඳහන් කල දැන්වීමක් ප්‍රදර්ශනය කො​ට තිබීම.
  • මීට අමතරව, ෆෙඩරල් රථවාහන නීතියට අනුව, මෝටර් රථය ගිනි නිවන උපකරණයක් ඉදිරිපිට එයට භාධාවන පරිදි ගාල් කළහොත්, ඔබට ඩිරාම් 1,000 ක දඩයකට මුහුණ දීමට සිදුවේ.

RTA හි ‘සැහැල්ලු මෝටර් රථ අත්පොත’ රියදුරන්ට උපදෙස් දෙන්නේ වාහන නැවැත්වීමට පෙර අත්‍යවශ්‍ය ප්‍රශ්න හතරක් තමන්ගෙන්ම අසන ලෙසත්ය. ඒ ඔවුන්ගේ ආරක්ෂාව පමණක් නොව අවට සිටින අනෙක් අයගේ ආරක්ෂාව සහතික කිරීම සහ බරපතල අනතුරු වළක්වා ගැනීමත් සඳහා ය:

1. වාහන​ය නැවැත්වීමට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ස්ථානයක් තෝරාගෙන තිබේද?

2. ගමනාගමනය හෝ වෙනත් මාර්ග භාවිතා කරන්නන්​ට අවහිර කිරීම හෝ බාධා කිරීමකින් තොරව මට මගේ මෝටර් රථය ආරක්ෂිතව ගාල් කළ හැකිද?

3. මට දෙපැත්තෙන්ම වාහන තදබදය පිළිබඳ පැහැදිලි දර්ශනයක් තිබේද?

4. වෙනත් රියදුරන් විසින් මා දකිනු ඇත්ද?

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපළමු කාර්තුවෙහි UAE රජයේ ආදායම ඩිරාම් බිලියන115.6 ක් රජයේ වියදම් ඩොලර් බිලියන 92.5 ක්
Next Article ඩුබායි සහ සාජා අතර පාරුසේවා​ව (Ferry) අගෝස්තු 4 සිකුරාදා සිට නැවතත්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.