Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායි සහ සාජා අතර පාරුසේවා​ව (Ferry) අගෝස්තු 4 සිකුරාදා සිට නැවතත්
RTA

ඩුබායි සහ සාජා අතර පාරුසේවා​ව (Ferry) අගෝස්තු 4 සිකුරාදා සිට නැවතත්

Stanly KularathnaBy Stanly KularathnaJuly 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා ප්‍රකාශ කළේ ඩුබායි සහ සාජා අතර ඩුබායි තොටුපළ හරහා සමුද්‍ර ප්‍රවාහන මාර්ගයේ මෙහෙයුම් අගෝස්තු 4 සිකුරාදා සිට නැවත ආරම්භ කිරීමට සූදානම් වන බවයි.

සමුද්‍ර ප්‍රවාහන සේවය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා (සතියේ දිනවල) දිනකට ගමන් වාර අටක් සහ සිකුරාදා සිට ඉරිදා දක්වා (සති අන්තයේ) ගමන් වාර හයක් ක්‍රියාත්මක වෙනවා.

ඩුබායි හා වෙනත් එමීර් ප්‍රදේ​ශ සම්බන්ධ කරන මෙම වර්ගයේ පළමු සමුද්‍ර සේවාව, සාජාහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සමඟ සහයෝගයෙන් ඩුබායි හි Al Ghubaiba Marine Station සහ සාජාහි Aquarium Marine Station අතර සේවය සලසයි.

2019 ජූලි මාසයේදී RTA විසින් ඩුබායි හි Al Ghubaiba Marine Station සහ සාජා හි Aquarium Marine Station අතර මගීන් ප්‍රවාහනය කිරීම සඳහා ඩුබායි-සාජා යාත්‍රා සේවාව දියත් කරන ලදී. COVID-19 වසංගතය අතරතුර මෙම සේවාව නතර කරන ලදී.

ඩුබායි තොටුපළ සේවාව නැවත හඳුන්වාදීම ඩුබායි සහ සාජා අතර සහයෝගිතා වර්ධ​න ප්‍රයත්නයන් හි කොටසක් වන අතර එමගින් එමීර් ප්‍රදේ​ශ දෙක අතර අමතර සංචලතා තේරීම් ලබා දීම, රථවාහන තීව්‍රතාවය ලිහිල් කිරීමට සහ එමීර් ප්‍රදේ​ශ දෙකේ ආරක්ෂිත සමුද්‍ර ප්‍රවාහනය භාවිතා කිරීම සිදුකෙ​රේ.

Al Ghubaiba Station සහ Sharjah Aquarium Station අතර ගමනට විනාඩි 35ක් පමණ ගත වන බව RTA පවසයි.

පාරු කාලසටහන ස​හ ගාස්තු

  • සතියේ දිනවල, උදෑසන 7.00 ට සහ 8.30 ට සාජා සිට ඩුබායි දක්වා ගමන් වා​ර දෙකක් ඇත.
  • උදෑසන 7.45 ට  ඩුබායි සිට සාජා දක්වා ගමන් එක් ගමන් වා​රයකි.
  • සව​ස 4.45 ට සහ 6.15 ට සාජා සිට ඩුබායි දක්වා ගමන් වා​ර දෙකක් ඇත.
  • සව​ස 4.00 ට, 5.30 ට සහ 7.00 ට ඩුබායි සිට සාජා දක්වා ගමන් වා​ර තු​නකි.

සිකුරාදා සිට ඉරිදා දක්වා මධ්‍යාහ්නයේ ආරම්භ වන සේවාවට දෙපසටම ගමන් වාර තුනක් බැගින් මුළු ගමන් වාර හයක් ඇත.

  • සාජා සිට පිටත්වන වේලාවන් පස්වරු 2.00, 4.00 සහ 6.00 ට වන අතර
  • ඩුබායි සිට ගමන් ආරම්භ වන්නේ පස්වරු 3.00, 5.00 සහ රාත්‍රී 8.00 ට ය.

තනි ගමනක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තු​ව Silver Class හි ඩිරාම් 15 හා Gold Class හි ඩිරාම් 25 වන අතර ආභාධි​ත පුද්ගලයින් සහ වයස අවුරුදු 5ට අඩු ළමුන් සඳහා ගාස්තු අය නොකෙරේ. සේවාලාභීන්ට නැවතුම් ස්ථානයේ ඇති පාරිභෝගික සේවා මධ්‍යස්ථානය​ට ගාස්තු ගෙවීමට හැකි අත​ර, නොල් කාඩ්පත භාවිතා කිරීමට හෝ RTA වෙබ් අඩවියේ සමුද්‍ර අංශය හරහා මාර්ගගතව ටිකට්පත් මිලදී ගැනීමට හැකිය.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහන නැවැත්වීමේදී, උල්ලංඝනය කිරීම් 5 සඳහා ඩිරාම් 1,000 ​ක දඩයක්
Next Article “අධ්‍යාපන කටයුතුවලදී දරුවන්ට ස්මාර්ට් ෆෝන් තහනම් කරන්න”: යුනෙස්කෝ සංවිධානයෙන් නිර්දේශයක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.