Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»බී-ලව් කැන්ඩි පිල පළමු ජය ලබයි
Events

බී-ලව් කැන්ඩි පිල පළමු ජය ලබයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 5, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හයවැනි තරගය ලෙස දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වු​න තර​ඟයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරී​මට බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. පරාජයන් දෙකක් ලබා ලකුණු සටහනේ පතුළේ රැදී සිටි කැන්ඩි කණ්ඩායම, මෙම තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි ක්‍රීඩකයෝ ඕවර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද, අසීෆ් අලී පන්දු 8 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 16 ක්ද රැස්කරමින් කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ආරම්භක පිතිකරුවන් වූ ෆකාර් සමාන් (28) සහ දිනේෂ් චන්දිමාල් (48) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 69 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 26 කදී වාර්තා වූ ෆකාර් ගේ ඉනිමට හතරේ පහර 5 ක්ද, පන්දු 29 කදී වාර්තා වූ චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 7 ක්ද අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට දඹුල්ල අවුරා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්තේය. මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී, එක් අන්තයක් රැකගෙන ඉනිමේ අවසන් පන්දුව දක්වාම පන්දුවට පහරදුන් ධනංජය ද සිල්වා පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 61 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය, ඉන් නොනැවතී ඇලෙක්ස් රොස් (2) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 40 ක්ද, හේඩ්න් කේර් (නොදැවී 12) සමග එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 39 ක්ද එක්කරමින් දඹුල්ල ඉනිම ගොඩනැගුවේය.

පන්දු 31 කදී වාර්තා වූ අවිෂ්කගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 18 කදී වාර්තා වූ රොස්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජිබුර් රහමන් සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් අතර ඉසුරු උදාන ලකුණු 33 කට කඩුලු 2 ක් බිඳහෙළීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුප​ළේ 2023 හි මුල් මාස 6 තු​ල මගීන් මිලියන 10 ඉක්මවයි
Next Article වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි
Stanly Kularathna

Related Posts

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025

විදේශ රටවල බැංකු වලින් ණයවර ලිපි විවෘත කර ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නවතයි

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.