දිවයිනට රථවාහන ආනයනය කිරීමේදී ඒවා නිෂ්පාදනය කරන රටවල බැංකු සමඟ ණයවර ලිපි (L.C.) විවෘත කොට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මහ බංකුව දැනුම් දී තිබියදී එසේ නොකරමින් වෙනත් විදේශීය රටවල්හි බැංකුවල ණයවර ලිපි විවෘත කොට වාහන ගෙන්වීම වහාම නතර කිරමට රජය තීරණය කොට ඇත. ඒ අනුව නිසි ලෙස ණයවර ලිපි නිකුත් නොකොට දැනට දිවයිනට ගෙනා රථ වාහන දෙසීයකට අධික ප්රමාණයක් ශ්‍රී ලංකා රේගුව මඟින් නිදහස් නොකොට එහි රඳවාගෙන තිබේ.

මෙලෙස නිසියාකාරව ණයවර ලිපි නිකුත් නොකොට රථ වාහන ගෙන්වීම තුළින් අයථා ලාභයක් ආනයනකරුවන් විසින් හිමිකරගෙන ඇත.

එවැනි වාහන නිදහස් කිරීම සහ නැවත රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම මේ වන විට නවතා දැමීමට ආනයන අපනයන පාලකවරයා විසින් කටයුතු කර ඇත්තේ මේ තත්ත්වය සලකා බලාය.