Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025

ව්‍යාපාර ගොඩ නැංවීමට අවශ්‍ය ණය සහන ලබා දෙන ලෙස බැංකු සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්
Sri Lankan news

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

kumudikaBy kumudikaJune 12, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොට්ටාව – පිට­කො­ටුව 138 බස් මාර්ග­යට තට්ටු දෙකේ (ඩබල් ඩෙකර්) බස් රථ­යක් මගී ප්‍රවා­හ­නය සඳහා ධාව­න­යට යොමු කිරීමේ උත්ස­ව­යක් ජාතික ජන බල­වේ­ගය කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී දේවා­නන්ද සුර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොට්ටාව ප්‍රධාන බස් නැව­තුම් පොළ භූමි­යේදී ඉකුත් දා පැව­ත්වුණි.

මෙම බස් රථය තට්ටු දෙක­කින් සම­න්විත වන අතර එක්වර මගීන් 77 දෙන­කුට ගමන් කළ හැකිය
මෙම බස් රථයේ පළමු ගමන් වාරය සඳහා කොට්ටාව ප්‍රධාන බස් නැව­තු­ම්පො­ළට පැමිණි අවස්ථා­වේදී සහ­භාගි වී සිටි ආරා­ධි­තයෝ පීත්ත පටිය කපා බස් රථ­යට ඇතුළු වී පොල්තෙල් පහන දල්වා ආග­මික වතා­වත් ඉටු­කොට ප්‍රද­ර්ශන චාරි­කා­ව­කට එක්වූහ.

සියලු පහ­සු­ක­ම්ව­ලින් සපිරි මෙම බස් රථය විනෝද චාරිකා සඳහා ද භාවිත කළ හැකි අතර මෙහි සාමාන්‍ය ගාස්තු අය කෙරේ.

බස් රථයේ හිමි­කරු ජනක කුමාර ඇල්වි­ටි­ගල මහතා එහිදී මෙසේ කීය.
‘‘138 බස් මාර්ගය ගත්තොත් දැඩි රථ­වා­හන තද­බ­ද­යක් තියෙන මාර්ග­යක්. ඊට පිළි­ය­මක් ලෙස තමයි මම තීර­ණය කළේ පරි­සර හිත­කාමී තට්ටු දෙකේ බස් රථ­යක් ධාව­න­යට යොද­වන්න. 2015 වස­රේ­දීත් මගේ බස් රථ­යක් තිබුණා. මේ දෙවැනි අව­ස්ථාව. මම ඉල්ලා සිටි­නවා අනිත් බස් රථ හිමි­ක­රු­ව­න්ගෙනුත් මේ විදියේ අලුත් වැඩ­කට අත­ග­හලා මාර්ග තද­බ­දය අවම කිරී­මට යොමු වෙන්න කියලා.”

මෙම අව­ස්ථා­වට මහ­ර­ගම නාග­රික මන්ත්‍රී ගයාන් ගම­ලත්, බස්නා­හිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ සභා­පති විශ්‍රා­මික කොම­දෝරු ගාමිණී ජාසිංහ, ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු ප්‍රසන්න කුරේ, කොට්ටාව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රොෂාන් ද සොයිසා මහතා බස් රථ හිමි­ක­රු­වන්, සේව­කයෝ ඇතුළු පිරි­සක් සහ­භාගී වී සිටි­යහ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශ රටවල බැංකු වලින් ණයවර ලිපි විවෘත කර ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නවතයි
Next Article වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි
kumudika

Related Posts

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025

ව්‍යාපාර ගොඩ නැංවීමට අවශ්‍ය ණය සහන ලබා දෙන ලෙස බැංකු සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.