Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»දඹුල්ල පළමු තැන රැකගෙන අවසන් වටයට
Events

දඹුල්ල පළමු තැන රැකගෙන අවසන් වටයට

Stanly KularathnaBy Stanly KularathnaAugust 15, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර ඊ​යේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තර​ඟයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දඹුල්ල කණ්ඩායම ලකුණු 12 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගනිමින් මූලික වටය නිමා කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය බී-ලව් කැන්ඩි කණ්ඩායමට ධනංජය ද සිල්වා ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ධනංජය ඕවර 2 ක් යවමින් ලකුණු 6 කට කඩුලු 4 ක් බිඳහෙළමින් කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන හුදකලා පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්ඳු 46 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. චන්දිමාල් පිටියේ රැදී සිටින තෙක් කැන්ඩි කණ්ඩයමේ රසිකයෝ ජයග්‍රහණය කෙරෙහි බලාපොරොත්තු තබා සිටි නමුත් හේඩ්න් කේර් ගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල මත පතිත වීමෙන් 8 වැනි කඩුල්ල ලෙස චන්දිමාල් දැවී යෑමත් සමග එම බලාපොරොත්තු බිඳවැටිණ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 162 ක් ලබාගත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ අවිෂ්ක ප්‍රනාන්දු (41) සහ සදීර සමරවික්‍රම (31) දඹුල්ල කණ්ඩායමට සාර් ථක ආරම්භයක් ලබාදුන්හ. පන්ඳු 26 කදී වාර් තා වූ සදීරගේ ඉනිමට හතරේ පහර 6 ක්ද, පන්දු 27 කදී වාර් තා වූ අවිෂ්කගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

කෙසේ වුවත් ලකුණු 43 ක් තුළ කඩුලු 5 ක් දවාගැනීමට නුවන් ප්‍රදීප් ප්‍රමුඛ කැන්ඩි පන්ඳු යවන්නන් සමත් වීමෙන් දඹුල්ල කණ්ඩායම මහත් අසීරුතාවකට පත්විය. සදීරගේ කඩුල්ල දවාගනිමින් පළමු කඩුල්ලේ සම්බන්ධතාවට තිත තැබීමට චතුරංග ද සිල්වා සමත් වෙද්දී, අවිෂ්ක සහ ලක්ෂාන් පිටියෙන් ඉවත් කිරීමට මුජිබුර් රහමාන් සමත් විය.

ඉන් අනතුරුව ධනංජය ද සිල්වාගේ සහ ඇලෙක්ස් රොස්ගේ කඩුළු බිඳ දැමීමට නුවන් ප්‍රදීප් සමත් වූවා. එහෙත් බෙන් මැක්ඩමොඩ් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද, හේඩ්න් කේර් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් දඹුල්ල කණ්ඩායම තර​ඟයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ආහ.

පෙර තර​ඟයේදී විවේක ගන්වා සිටි දිනේෂ් චන්දිමාල් සහ මුජිබුර් රහමන් මෙම තරගයේදී යළිත් බී-ලව් කැන්ඩි කණ්ඩායමට ඇතුළත්ව සිටි අතර දඹුල්ල කණ්ඩාම නායක කුසල් මෙන්ඩිස් විවේක ගන්වමින් නවක ක්‍රීඩකයන් රැසක් සමග මෙම තර​ඟයට ක්‍රීඩා කළහ. එහිදී ධනංජය ද සිල්වා විසින් දඹුල්ල අවුරා කණ්ඩායම මෙහෙයවනු ලැබිණ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුදල් විශුද්ධිකරණය සඳහා සැකකරුවන් 387 දෙනෙකුගේ ඩිරාම් බිලියන 4 ක් අත්අඩංගුවට
Next Article ඉන්දියාව, පළමු වර​ට UAEහි තෙල් සඳහා ඉන්දියන් රුපියල් වලින් ගෙවීම් සිදුකරයි
Stanly Kularathna

Related Posts

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.