ලොව විශාලතම ප්‍රජා ධාවන තරගය ලෙස සැළකෙන Dubai Run ඊයේ උදෑසන දැවැන්ත ධාවක සහභාගිත්වයකින් පැවැත්විණි. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටුම් සහ විධායක කවුන්සිලයේ සාමාජිකයින් විසින් ධාවකයින් 226,000 ක් පමණ සහභාගී වූ ධාවන තරගයට නායකත්වය දුන්හ.
Dubai Fitness Challenge (DFC) 2023 හි අවසානය සනිටුහන් කරමින් මෙම තරගය, ලොව විශාලතම ප්‍රජා විනෝද ධාවන තරගය ලෙස නැවත වරක් එහි ස්ථානය තහවුරු කර ඇත.
ෂෙයික් හම්දාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගගනගාමීන් වන සුල්තාන් අල්නෙයාඩි සහ හසා අල්මන්සූරි සමග කිලෝමීටර් 10ක ධාවන මාර්ගයේ පුළුල් ප්‍රජාවට එක් විය. ඇමෙරිකානු ගගනගාමීන් වන ස්ටීවන් බෝවෙන්, වොරෙන් හෝබර්ග් සහ ෆ්රැන්සිස්කෝ රුබියෝ මෙන්ම රුසියානු ගගනගාමීන් වන සර්ජී පොකොපේව්, ඩිමිට්රි පෙටෙලින් සහ ඇන්ඩ්රී පෙඩියේව් ඇතුළු අල්නෙයාඩි ගේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) ඔහුගේ ඓතිහාසික මෙහෙයුමේ සෙසු “Expedition 69” කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ධාවන තරගයට සහභාගී වූහ.
Dubai Run ධාවන තරගයේ පස්වන අධියර දියත් කිරීමේදී ගගනගාමී අල් නෙයාඩි විසින් Dubai Fitness Challenge ධජය ෂෙයික් හම්දාන් වෙත පිරිනැමීය. එම ධජයම ගගනගාමී අල් නෙයාඩි විසින් තම මාස හයක අභ්‍යවකාශ මෙහෙයුම සඳහා රැගෙන ගොස් තිබූ එකක් වීම සුවිශේෂී සිද්ධියකි.
Dubai Run සියලු තරාතිරම්වල ධාවකයන් සඳහා වෙන්වූ මාර්ග දෙකක් ඉදිරිපත් කොට තිබුණි. කිලෝමීටර් 10ක මාර්ගය Sheik Zayed පාර ඔස්සේ වූ අතර කිලෝමීටර් 5ක මාර්ගය ඩුබායි නගරය ඔස්සේ ගමන් කළේය.
Dubai Festivals and Retail Establishment (DFRE) හි ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් අල් ඛාජා පැවසුවේ, “‘Mai Dubai’ විසින් ඉදිරිපත් කරන ලද මේ වසරේ ඩුබායි ධාවන තරගයේ අතිවිශිෂ්ට සාර්ථකත්වය දැකීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. විවිධ පසුබිම්වලින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වය සැබවින්ම පිළිබිඹු වෙනවා. ඩුබායි මූර්තිමත් කරන එකමුතුකමේ සහ අන්තර්ග්රහණයේ ශක්තිය සමග ෂෙයික් සයීඩ් මාර්ගය යෝධ ධාවන පථයක් බවට පරිවර්තනය කිරීම සහ ඩුබායි හි සුවිශේෂී ස්ථාන ප්‍රදර්ශනය කිරීම, උත්සවයට අසමසම ආකර්ෂණයක් එක් කරනු ලැබුවා. Dubai Run ලොව විශාලතම ප්‍රජා විනෝද ධාවන තරගය ලෙස එහි ස්ථානය තහවුරු කර ගැනීම ගැන අපි ආඩම්බර වෙන අතර එහි අතිවිශිෂ්ට සාර්ථකත්වයට දායක වූ සැමට අපගේ කෘතඥතාවය පිරිනමමු.”
අල් ඛාජා වැඩිදුරටත් පැවසුවේ, “අතිගරු ෂෙයික් හම්දාන් ගේ සහභාගීත්වය සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සහ ජනතාව අතර සමගිය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා ඔහුගේ නොසැලෙන කැපවීම, අප සැමට සැබෑ ආශ්වාදයක් වී ඇත. අපි මේ වසරේ Dubai Run ජයග්‍රහණය සමරන අතරම, ඩුබායි ප්‍රජාවේ දක්නට ලැබෙන විචිත්‍රවත් ක්‍රියාශීලී ජීවන රටාවක් වැලඳ ගැනීමට ඇති උනන්දුව සහ එයට එක් වීමට තවත් පුද්ගලයින් පෙළඹවීම අපගේ අරමුණයි.”
ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ මහලේකම් සයීඩ් හරෙබ් පැවසුවේ, “Dubai Run කණ්ඩායම නැවත වරක් මිනිසුන් එක්රැස් කර, එකමුතුකම සහ සුහදත්වය පිළිබඳ හැඟීමක් අවුලුවාලීමේ ක්‍රීඩාවේ බලය ආදර්ශමත් ලෙස පෙන්නුම් කර තිබෙනවා. ඩුබායිහි සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීමට එය සාක්ෂියකි. Dubai Run වැනි ඉසව් මගින් ඩුබායි හි ශක්තිමත් ක්‍රීඩා පරිසරයක් ඇති කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. වැසියන්ට සහ සංචාරකයින්ට ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ සුවතාවය වැළඳ ගැනීමට විවිධ අවස්ථා ලබා දෙයි. ඩුබායි ක්‍රීඩා කවුන්සිලය සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ අභිලාෂයන් සපුරාලන තිරසාර ක්‍රීඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී.
අපි Dubai Run සාර්ථකත්වය සමරන අතර ක්‍රීඩාව සහ යෝග්‍යතාවය තුළින් ක්‍රියාශීලී සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ප්‍රජාව අඛණ්ඩව පොළඹවා ගැනීමට බලාපොරොත්තු වෙමු.