එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට රාජකීය සමාව හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේය.
මෙසේ ඔවුන්ට සමාව ලැබී ඇත්තේ අප්‍රේල් මාසයට යෙදී තිබූ රාමසාන් සමය හේතුවෙන් බව අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
මෙම සමාව ලැබී ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇති බව සඳහන්ය. ඒ සම්බන්ධව අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.