Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නවලෝක රෝහල් සමූහය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වෙයි
Sri Lankan news

නවලෝක රෝහල් සමූහය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වෙයි

kumudikaBy kumudikaMay 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති 2024 Best Management Practices Company Awards හිදී කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම Best Management Practices Company Awards සම්මාන උලෙළ තුළින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනයන්හි වර්ධනය හා සාර්ථකත්වය පිළිගැනීමට ලක් කරනු ලැබේ. 2023 වසර පුරා ඒ ඒ සමාගම් විසින් ප්‍රදර්ශනය කරන ලද ආදර්ශවත් නායකත්වය, ප්‍රතිපත්ති උපායමාර්ග, පුද්ගල කළමනාකරණ, සබඳතා, සම්පත්, ක්‍රියාවලි සහ කාර්යසාධනය වැනි සාධකයන් මෙම සම්මානයන් තුළින් ඇගයීමට ලක් කරයි.

මෙම පිළිගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා  “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම කළමනාකරණ භාවිතයන් අනුගමනය කිරීම වෙනුවෙන් නවලෝක රෝහලේ කැපවීම මෙම සම්මානය තුළින් යළිත් තහවුරු වනවා. ඒ වගේම අපගේ වෘත්තීයභාවය හා කාර්යක්ෂම මෙහෙයුම් සඳහා ඉහළම ප්‍රමිතීන්ට අනුව කටයුතු කරමින් රෝගීන් වෙනුවෙන් උපරිම සත්කාරයක් ලබා දීම සඳහා වන අපගේ කැපවීමද මෙම සම්මානය තුළින් මනාව පිළිබිඹු වනවා”  යනුවෙන් පැවසීය.

නවලෝක රෝහල වැනි ආයතනයන් වෙත සිය කළමනාකාරීත්ව භාවිතයන් ඇගයීමට ලක් කිරීම හා වැඩිදියුණු කිරීම වෙනුවෙන් Best Management Practices Company Awards සුවිසල් පිටුවහලක් වන අතර මෙම සම්මානය දිනා ගැනීම තුළින් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරයන්හි සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට ද නවලෝක රෝහල් සමූහය සමත් විය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“සහන Rhythm of Hope” සංගීත සැඳෑව මැයි 11 වන දා
Next Article එමීර් රාජ්‍යයේ ලාංකික සිරකරුවන් 44 කට රාජකීය සමාව
kumudika

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.