Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ජාත්‍යන්තර සාම ත්‍යාගය ඇෆ්ගනිස්තානයේ නිලාට
World news

ජාත්‍යන්තර සාම ත්‍යාගය ඇෆ්ගනිස්තානයේ නිලාට

kumudikaBy kumudikaNovember 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් රජයේ දැඩි පාල­නය යටතේ සියලු අයි­ති­වා­සි­කම් අහිමි වූ එරට දැරි­යන් සහ කාන්තා­වන් වෙනු­වෙන් පෙනී සිටීම හේතු­වෙන් 17 හැවි­රිදි ඇෆ්ගන් දැරි­යක වන නිලා ඉබ්‍රා­හිම්ට ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 2021දී එව­කට තලේ­බාන් සංවි­ධා­නය ඇෆ්ග­නිස්තා­නයේ බලය අත්කර ගැනී­මෙන් පසු සිය පවුලේ සාමා­ජි­ක­යන් සමඟ පාකි­ස්තා­න­යට පලා ගිය මේ දැරිය ඇෆ්ග­නි­ස්තා­නයේ දැරි­යන් හා කාන්තා­වන්ගේ අයි­ති­වා­සි­කම් පිළි­බඳ එව­කට ගැයූ ගීත­යක් ඇගේ සොහො­යු­රකු විසින් පටි­ගත කර සමාජ මාධ්‍ය­ජා­ල­යට මුදා හැර තිබූ බවත්, එම ගීතය ලොව පුරා වැඩි අව­ධා­න­යට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම ගීතය ලොව පුරා කතා­බ­හට ලක්වී­මෙන් පසු ඇය විසින් ගායනා කරනු ලැබූ එවැනි කාන්තා විමුක්ති ගී රැසක් පසුව සමාජ මාධ්‍ය­ජා­ලයේ සංස­රණය වී ඇති අතර, ගී ගයන දැරිය නමින් ඇය ලොව පුරා ඉම­හත් ජන­ප්‍රි­ය­ත්ව­ය­කට ලක්වූ බව ද වාර්තා වේ. සිය විමුක්ති ගීත ලොව පුරා ප්‍රච­ලිත කර­මින් තලේ­බාන් නීතිය යටතේ නිද­හස අහි­මිවූ ඇෆ්ග­නි­ස්තා­නයේ කාන්තා­වන් හා දැරි­යන් වෙනු­වෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 4ක අර­මු­ද­ලක් ගොඩ නැඟී­මට ද නිලා ඉබ්‍රා­හිම් සමත්වූ අතර, නිද­හස අහි­මිවූ ඇෆ්ගන් දැරි­යන් 200කට පමණ රටින් පලා­ගොස් විදෙස් රට­වල අධ්‍යා­පන කට­යුතු කිරී­මට එම­ගින් සහාය ලබා දී ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට සිය සොහො­යුරා සමඟ කැන­ඩාවේ පදිංචි වී සිටින නිලා ඉබ්‍රා­හිම් පසු­ගි­යදා නෙද­ර්ල­න්තයේ ඇම්ස්ට්‍ර­ඩෑම් නුව­රදී ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාග­යෙන් පිදුම් ලැබූ අතර, එම ත්‍යාගය ඇයට පිරි­න­මනු ලැබුවේ නොබෙල් සාම ත්‍යාග­ලා­භි­නි­යක වන යේම­නයේ ටව්කෝල් කර්මාන් විසිනි. ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය පිරි­නැ­මීම ආරම්භ වූයේ වසර 2005 රෝම­යේදි වන අතර, මීට පෙර පාකි­ස්තා­නයේ මලාලා යූසුෆ්, දේශ­ගු­ණික විප­ර්යාස සම්බන්ධ සමාජ ක්‍රියා­කා­රි­නි­යක වූ ග්‍රේතා තන­බර්ග් වැනි ලොව වැඩි අව­ධා­න­යට ලක්වූ දැරි­යන්ට හිමි වී තිබිණි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරුසියා – යුක්‍රේන යුද්ධයට දින දහසක් පිරේ
Next Article ඊශ්‍රායල් ලංකා තානාපති කාර්යාලයටත් රොකට් ප්‍රහාරයක්
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.